අඩි අටක් උසැති, පියෑඹිය නොහැකි, මේ කුරුලූ විශේෂය වත්මන් කුරුල්ලන්ගේ ආදීමයා ලෙස සැලකිය හැකි යැයි විද්යාඥයන්ගේ අදහසයි. මෙසේ හමු වී ඇත්තේ වසර මිලියන 70ක් පැරණි පොසිලයක්. කළුකුමකුට සමාන මේ පොසිලය සමග බිත්තර පොකුරකුත් හමු වී තියෙනවා. ඒ නිසයි මේ සතා කුරුලූ මවක් හෙවත් කිරිල්ලියක් ලෙස හඳුනා ගෙන ඇත්තේ.
මේ සොයා ගැනීම ඩයිනොසෝරයන් කුරුල්ලන් බවට පත් වූයේ කෙසේදැයි තේරුම් ගන්න එක්තරා ආකාරයකින් උපකාර වේවි කියලයි විද්යාඥයන් කියන්නෙ. මෙම ඩයිනොසෝරයා හඳුනාගෙන ඇත්තේ බොනපාටෙන්කියුස් අල්ටිමස් Bonapartenykus ultimus කියායි.
මෙම අස්ථි කොටස් පර්යේෂණයට ලක් කරන පාෂාණිධාතු විද්යාඥ ෆ්නැන්ඩු නොවාස් කියන්නේ අලූත් ම පර්යේෂණවල ප්රතිඵලයක් වශයෙන් ‘වත්මන් ඩයිනොසෝරයන්’ වන කුරුල්ලන්ට ඇති නෑදෑකම පහදා ගන්නට හැකි වන බවයි.
”කාලයාගේ ඇවෑමෙන් ඔවුන්ගේ අත් දඬු දික්වෙලා තියෙනවා. ඒ වගේ ම වේගයෙන් දුවන්න හැකි වන විදියට පාද විශේෂයෙන් සකස් වී තියෙනවා. ඔවුන්ගේ අත් මුලින් යොදා ගෙන ඇත්තේ ගොදුරක් අල්ලා ගැනීමටයි. අවසානයේ දී මේ අත්දඬු පියාපත් බවටත්, ඩයිනොසෝර කොරපොතු පිහාටු බවටත් පත් වෙලා තියෙනවා.” යනු ඔහුගේ අදහසයි.
”මේ දිග අත්දඬු පිහාටුවලින් වැහෙන්න ඇති, මේ විදියට වෙනස් වෙමින් යන්න ඇති. පසු කාලයේ දී උල්කාපාතයක් වැටීම නිසා බොහෝ ඩයිනොසෝරයන් මිහිමතින් අතුගෑවී ගියා. නමුත් මාංශභක්ෂක ඩයිනොසෝරයන් කණ්ඩායමක් ඒ උපද්රවයෙන් දිවි ගලවා ගන්න ඇති. ඔවුන් තමා අද වෙන කොට කුරුල්ලන් බවට පත් වී ඇත්තේ.”
ඔහු කියන විදියට මේ කතාව වසර සිය දහස් ගණනකින් සිදු වූවක් නෙවෙයි. ”මේ කියන්නේ වසර මිලියන 230ක කතාවක්. වර්තමානයේ අප දකින පරවියන්, පැණි කුරුල්ලන්, ගිජුලිහිණියන්, උකුස්සන් ආදී කුරුල්ලන් බිහි වුණේ ඒ ඩයනොසෝරයන්ගෙන්.” ඔහු තවදුරටත් කියනවා.
පාෂාණධාතු විද්යාඥයන් කියන්නේ මෙසේ හමු වී ඇති බිත්තරවලින් මේ නව සත්ව විශේෂ ගැන බොහෝ තොරතුරු හෙළි කර ගත හැකි වන බවයි. මේ නව සත්ව විශේෂය දිගු පා ඇති, වේගයෙන් දිවිය හැකි, අල්වාරෙස්සෞරිද් Alvarezsaurid නම් ඩයිනොසෝර පවුලට අයත් එකක් ලෙස දැන් හඳුනාගෙන තියෙනවා.
පර්යේෂකයන් කියන්නේ මෙම බිත්තර සංසේචනය වී කලලයන් පවා ඒවා තුළ වැඞී ඇති බවයි. සමහර බිත්තර ඩයනොසෝර මව මිය යද්දී ඇගේ කුස තුළ ම තිබී ඇති අතර ඇය විසින් දමන ලද ඒවා ඇගේ පොසිල අසල ම විනාශ නොවී ඒ ආකාරයෙන් ම ඔවුනට හමු වුණා.
දැන් මේ බිත්තර ප්රබල මයික්රොස්කෝප මගින් විශ්ලේෂණය කෙරෙනවා. එහි ඇතැම් ඒවාට දිලීර වර්ගයක් නිසා හානි පැමිණ තියෙනවා.
දැන් විශ්වාස කරන විදියට හොඳින් වැඩුණු මේ ඩයිනොසෝරයකු මීටර 2.6ක් (අඩි 8.5ක්) පමණ ඇති. ඔවුන් ජීවත්ව ඇත්තේ ගොන්ඩිවානාවේ. අතීතයේ මෙසේ හැඳින්වුණේ මේ මහාද්වීපවල දකුණට බර ප්රදේශයයි. අද මෙය ආජෙන්ටිනාවේ රියෝ නෙග්රෝ පළාතේ කොටසක්.
උපුටා ගැනීම: රාම් වණා