දින කීපයක් අප මිදුලේ සහ වත්තේ කරක් ගසමින් සිටි කඵ පූස් පැටවෙකු මාගෙ හබියා විසින් මා හට පෙන්වන ලදී. දරුවන් නිසා යටපත්ව තිබූ පූස් ආලය නැවත අඵත් කරවීමට ඌට හැකිවීම මා හට සිතා ගැනීමට නොහැක්කේ ඌ තනි කඵ ,දිගැටි පූසෙකු වූ නිසාවෙනි.
මා කුඩා කළ සිටම පූස් ලෝලියෙක් වූ නමුත් දරුවන් ළද පසු ඒ අදහස අත් ඇර ගැනීමට සිදු වූයේ දරුවන්ගේ සෞඛය ට පූස් ලෝම ආදිය හොද නැති නිසාවෙනි.
පූස් ආලය අඵත් වීමත් සමග තනි වී සිටි පූසාට ඇරයුම් ලැබුනේ මා විසින් පිසින ලද ආහාර වේලක රස බැලීම සදහායි.නමුත් නිවසේ නොව වත්ත පහල කෙලවරකය.එය එසේ වූයේ දරුවන් දැක්කොත් මෙය කොහෙන් කෙළවර වේදැයි ඇති වූ බිය නිසාවෙනි.
මෙසේ දිනෙන් දින ගෙවී යත්ම පූස් ආලය වැඩිවීමත් සමග දැන් දරුවන් ටිකක් ලොකු බැව් යන හැගීම සිතට ආ නිසාත්, මෙයා අපි හදා ගනිමුදැයි සැමියා නිකමෙට මෙන් කියූ නිසාත් ,කඵ පූසාට ආහාර ලබා දීමට මුඵතැන්ගෙය අසල මිදුලේ පුංචි පිගානක්ද සූදානම් කලේ හිතේ ඇති වූ පූස් අයිතිකරු වීමේ සියුම් ආශාව හේතුවෙනි.
මෙලෙස ටික දිනක් ගෙවී යන ලදී…………
අප දකින විට හැන්ගෙමින් ඈතට දිව යමින් සිටි පූසා දැන් දැන් කකුලේ ඇතිල්ලෙමින් පුරු පුරු ගා අප ආදරය යහමින් බුක්ති විදිමින් සිටී.
මාගේ අවු 3ක් වූ කුඩා පැන්චීට ආහාර කැවීම මා හට ඉතා පහසු වූයේ මේ පූස් මෙවලම නිසාවෙනි.පොල් කොලයක් අතට දී බත් කට කටට දැමූ පසු කොතරම් කෑවාද මොනවා කෑවාද ඇය නොදනී.කෙතරම් සෙල්ලම් බඩු තිබුනද නොමිලේ ලද මේ සෙල්ලම් බඩුව කෙතරම් වටින්නේද යැයි ඔබට සිතා ගැනීමට හැකි වේවිදැයි මට නොසිතේ.
කඵවා ලෙස සුභ නැකතින් නම් තැබූ පසු දරුවන්ගේද අපගේද හුරතලයෙන් මුසපත් වූ කඵවා පුරු පුරු වැඩි වී ප්රෑන් ප්රෑන් ගා අන්තිමට කැස්සක්ද සෑදී නතරවන්නේ අප සැම සිනා ගගුලේ ගිල්වමිනි.
මෙලස අපගේ අලුත් කුඩා දියනිය කඵට අම්මීගෙනුත් තාත්තීගෙනුත ලොකු අක්කාගෙන් හා චූටි අක්කාගෙනුත් ආදර සැලකිලි ආදර බස් හමුවේ සුරතල් වෙමින් සිටී.
ඌට වෙන්වු සැප පුටුවක්ද නිදා ගැනීමට කුඩා කුෂන් එකක්ද ඌ සතුව ඇත.තවද දරුවන්ට අඩු නොමැතිව පිසින ලද මස් මාඵ බිත්තර වලින් කඵවා තුන් වේලම සප්පායම් වේ.
දැන් දැන් කඵවා නිවස තුලට ඇතුල් වේ.ඌ නිවස තුලට ඇතුල් වූ පසු නිවසේ සියඵ දොර ඡනේල වසා නිවස තුල රදවා තබා ගැනීමට මා දරුවන් දෙදෙනා මහත් වෙහසක් දරයි.
එහෙත් ඌගේ ඡන්ම පුරුද්ද වෙනස් කිරීමට නොහැකි ලෙස ඌ කොහෙන් හෝ පැන එළියට යයි.මේ මල වරැසාවේ වුවද කිසිම තැකීමක් නොමැතිව තෙමි තෙමී යන හැටි බලා මේ මොන ගොනෙක්දැයි ගෙදරට වී සැපට ඉන්න බැරි හැටි යැයි මා හට කියවුනේ ඉබේටමය.
අත්තම්මා පවසන්නේ කූඩැල්ලා මෙට්ටය මත තබා ගැනීමට උත්සාහ නොකරන ලෙසයි.අත්තම්මා සුඵ පූස් විරෝධියෙක් වන අතර හතර දෙනෙකු හමුවේ විරුද්ධ වීමට නොහැකිව නිශ්ශබ්දව සිටී.
එළියට ගොස් නැවත විනාවි 10 කින් පමන නිවස තුළට පැමින තෙමී ඇති ලොම් ලෙව කා පිරිසිදු වන අතර දරුවන් සමග සෙල්ලම් කර පැය 1/2 කින් පමන නැවත එළියට යයි.එවිට මාගේ කුඩා දියනිය නලවා ගැනීමට මා හට වි 10 ක් පමන ගත වන අතර ඇඩීම නවතා ගන්නා විට කඵවා නැවත නිවස තුලට පැමිණ ඇත.මේ ආකාරයට දවස ගෙවී යයි.
දරුවන් සමග සෙල්ලමට කැමති කඵවා විටෙක මුඵ සාලය පුරාම නොනවත්වා දිව යයි.එවිට කඵවාට පිස්සු හැදී මුවහත් වී ඇති බව ලොකු දියනිය පවසන අතර එහි තේරුම නොතේරෙන පොඩ්ඩී පූසා මෝහත් වී ඌති බව පවසමින් පුටුවකට නැග ගනී.නිවස පුරා පොඩ්ඩී විසින් ගෙනෙන ලද පොල් කොළ විසීරී ඇත.ප්ලාස්ටික් බෝල කීපයක්ද කඵවා අයිතිකරගෙනය.
අත්තම්මා කණ්ණාඩි නොමැතිව සිටින විට කඵම කඵ කඵවා කලු ගුලියක් ලෙස පමනක් පෙනේ යැයි ඈ පවසයි.එනම් ඇස් කන් නාසා වෙන වෙනම නොපෙනෙන බවයි.
නමුත් සුදු ටයිල් එකේ කැපී පෙනෙන කඵවා පාට කරමුදැයි මා දරුවන් සමග නොයෙක් වර පවසා ඇත.
කැලේ හැදුනත් හොද ගතිගුණ රාශියක් කඵවා සතු වී ඇත.එනම් හොරොන් නොකෑම, සෙල්ලමටවත් සපා නොකෑම,සූරන්නේ නැති වීම ,නිතර පිරිසිදුව සිටීම ආදියයි.
අපි නිදනා කාමරයට පැමිණි කඵවා අපත් සමග ඇදට නැග නිදා ගැනීමට සැරසුන විටදී පශ්චාත් ගාථයට පහරක් එල්ල කලේ තරහට නොව ඌ සාදා ගැනීමේ අරමුණෙනි.සතුන්ට කොතරම් ආදරේ වුවද පිරිසිදු කම ඉහලින් අගයන මා සතුන් මිනිසුන්ගේ තැන ගන්නවාට විරුද්ධ වෙමි.
ඌ මට පේන්නට ඇද ළග පාපිස්සේ නිදා ගෙන මා රවටා මට නින්ද ගිය පසු ඇදට නැග නිදා ගෙන ඇති බව පැවසුවේ පමාවී නින්දට පැමිණි මාගේ සැමියාය.
මෙලෙස දින සති ගෙවී ගිය අතර දරුවන් කඵවා අල්ලන බැවින් රේබීස්(පිස්සු බලු බෙහෙත) විදීමට නිවාඩුවක්ද දමා රැගෙන යන ලදී.









කඵවාගේ අයිතිකාරයා වී උද්ධාමයට පත්වී සිටි මා හට අවසානයේදී අසන්නට ලැබුනේ ඌ අල්ලපු ගෙදර පූසී බවයි.තවද එම නිවැසියන් හා අප අමනාපව සිටින බවද විශේෂයෙන් කිව යුතුය.
උපුටා ගැනීම: Thushari Anuradha