කඳුළින් අවසන් වුණ පෙම් පුවතක් ( පෙම් කතා )

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඇස් වලට කඳුළක් ඉනුවෙ නැතිනම් නුබට හිතක් පපුවක් නෑ සහෝදරයා .😥.
සත්ය කතාවක් ..
……………………………………………………………………….
සංජු අයියෙ ඔන්න ඔයා කියපු විදියටම මම මගේ කියන හැමදේම ඇතෑරල මේ ලංකාවෙන් යනව අයියෙ .
ඇත්තටම තව පැය දෙක තුනයි අයියෙ මට තියෙන්නෙ.
මේ ජීවිතේ තවත් මට නැතිවෙන්න දෙයක් නෑ.
මට කියන හැමදේම මට නැති උනා අයියෙ .
ජීවිතේ අඩියටම වැටිල ඉද්දි නොසිතූ වෙලාවක අහඹුවෙන් දැකපු ඔයාගෙ කතාවක අපි හොයන ජීවිතේ තිබුන.
ඇත්තටම ඒ වචන ඇතුලෙ ගැහැණියකගෙ දාහක් හැඟීම් තිබුන අයියෙ .
ඒක නිසාමයි මම අයියට එදාම කතා කලේ..
ජීවිතේ හරි තීරණයක් ගන්න බැරුව අන්ත අසරණව ඉදපු මට ඔයාගෙ අදහස් ලොකු රුකුලක් උනා අයියෙ .
ඇත්තටම වචන ටිකකට මනුස්සයෙක්ගෙ හැමදේම වෙනස් කරන්න පුළුවන් කියල මට එදා තේරුනා ..
…………………………………………………..
මීට අවුරුදු ගානකට කලින් මම කෙනෙක්ට හුගක් ආදරේ කලා දන්නවද සංජු අයියෙ මගෙ ජීවිතේ උනේ එයා.
අනේ ඒ උනුහුමට මම හුගක් ආස කලා අයියෙ .
පුංචි කාලෙ අම්ම අපිව දාල වෙන රටකට යද්දි ආදරේ කියන දේ පුංචි කාලෙම මගෙන් ගිලිහිලා ගියා.
අයියල දෙන්නගෙයි තාත්තගෙයි ආදරේ මැද මම ජීවත් උනේ.
දන්නවද අයියෙ අදටත් මගේ ලොකු අයිය මැරි කරල නෑ .
එයා මම වෙනුවෙන් එයාගෙ හීන කැප කරනව .
ඒත් මට කොතනදෝ ලොකුවට වැරදුනා අයියෙ .😥.
අවුරුදු හතරක ආදරේ පැයගානකට ඇඳක් උන සින්න උනේ මම ඉකිගගහ අඬද්දි.
ඇත්තටම පුළුවන්ද සංජු අයියෙ ආදරේ කරන කෙනාට එහෙම දෙයක් කරන්න..
හම්බෙන්න එන්න කියුවම කොච්චර විශේෂයෙන්ද අයියෙ යන්නෙ.කොච්චර ආසාවෙන්ද ඒ මූන බලන්න යන්නෙ.
ඒත් අයියෙ කරන්න ඕන දේ බලෙන්ම කරල ඒ දේ වීඩියෝ කලා කියල මාව බය කරද්දි මම කොහොම අසරණ වෙන්න ඇතිද අයියෙ .
කකුල් දෙක අල්ලල වැන්දෙ නැති එක විතරයි.
ඒත් එයාගෙ ගොදුරක් වෙන්න අකමැත්තෙන් උනත් මට එදා සිද්ද උනා අයියෙ .
හුගක් ලස්සන මම චුට්ටක්වත් ආඬම්බර නෑ .
චූටියට කෙට්ටුවට ඉන්න මට එදා ඒ හැඩි දැඩි පිරිමි ශරීරෙ එක්කෙ පොර බදල දිනන්න එදා බැරි උනා සංජු ..
සත්තයි නිකමට හරි එයාගෙ වෙනසක් පෙනුනනම් මම කවදාවත් එයාව හම්බෙන්න යන්නෙ නෑ.
ඒත් එයාගෙ අති ත්රාත්වික රංගනේ පුංචි චරිතයක් වෙන්න අකමැත්තෙන් හරි මට එදා සිද්ද උනා.😥
පුංචි කලේ ඉදන් රැකපු පතිවත කලවදෙක මැද්දෙන් දිය වෙද්දි කෑගහල ඇඬුනෙ ඒ වෙලාවෙ දැනුනු අසරණ කමට.
මගෙ අයිය මලක් වගේ මාව පරස්සම් කරන්නෙ .
එහෙම අයියට මම කෝමද කටක් ඇරල මේව කියන්නෙ අයියෙ .
තාත්ත වගෙම අයියල දෙන්න රජයේ ඉහල තැන් වල ජොබ් කරන අය.
එයාලගෙ නමට මොකද වෙන්නෙ අර කියුව වගේ එයා වීඩියෝ දැම්මනම් ෆේස් බුක්.
ඇත්තටම අදටත් මම දන්නෙ නෑ එහෙම වීඩියෝ ඇතිද කියන්න ඒත් මේ කිසිම දෙයක් මගෙ කැමත්තෙන් උනේ නෑ අයියෙ .
කියන්න මම කෝමද වැරදිකාරියක් වෙන්නෙ.
පන ඇරල ආදරේ කරපු එකද වරද.
නැතිනම් ඔයාවත් මට කියන්න සංජු එයාට ඕන දේ මගෙන් බලෙන් ලබාගද්දි මම කොච්චර දුකක් විඳින්න ඇද්ද.
රූම් ගියානම් දුක නෑ අයියෙ .
එයාගෙ ගෙදරටම ගිහින් මට මේ දේ උනා කියුවම කවුද අයියෙ විශ්වාස කරන්නෙ..😥.
ගෙදර කවුරුත් නැතිවෙනකම් ඉදල එයා මට එන්න කියුවෙ මේකට කියල මට හිතුනෙ හැමදේම උනාම සංජු .
ඔයා කියුවෙත් පව් නංගී උබ කියල.ඒත් ඔයා කියුව මම මෝඩ නෑ කියල ඒ ටිකම මට ඇති අයියෙ .
මම කවදාවත් මෝඩ උනේ නෑ අවුරුදු හතරක් ආදරේ කරල අතින් විතරක් අල්ලපු පිරිමිය මගේ ඇස් දෙකටත් වඩා මම විශ්වාස කලා.
ගෙවල් දෙකෙන්ම කැමතිවෙලා තියෙද්දි බලෙන් මට මෙහෙම කරන්න හේතුව මොකක්ද අයියෙ .
ඇත්තටම මට හැමදේම උනාමයි ඒ දේ තේරුනේ.
කතාකරද්දි හරිම ආදරනීය විදියට කතා කරන එයා මේ තරම් අසික්කිත වැඩක් කරයි කියල හීනෙකින්වත් හිතුවෙ නෑ සංජු මම.
නූලෙන් ගිලිහෙන සරුංගලයක් වගේ මටත් නොදැනිම එයාගෙ අතින් ගිළිහිලා එයාගෙම හුලගට මාව පාවෙලා ගියා අයියෙ.
අද එයා වෙන කෙනෙක්ගෙ තුරුලෙ ඉද්දි මම කෝම සැනසෙන්නද කියන්න මට උත්තරයක් ඕනිමයි නුබ වන් උතුම් කෙනෙක්ගෙන් අයියෙ ..
……………………………
සමහර විට කතා ලියන මමත් නිරුත්තර වෙන වචන තියෙනව නංගී …
අපි ඒව අහමු කතාව බලන දහස් ගානක් අයගෙන්.
………………………………………..
මට එයාට ශාප කරන්න බෑ සංජු මට මොන දේ උනත් මම ආදරේ කලේ එයාට .
ඒ කියල මට වැඳ වැඳ එයාගෙ පස්සෙන් යන්න බෑ.
ආදරේ කියන දේ හිගමන් යැදල ගන්න ඕන දෙයක් නෙමෙයි කියල එයාමයි මට කියල දුන්නෙ අයියෙ .
ඒත් එයාම අද මට කියනව උබට ඕනිනම් මගේ හොර ගෑනි විදියට ඉදපන් කියල.ඉහි.ඉහි.ඉහි…ඉහි..
බිරිඳ වෙන්න ඉදපු මන් කෝමද අයියෙ එයාගෙ හොර ගෑණි වෙන්නෙ.
එහෙම කලොත් එයාගෙ කසාද බිරිඳට මම වංචාවක් කලා වෙනව නේද.
එයත් මන් වගේම ගැහැණියක් නේද සංජු .
මන් අඬන්නෙ නෑ අයියෙ සමාවෙන්න ඒත් මට ඇඬෙනව ආදරෙයි මගෙ පන කියපු කටින්ම එහෙම කියද්දි කෝමද අයියෙ කෙල්ලෙක් උන මම ඉවසන්නෙ.
අවුරුදු දහනමයක් වෙද්දි ජීවිතේ නැත්තටම නැති උනාම කෝම ඉවසන්නද .
ඒකමයි මම එදා මැරෙන්න ගියේ ඒත් මගෙ පූරුවෙ කල පවකට මම තාමත් ජීවිත් වෙනව අයියෙ ..😥.
ටික කාලයක් යද්දි අංගොඩ මාව නවත්තද්දි නෑදෑයන් හැමෝම කියුවෙ ඕකිට පිස්සු කියල.
අනේ මම හිතල පිස්සු වැටුනද අයියෙ ..
තාමත් සයිකො ලොජික් බේත් කරන මම ඇත්තටම මැරි මැරි ජීවත් උනා මේ ලගක් වෙනකම්.
ඒත් අහඹු ලෙස මගේ ජීවිතේට තවත් කෙනෙක් ආව අයියෙ .
එයා ඇත්තටම දෙවි කෙනෙක් එයාට මගෙ අතීතයෙන් වැඩක් නෑ කියුව .
එයා අදටත් මම වෙනුවෙන් මැරෙන්න උනත් ඉන්නව.
ඒත් ගිය ආත්මෙ කරපු මොකක්දෝ ලොකු පවකට මට ඒ ආදරෙත් උරුම නෑ අයියෙ .ඉහි.ඉහි.ඉහි..
එයාගෙ අම්ම මට කැමති නෑ එයාල කියනව වටේ ගියපු එකියක් ලේලි කරගන්න අපිට බෑ කියල..
මම කාත් එක්කද අයියෙ වටේ ගියේ .
මගෙ කැමත්තෙන්ද ඒම උනේ..
පොලිසියට යන්නෙ කෝමද.
මගෙ අයියගෙ යාලුවොන්ට එයා මූන දෙන්නෙ කෝමද .
එයා එතන ලොක්කෙක්.
මම කෝමද සමාජෙට යන්නෙ මම අසරණයි සංජු මම අසරණයි .😥
දැන් ආදරේ කරන කෙනාගෙ අම්ම මගෙන් එයාගෙ පුතාව ඉල්ලද්දි මම කෝමද හිත හදන් එයාට ආදරේ කරන්නෙ..
පවුකාර මට ආදරේ උරුම නැති උනාට.
ඒ අම්මට එයාගෙ පුතා වටිනව නේද සංජු .
එයා මට පැනල යන්න කතා කරද්දි ඒ කතාව මග ඇරියෙ හුගක්ම අමාරුවෙන්.
ආදරේ නාමයෙන් අපි පැනල ගිහින් සතුටින් ඉදියත් එයාගෙ අම්ම හැමදාමත් මට දෙස් තියයි.
මමත් කවද හරි අම්මෙක් වෙයි එත කොට මට එහෙම උනානම් දැනෙන දුක මොකක්ද සංජු .
අන්න ඒ දුකම ඒ අම්මටත් දැනෙයි නේද .
එහෙම උනානම් මම තරම් පවුකාරියක් ලෝකෙම නැති වෙයි.
හිතේ උපන් ආදරේ උපන්ගෙයිම වල දාල මේ හැමදේම ඇතෑරල අම්ම ගාවට යන්න යද්දි ඔයයි මට කියුවෙ අයියෙ එක පාරක් එපා කියල ගියපු අම්ම උනත් එපා කියල.
ඇත්තටම එහෙම වචනයක් නුබේ මුවින් මම බලාපොරොත්තු උනේ නෑ අයියෙ .
ඒත් මගෙ අයියගෙ හීන ගැන හිතල මම ඔයා කියපු විදියටම අයිය එක්ක මේ ගැන කතා කලේ.
අංතිමට අයියගෙ තීරනේ උනෙත් මාව ලංකාවෙන් යවන එක.
ඇත්තටම යුරෝපයට යන මට නොයෙකුත් දේ හම්බෙයි ඒත් ආදරේ කියන දේ උපන් දා ඉදන් මට උරුම නෑ සංජු .
සල්ලි වලට කරන්න පුළුවන් දෙයක් නෑ කියල මට දැන් තේරෙනව අයියෙ .
අපෙ තාත්තල කොච්චර සල්ලි හෙවුවත් වැඩක් නෑ එයාලට ඉදපු එකම දුවගෙ ජීවිතේ නැත්තටම නැති වෙද්දි.
මගේ අයියගෙ කීමට කාටත් හොරාට ලංකාවෙන් යන මට මගේ ආදරේ උනත් ශාප කරයි ඒත් සංජු ඔයා කියුව වගේ සියල්ල අත් හරින්න පුළුවන්නම් එයයි නේද සැබෑ ආදරේ ..
බුදුන් උනත් දේශනා කලේ සියළු දේ අත් හරින්න සියල්ල අනිත්යයි කියල නේද ..
එහෙනම් සංජු මගෙ කතාවත් ලියුවට නුබට පිං.
වචනෙකින් හරි උදව් කලාට අනේක වාරයක් ස්තූතියි .
වෙලාව හරි අයියෙ මම යන්නම් ආයෙ කවදා මගේ මේ රට දකින්න හම්බෙයිද දන්නෙ නෑ.
ඒත් මම අයියට පොරොන්දු වෙනව ආපහු කවමදාවත් මෝඩ තීරන ගන්නෙ නෑ කියල..
බුදු සරණයි ..
……………………………………………………
වලාවකින් සඳ වැසී ගියා
බොල් අහසේ.
සිනා පහන් වැට නිවී ගියා
සඳ සෙවනේ.
ඔබට මා ආදරය කල බව මෙතරම්.
මා දමා ඔබ දුරු රට
යන තුරු නොදනිම්.
ඔබට මා ආදරය කල බව මෙතරම්.
මා දමා ඔබ දුරු රට
යන තුරු නොදනිම්.
………………………………………………………..
තව පුංචි වෙලාවකින් තියෙන ශ්රී ලංකන් එයාර්ලයින් එකට අයත් ෆ්ලයිග්ට් එකකින් ඒ නංගී මේ රටින් යන්නම යනව.
ඇත්තටම මගෙ හිතෙත් පුංචි දුකක් තියෙනව ඒ ඇයිද කියල මම දන්නෙත් නෑ.
ඒත් ඒ කෙල්ල විඳපු දුක් ගොන්න සුරංගනා විදියට ලියන්න මට හිත දුන්නෙ නෑ.
මොකද මගේ විදිය මේක නිසා.
සුරංගනා විදියට ලියන කතා ඇතුලෙ ජීවිතේ හොයන්න හරි අමාරුයි ඒකයි.
දවස් ගානක් තිස්සෙ ලියන කතාව නවත්තල දවස් දෙකක් තිස්සෙ හිතුවෙ මේ කඳුළු වලට කෝමද සාධාරණයක් කරන්නෙ කියල .
නංගී ඔයාගෙ කඳුළු වලට සාධාරණයක් නොවුනනම් කකුල් දෙක අල්ලල සමාව උනත් ගන්නව මට වඩා අවුරුදු අටක් විතර බාල නුබගෙන් ඒකට මට පව් නෑ කෙල්ලෙ.
බුදු සරණයි පරිස්සමෙන් ඉන්න හැමදාමත් .
මේක බලපු අය ලෝබ නැතුව කමෙන්ට් එකක් දාන්න ඒ කෙල්ලගෙ හිත හරි ටිකක් හදාගන්න.
තවත් නැතිවෙන්න දෙයක් නැති ඒ කෙල්ලට ඉතුරු පන ගැහෙන ශරීරෙ විතරයි .
තමන්ගෙ අයියගෙ හීන වෙනුවෙන් ජීවත් වෙන.
හදවත මැරුනු ඒ පන ගැහෙන ශරීරෙට අපි පුංචි හරි හයියක් වෙමුද එක වචනෙකින් හරි.
ඒක නිසා පුලුවන්නම් කමෙන්ට් එකක් දාන් යන්න…
…………………………………………………………තවත් කෙනෙක්ගෙ කඳුළු කතාවක් මෙසේ නිම විය..
නිහතමානී ලෙස හැමදාමත් වගේ නිහඬව ලියපු මම සංජු මදුශාන් .
නිහඬ රචකයා …✍️✍️
       උපුටා ගැනීම :  සංජු මදුශාන්

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!