කන්න ගිහින් හිරබත් නොකා අනූ නාමයෙන් බේරීම (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
–මේකත් ඔන්න ඇත්ත කතාවක්. නම් ගම් පොඩ්ඩක් වෙනස් කරා වෙනද වගේම, හරයට වෙනසක් නොවෙන්න–
මේක උනෙත් මම කොල්ල කාලේ, දැන් අවුරුදු ගානකට කලින්. මගේ ඉතින් යාලුවෝ ඉන්නවනේ ලංකාවේ ගොඩක් පැති වල. ඔන්න මගේ යාලුවෙක්ගෙ අක්ක කෙනෙක්ට බබෙක් හම්බුනා. අනිත් අක්කලට වඩා මෙයා ඉතින් අපිට සමීපයි. අපි විශ්ව විද්යාලේ ඉන්නකොට මේ අක්ක අපි ලගම බෝඩිමක හිටියේ. අනේ ඉතින් ගමේ ගිහිල්ල එනකොට අපේ බඩ ගෙඩි පුරවන්න තඩි බත් එකක් අරගන එනවා. කියද්දීත් රස මතක් වෙලා කටට කෙල උනනවා.
අක්ක හිටියේ ඉතින් අපි ඉන්න පැත්තේ නෙවෙයි. පැය කීපයක් වාහනෙක යන්න ඕනේ පැත්තක. ඔන්න ඉතින් මමයි මගේ යෙහෙලියකුයි (අපි එයට නිකිණි කියමු) ගියා බලන්න අක්කව. අය ඉතින් ගියේ කෙලින්ම ඉස්පිරිතලේටම තමයි. මම තමයි රියදුරු. ඉස්පිරිතාලේ තිබ්බේ ලංකාවේ ප්රධාන නගරයක. අපි ඉතින් බබාව යි අක්කවයි බලල ගෙනිච්ච තෑගී එහෙම දීලා ආව එලියට. දැන් අපිට බඩගිනි. දැන් නිකිණි කියනවා එයා දන්න හොද කඩයක් තියනවා කන්න, රසයි කෑම කියල. ඔන්න ඉතින් ඔය කියපු එකත් හොයාගන ගියා අපි. ඇතුලේ කන්න බැහැ එදා මොන මගුලකට හරි ඇතුලේ අලුත්වැඩියා එකක් කරනවා. වෙන එකකින් කන්නත් බෑලු නිකිනිට, මේකෙන්ම කන්න ආසයිලු. මම ඉතින් බබා බලන්න ඇවිල්ල මේකිට දොළ දුක් හැදිලා කියා කියා විහිලුත් කර කර කඩේ ඉන්න කෙනාගෙන් ඇහුව දවල්ට කන්නම විදියක් නැද්ද කියල.
කඩේ වේටර් කියනවා මහත්තයා ෂෝට් ඊට්ස්ව, බර්ගර් වගේ නම් තියනවා අරගන ගිහිල්ල කන්න පුළුවන් කියල. මොනවා කරන්නද ඉතින් ගෑනු ඕනේ කිවොත් ඔනෙමනේ. අල්ලපු කඩේ දුම් දාන බත් තියෙද්දී ඔන්න ෂෝට් ඊට්ස් වගේකුයි, බර්ගර් වගේකුයි අරගන ආව. දැන් කොහෙද කන්නේ. අය දුවල ගිහිල්ල වතුර එකකුත් අරගන ආව වාහනේට.
ඔන්න නිකිණි අයෙත් පටන් ගත්ත ඒ පැත්තේ දැනුම බෙදා හරින්න. “අනේ මෙහෙ තියනවා ලස්සන වැවක්. මේ ලග, එතන කන්න පුළුවන්” හරි ඔන්න දැන් වැව හොයාගන පලයන්කෝ.
ඔන්න කොහොම හරි ගියා. වැව හොයාගත්ත. කිව්වා වගේම ලස්සනයි. නගරේ ඉඳල වැඩි දුරක් එහෙමත් නැහැ. ඔන්න ඉතින් අපි වාහනේම ඉදගන කන්න ගත්ත.
මෙන්න එකපාරම වාහනේ වීදුරුවට කව්ද තට්ටු කරනවා.
පොලිසියෙන් දෙන්නෙක් ඇවිල්ල.
මම ඉතින් බැලුව මොන නවත්තන්න තහනම් තැනක්ද කියල. නෑ දෙපැත්තේම වාහන නවත්තල තියනවා. කට්ටිය වැව වටේ ඇවිදිනවා, අයිස් ක්රීම් කනවා, කිසි ප්රශ්නයක් නැතුව.
මම ඉතින් ඇයි කියල ඇහුව. එක පොලිසියේ මහත්තයෙක් කියපි “මේ, මෙතන කපල් වලට ඉන්න දෙන්නේ නෑ, යන්න මෙතනින්”
මම කිව්වා ඉතින් අපි කාල යන්නද කියල. ඒ පාර පිටිපස්සේ හිටිය කෙනා කියපි ” බෑ බෑ ඔතන ඔයාල කන එක නෙවෙයිනේ කරන්නේ” කියල.
මම ඉතින් අතේ තිබ්බ කෑම පෙන්නුවා.
අරය ඊලගට කියනවා “යන්න යන්න වෙන කොහේ හරි ගිහිල්ල කන්න. නැත්නම් දෙන්න දෙන්නගේ අයිඩෙන්ටි කාර්ඩ් දෙක. නඩු දාන්න වෙනවා දෙන්නට ප්රසිද්දියේ අසභ්ය විදියට හැසිරෙනවා කියල”
මම බැලුව මේ මොන මගුලක්ද කියල. මම ඉතින් මේ කෑම එකක් හඬ පොලිසි ගානේ රස්තියාදු වෙන්න බෑනේ කියල යන්න හැදුවේ.
නිකිණිට ඉතින් මේ වෙද්දී ටිකක් තද වෙලා තිබ්බේ. කොහොමත් එයාට ඉතින් ඔය වගේ දේවල් පෙන්නන්න බැහැ. (මිට කලිනුත් සමහර අසාදාරන වැඩ වලට විරුද්දව කතා කරන්න ගිහිල්ල නිකිණි පරිප්පු එහෙම කාල තියනවා, ඒ කතා පස්සේ දාන්නම් නිකිනිගෙන් අවසර අරගන).
නිකිණි ආව එලියට වාහනෙන්. ඇහුව “මොකද්ද ඔය මහත්තයාගේ නම” කියල. පොලිසියේ දෙන්නගෙන් එක්කෙනෙක් කිව්වා මොකක් හරි නමක් (නම කිව්වා නෙවෙයි කියවුනා වගේ කියල මට හිතුනේ අහපු විදියට). මතක නෑ දැන් ඒ කිව්වා නම. නිකිණි ගත්ත ෆෝන් එක. කතා කරා එයාගේ යාලු වෙලා හිටිය කෙනාට (අපි කියමු එයාට මලිත් කියල).
මට කියන්න බැරි උනා, එයා නීතිඥයෙක්, ඒ දවස් වල ලංකාවේ ප්රසිද්ද නීතිඥයෙක්ගේ ලග වැඩ කර කර හිටියේ.
නිකිණි කියනවා (අර පොලිසියේ යට ඇහෙන්නම) “මලිත් අපි මේ අක්කව බලල කෑම කන්න වැව ගාවට ආව, පොලිසියේ මහත්තයෝ දෙන්නෙක් අපිට මෙතන ඉදල කෑම කන්න තහනම් කියල නඩු දාන්න යනවා… (තව විස්තර ටිකක් කිව්වා, අරය අහන ප්රශ්න වලට උත්තර දෙන්න)” මම ඉතින් අතේ තියන රෝල් එක කකා බලගන ඉන්නවා (බාගෙට කාපු එක ඉතින් තියන්න තැනකුත් නෑනේ).
නිකිණි ෆෝන් එක දුන්න පොලිසියේ මහත්තයෙකුට, “මෙන්න මම බදින්න ඉන්න කෙනා කතා කරනවා මහත්තයට.” .. පොලිසියේ පොර බයෙන් වගේ “මහතය මෙයාල මෙතන ඉන්න දෙන්න බෑ, මෙතෙන්ට පොඩි ළමයි එනවා” කිව. අරය මොනවා හරි කියන්න ඇති, අහුන්නේ නැහැ. දැන් අපිට ඇහෙනවා ඔය ෆෝන් එකෙන් කතා කරන දේවල්, “නෑ මහත්තය අපි දැක්කේ නෑ.. දන්නේ නෑ මහත්තය.. ගොඩක් අය මෙතෙන්න ඇවිල්ල කරන්නේ පොඩි අයට බලන්න බැරි දේවල්… නැහැ මහත්තය එහෙම දැක්කේ නැහැ… හරි සර්.. කමක් නැහැ එහෙම ඕනේ වෙන එකක් නෑ .. ” (පටන් ගත්තේ මහත්තය, ඉවර උනේ සර් ගෙන්)
ඉතින් ඊට පස්සේ ෆෝන් එක නිකිනිට දීල, මැඩම්ලා කාල යන්න එහෙනම් කියල ගියා යන්න.
අපි ඉතින් කකා මලිත්ට කෝල් එකක් ගත්ත අය. එයා කියල තියෙන්නේ මොකද්ද ප්රශ්නේ, මොකද්ද නීති විරෝදී දේ නිකිණි මමයි කරපු, ප්රසිද්ද තැනක නිකන් ඉන්න ඕනේ කෙනෙක්ට අයිතියක් තියනවා. අනන් මනම් දේවල් ටිකක් (ඉස්සරලම මෙයා නීතිඥයෙක් කියල හදුන්වල දීල). අන්තිමට කියල ඕනෙම නම් ඇරස්ට් කරන්න දෙන්නව කියල. ඇරස්ට් කරේ නැහැනේ, ඉතින් අපි කාලා ආව.
මේක ඉතින් මට විතරක් උන සිද්දියක් වෙන්න බැහැ. ලංකාවේ ගොඩක් තැන් වල ආදරවන්තයෝ දෙන්නෙක්ට (අපේ සිද්දියේදී නම් ගැහණු පිරිමි යාලුවෝ දෙන්නෙක්ට) එකට ඉන්න දෙන්නේ නැහැ. දෙන්නෙක්ට නිදහසේ කතා කරන්න, කෑමක් කන්න ඇවිදින්න තැනක් නැහැ. උද්යාන හදල තියනවා, නමුත් ඒවාට යන්න දෙන්නේ නැහැ. ගියොත් ගන්නවා කප්පම්. වෙරළකට යන්න දෙන්නේ නෑ, එතන ඉන්න එවුන්ගේ පිස්සු බලන්න ඕනේ.
මට මතකයි මගේ යාලුවෙක් කියපු දෙයක්, එයා එයාගේ පෙම්වතිය සමග දවසක් ඇවිදින්න ගිහිල්ල නගරයේ. යම් යම් කඩවල් වලට එහෙම ගිහිල්ල එක එක දේවල් ගන්නත් එක්ක. ඉතින් පෙම්වතිය මෙයාගේ අත අල්ලගන ගිහිල්ල තියෙන්නේ. ලගට ආව මනුස්සයෙක් මේ දෙන්නට බැනල පොඩි අය නරක වෙනවා කියල. මෙයා කරපු දේ වැරදිද? අල්ලගන යන්න තහනම් ද? තව යාලුවෙක් ලංකාවේ ප්රසිද්ද වැවක් ලග මේ විදියටම පෙම්වථීය සමග ඇවිද ඇවිද ඇවිද ඉදල. මෙතෙන්ට හාමුදුරු නමක් ඇවිල්ල මේ දෙන්නට බැනල “සංස්කෘතියට විරුද්දයි” කියල. එතනින් පස්සේ මේ දෙන්න හමුවෙලා තියෙන්නේ එක්කෝ ගෙදර එහෙම නැත්නම් මොකක් හරි හෝටලයක, කාගෙවත් බාදාවක් නැති තැනක.
මම දැක්ක එක සැරයක් පත්තරේක තිබ්බ ලංකාවේ එක ප්රසිද්ද නගරයක් ලග තියන කන්දක ඇවිදින්න ගිය පෙම්වතුන් දෙපලකගේ පෙම්වතියට එතෙන්ට ආව පොලිස් නිලදාරියෙක් අතවර කරලා තිබ්බ. තව වෙරල පැති වල ඔය වගේ දේවල් ඕනේ තරම් වෙනවා. දැන් හිතන්න ඔය කියන පෙම්වතුන් දෙපලකට නගරයේ හෝ වෙනත් පාලු නොවන උද්යානයක හරි වෙනත් තැනක හරි එකට හමුවෙන්න, කතා කරන්න අත්වැල් අල්ලගන යන්න අවශ්ය පසුබිම තිබ්බ නම්, ඔවුන්ට ආරක්ෂාකාරීව ඉන්න පුළුවන්නේ. මට මතකයි ඔය කලින් කීව කන්දක ඇවිදින්න ගිය කතාවේ, පත්තරේ කියල තිබ්බ එම නගරයේ තියන නාගරික උද්යානයට යුවල් වලට ඇතුල් වෙන්න දෙන්නේ නැහැ කියල. ඉතින් මේක හන්ද යාලු දෙන්නෙක්ට එක්කෝ කොහේ හරි පාලු පැත්තකට යන්න වෙනවා හම්බෙන්න හෝ කතා කරන්න, එතැනදී තව ඔවුන් සමහර අවස්ථා වල අතවර වලට ලක්වෙනවා. එහෙමත් නැත්නම් හොරු මංකොල්ලකාරයෝ ඉන්නවා. එහෙම නැත්නම් කපල් එකට යන්න වෙනවා කොහේ හරි කාමරේකට.
මම දැක්ක තව එක සමාජ විද්යාඥයෙක් ලියපු ලිපියක තිබ්බ ලංකාවේ “can piss in public but not kiss” කියල. ඇත්තටම මේකේ අනිත් පැත්ත නේද වෙන්න ඕනේ.
ලංකාවේ කියන්නේ ඉතින් විවාහ වෙලා “ජාතිය ගොඩනගන්න” ළමයි හදන්න කියල (මම මේ ළමයි නිකන් ඔහේ ගණන වැඩි කරන්න හදන එක ගැන නම් එකග නැහැ, ඒක ගැන පස්සේ කතා කරමු.). ඉතින් දෙය්යනේ මේ අයට තේරෙන්නේ නැද්ද විවාහ වෙලා ළමයි හදල සාර්ථක පවුල් ජිවිතයක් ගෙනියන්න අත්යවශ්ය දෙයක් දෙන්නෙක් අදුනාගැනීම සහ ආදරය කිරීම කියන එක. තව දෙයක් සමහරු කියයි, පොඩි ළමයි (ඉස්කෝලේ යන ළමයි එහෙම) එතකොට පාරවල් වල එහෙම ඇවිදින්න ගනීවි නේ ආදරය කරන්න කියල. එකට මගේ අදහස ඉස්කෝලේ කාලේ ආදරය කිරීම වරදක් නෙවේ. අනික පාරවල් වල හරි වෙනත් පොදු ඇසට ලක් වෙන තැන් වල කපල් හිටියට එයාලට වෙන අනවශ්ය දේවල් කරන්න බැහැනේ. (මෙතෙන්ට තව ලිංගික අධ්යාපනය වගේ දේවල් එකතු වෙනවා, ඒවා පස්සේ දවසක කියන්නම්)
මෙතන ඒ ඒ පැති වල ඉන්න පොලිස් නිලදාරීන්ගේ විතරක් වරදක්වත්, එහෙම නැත්නම් ඒ ඒ උයන් වල ඉන්න පාලකයන්ගේ විතරක් වරදක් නෙවෙයි, මේක සමාජයේ තියන ආකල්ප වල තියන ප්රශ්නයක් මම හිතන්නේ.
රටේ ආදරය කරන්න තැනක් නැහැ කිවම දුක හිතෙනවා. හැමෝටම තමන්ගේ ගෙවල් ඇතුලේ හම්බෙන්න බැහැනේ, අනික ඕනේ කෙනෙක් කැමතිනේ තමන්ගේ ආදරය කරන කෙනා එක්ක කොහේ හරි යන්න, ජීවිතය විදින්න.
උපුටා ගැනීම: Tilina Herath

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!