“කාරා” කියන්නේ අවුරුදු 5 ක් වයසැති බෙංගල කොටියෙක්. ඉතාලියේ විශාල වත්තක නීති විරෝධීව ඇති කරද්දි එයාව බේරගන්නේ 2013 අවුරුද්දේ. ඊට පස්සේ කාරා ජර්මනියේ සතුන් වත්තකට යැවුවා.
කාරා ට සෙල්ලම් කරන්න දීලා තියෙන සෙල්ලම් බඩුවක් හපන්නට යද්දි එයාගේ කටේ උඩු ඇන්දේ දිග දත් දෙකෙන් එකක් කැඩිලා කියලා සතුන් වත්තේ භාරකරුවෝ දැනගත්තේ පහුගිය අවුරුද්දේ අගෝස්තු මාසයේ.
ඉතිං කාරා ගේ කැඩුණු දත වෙනුවට බොරු දතක් දාන්න ඕනේ කියලා ඔවුන් තීරණය කළා.
ඩෙන්මාර්කයේ දත්ත විශේෂඥයෝ කණ්ඩායමක් කරා වෙනුවෙන් බොරු දතක් නිර්මාණය කළා. ඒ සඳහා ඔවුන් යොදා ගත්තේ රත්තරන්.
දත කරාගේ කටට සවි කරන්න සැත්කම් දෙකක් කළා. පළවැනි සැත්කමට පැය 2 කට වැඩියෙන් ගියා. දෙවැනි සැත්කමට පැය එකහමාරක් ගියා.
කොහොම හරි දන්ත විශේෂඥයෝ කණ්ඩායම ඉතාමත් සූක්ෂම විදිහට කරාගේ කැඩුණු දත ගළවලා ඒ තිබුණු තැනට අලුතින් හදපු රත්තරන් දත සවි කළා. ඒකට විශේෂිත ගම් වර්ගයක් සහ පාර ජම්බුල ආලෝක (UV light) තාක්ෂණය යොදා යොදා ගත්තා.
අවසාන සැත්කමෙන් සති තුනකට පස්සේ අලුත් දතට කාරා සම්පූර්ණයෙන්ම හුරු වුණා. දැන් එයා පරණ පුරුදු විදිහට ජීවත් වෙනවා.
මිනිස්සු කොටසක් සත්තු මරණ කොට තවත් මිනිස්සු කොටසක් සතුන්ව රැකගන්න ඔවුන්ට පුලුවන් හැමදේම කරනවා.
– අනිල් කරුණාරත්න –