වර්තමානයේ ලෝකයේ බැංකු පද්ධතිය, වියාපාර පද්ධතිය වැනි දැවැන්ත ක්ෂේත්‍රයන් වැඩ කාර්යභාරයන් ඉතාමත් ප්‍රශස්ත සිදු කර ගැනීම ආර්ථික තත්වය,මූල්‍යමය දැනුම ගණිතමය ක්‍රියාවන් ඔස්සේ සිදු කර ගැටළු වලට විසඳුම් සෙවීමේ ක්‍රම අධ්‍යයනය කිරීම සඳහා හඳුන්වා දී තිබෙන ලොව ඉහළම ඉල්ලුමක් සහිත රැකියාවන් අවස්ථා සඳහා දොරටු විවර කරන විශිෂ්ට උපාධි පාඨමාලාවක් වශයෙන් කර්මාන්ත සංඛ්‍යානය සහ ගණිතමය මූල්‍ය උපාධිය හැඳින්විය හැක.
කර්මාන්ත සංඛ්‍යානය සහ ගණිතමය මූල්‍ය ක්ෂේත්‍රය යනු …
මෙහි මූල්‍ය ගණිතය වැනි ක්ෂේත්‍රයන් වල යෙදිය හැකි ගණිතයමය සහ සංඛ්‍යාන ශිල්පීය ක්‍රමයන් පිළිබඳව අවශ්‍ය දැනුම සහ අවබෝධය ලබාදීම සිදුකරයි.ඒ වගේම මූල්‍ය න්‍යාය සහ ආර්ථික න්‍යායන් පිළිබඳ ව විශ්ලේෂණය කරමින් සංඛ්‍යා ලේඛණ සමඟ විසඳීමේ ක්‍රියාවලිය පිළිබඳව ඉහළ දැනුමක් සහ පරිපූර්ණ කුසලතාවයක් ලබාදීමෙන් මෙම පාඨමාලාව ඔස්සෙ සිදුකරයි.

කොළඹ විශ්ව විද්‍යාලය මගින් පවත්වනු ලබන කර්මාන්ත සංඛ්‍යානය සහ ගණිතමය මූල්‍ය උපාධි පාඨමාලාව මගින් සිසුන් හට අවබෝධය මෙලෙස ලබා දීම සිදු කරයි…
- කර්මාන්තයන් ආශ්‍රිතව සිදු කෙරෙන යෙදුම් පිළිබඳ ව ඉහළ අවධානයක් යොමු කිරීම සහ ඒ ඔස්සේ ගැඹුරු දැනුමක් සිසුන්ට ලබා දීම.
- කර්මාන්ත වල ගැටලු විසඳීම සඳහා සිසුන්ට ප්‍රායෝගික කුසලතාවයක් ලබාදීම.
ඒ වගේම මෙම උපාධිය හැදෑරීමෙන් පසුව වෘත්තිකයෙකු හට පහත සඳහන් කුසලතා තමන් තුළ වැඩි දියුණු කර ගත හැක.
- ඉතාමත් විශ්වාසනීය ලෙස සැඟවුණු තොරතුරු නිස්සාරණය කර ගැනීම.
- ඉතාමත් විශ්වාසදායක සහ වගකීම් සහගත ලෙස දත්ත විශ්ලේෂණය කිරීම.
- ඉතාමත් හොඳ තීරණ ගැනීම සඳහා ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු විශ්ලේෂණ සිදුකිරීම.
- වඩාත් නිර්වද්‍ය ලෙස අනාවැකි සහ නියම විශ්ලේෂණය කිරීම.
- විද්‍යාත්මක ලෙස ඔප්පු කරනලද ගණිතමය සහ සංඛ්‍යානමය ශිල්පීය ක්‍රමයන් ඉතාමත් විශිෂ්ට ලෙස යොදාගනිමින් ගැටළු සාර්ථකව විසදීම.
ඔබට මෙම උපාධි පාඨමාලාව ඔස්සේ හැදෑරිය හැකි ප්‍රධාන විෂයන්…

- Statistics
- Economics ,Finance and Insurance
- Quality Management/Project Management
- Accounting
- Database Systems
- Scientific Writing
- Data Science
- Risk Management