අක්කාගේ මගුලෙන් සෑහෙන්න කලකට පසු මාහට කසාදයේ තොන්ඩුව දැමීමට ගෙදර උන් මාන බලනා බව මට කීවේ චුට්ටේය. එය තහවුරු වූවේ අල්ලපු ගමේ සේතං කපුවා දිනක් අපේ ගෙදර පැමින ඉන්නවා දුටු විටය. සේතං යනු අපේ ගම් කිහිපයටම සිටි කපුවාය. ඉස්සර පලාතටම සිටි කපුවා වුවද කරනා ලද අතිසාර්තක මගුල් වල ප්රතිපලයක් ලෙස දැන් ඔහුට යා හැකිව තියෙන්නේ අපේ ගම් කිහිපය පමනය. වරක් ඉතා හොද කුල කුමරියක කියා තුන් දෙනෙකු පමන සමග ගමෙන් පැන ගිය අක්කාගේ යලුවෙකු වන සුදු නෝනාව ගම් දෙකකට එහා ආරච්චිගේ පුතාට බන්දා දුන් දා සිට සේතං කපුවා කොලබ යන්නේ ගම් හතරක් විතර පසු කොට කැලෑ පාරෙන්ය. හනීමූන් ගිය හොටලයටම සුදු නෝනා දෙපාරක්ම මීට පෙර හනීමූන් ආ බව හෝටලේ පොත් ලියන එකා ආරච්චි මාමාට කී දින සේතං හූනියම් දේවාලේ කපුවාට කියා සුර දෙකක්ම මතුරා දාගත්තේය. කෙසේ වෙතත් ඌ කල මගුල් වලට ඌව මරන්න හොයනා ගානට සුර හැදුවා නම් කපුකම නවත්තා සුර වෙලදාමක් කල හැකි බව ආච්චී කීවාය.
කපුවා ගෙන ආ යෝජනාව ඌයේ ගම් දෙකකට එහා ගම රාල කෙනෙකුගේ දුවක් වූ කරුණාවතීය. කරුණාවතී ඉතා රූබර යුවතියක් බවත් ඉග සුග මිටින් ගත හැකි බවත් කී සේතං ඇය ගැන කල ගුනවරුනාවට තාත්තා බලාගත්ත අත බලා සිටියේය. අම්මා කදුලු සලා ඇඩූ අතර ආච්චී ඇස් වහ කට වහ යන්න කියා මිරිස් පුච්චන්නට පටන් ගත්තාය. එම වරුනාව අවසානයේ මගුල බැලීමට තීරනය වූ අතර මනමාලයා වශයෙන් එම ගමනට සහභාගී වීම හා කසාද දිනයේ පෝරුවට නැගීම පමනක් මගෙන් වූවානම් ඇති බව අම්මා කීවාය. කරුණාවතී බැලීම සදහා මමත් අම්මාත් තාත්තාත් අක්කාත් විජේත් ආච්චීත් සහභාගී වීමට තීරනය කලේ ආච්චීය. කපුවා දැනටමත් අප පරම්පරාව ගැන උන්ට කියා ඇති බවත් එය සහතික ඇත්ත බව තරවුරු කිරීමට අනවශ්ය නිසා ඩාලින් ගෙදර දමා යමු යැයි කීවේ අම්මාය. මගේ පැත්තේන් මගුල බැලීමට චුට්ටේ කැන්දන් යාමට මම තීරනය කලෙමි.
කරුණාවතී ඇත්තටම රූබර යුවතියක් වු නිස ඇය කසාද බැදීමට මම තීරනය කලෙමි. ඇය අපේ අම්මාට හා තාත්තාට වැද වැටුන බලා සිටි ආච්චී ගමේ මැමම්බර් මහතාටවත් මිනිසුන් මෙලෙස වැද වැටෙනු තමා නොදුටු බව කදුලු පිහිදමින් පැවසුවාය. මාසයකින් මගුල තීන්දුකොට අපි ආපසු ආ අතර චුට්ටේ කීවේ තව මගුල් කිහිපයක් ඊට පෙර බලන්න ගියානම් තමාගේ කෙසග සිරුර මීට වඩා මහත් කර ගන්නට තිබූ බවය.
මගුල් දින රෑ නෑමටත් පෙර ලැබුනු ආධාර කඩා බැලීමට යෝජනා කලේ කරුණාවතීය. රු පන්සීයට අඩු ලියුම් කවර වල අයිතිකරුවන්ට හෙන ඉල්ලූ විදිහට හනීමූන් ඉවර වෙන විට මගේ පරම්පරාවෙන් භාගයක් පමන ඉවරවේයැයි සිතූ මම නාන කාමරයට ගොස් දොර වසා ගත්තෙමි. කරුණාවතී වචනයේ පරිසමාප්තියෙන්ම කරුණාබර යුවතියක් වූවාය. එම කරුනාවෙ මහිමය මුලින්ම අත් වින්දේ අපේ හෙදර පූසාය. කුස්සියේ තිබූ සාලයෙක් කෑ පූසා අවසන් වරට කකුල් හතරෙන්ම මා ඇවිදිනු දුටුවේ ලිප් බොක්කේ තිබූ දර පොල්ලක් ඌ දෙසට පියාබා ගිය මිලිතත්පර කිහිපය පමනය. පුසා විදි කරුනාවේ ආනිසංසයේ මහිමයෙන් ෆෝ වීල් සිට ත්රී වීල් වෙනු දුටු ටයිගර් එදා පටන් කුස්සිය පැත්ත පලාතේ නොයෑමට තරම් පරිස්සම් වූවේය. කෙසේ වෙතත් කරුණාවතී බනින බැනුම් අසා සිටිනා ඩාලින් ඒවා කියා මොන්ටිසෝරියේ පොඩි එවුනට බනිනා බවත් එවා අසා සිටි අලුතෙන් ආ ගුරුවරියක් සිහිනැති වී වැටුනු බවත් දැන්ගත් දා අක්කා ඩාලින් අපේ ගෙදර එවීම නැවැත්තුවාය.
කසාදයෙන් මාස කිහිපකයට පසු කරුණාවතී අලියෙක් මෙන් මහත් වූවාය. කපුවා කී පරිදි කසාදයට පෙර ටවුමේ හතිදාන වලව්වට ගොස් ඇය කෙට්ටු වූ බව මට පසුව ආරංචි විය. කෙසේ වෙතත් ඇයට කන්නට දීමට ගේ දොර වතුපිටි විකුනන්ට වෙන බව කී තාත්තා වහාම අත් හැර තිබූ කුබුරු අක්කරයක් අදේට දුන්නේ වෙනදාට වසරට ඇති වන වී තොගය මාස හතෙන් අටෙන් අඩුවන බව තේරුනු නිසාය. ඇගේ බර වැඩී වීම නිසා වරක් අප දෙදෙනා කාමරේ ඇද කඩන් වැටුනෝය. වරක් ගෙදරට හොරෙක් ආ විට ඌව කුදලා අල්ලාගත්තේ කරුණාවතීය. හොරා බිම දමා උගේ ඇග උඩ කරුණාවතී නැග සිටි අතර හොර ගැට ගැසීමට ලනුවක් ගෙන ඒමට මා එලියට යාමට සෙරෙප්පු දෙක සොයමින් සිටියෙමි. මාගේ ප්රමාදය ගැන මල අතට ගත් හොරා උගේ සෙරෙප්පු දෙක දාගෙන ගොස් ලනුවක් හොයන් වරෙන් යැයි බෙරිහන් දුන් විදිහට නම් මා හට ඇත්තටම ඌ ගැන දුක සිතුනේය. කෙසේ වෙතත් ඉනෙන් පහල පන නැතිවී ගිය හොරා මේ ලගදී ටවුමේ හිගා කනු දුටු කරුණාවතී කොහොමද මගේ වැඩ යැයි පවසා මා හට වැලමිටෙන් ඇන්නාය. හොරා බැලීම කෙසේවෙතත් පාරේ සැරට මා ව්සිවී ගොස් වැටුනේ ටවුමේ කුනු කානුවටය.
මගුල් දවසේ විඩීයෝව හා ෆොටෝ ඇල්බම් එක ලැබුනේ කසාදයෙන් මාස කිහිපයකට පසුවය. එය රැගෙන චුට්ටේගේ ගෙදර ගිය මා විඩීයෝ තැටිය චුට්ටේගේ අම්මා රට සිට එවූ ප්ලේයර් එකේ දමා කිහිපවිටක්ම බැලුවේ හනීමූන යන මොහොතේ කාර් එක අසලදී කරුණාවතීව වෙන කෙනෙකුට මාරු කර ඇත්දැයි දැනගැනීමටය. මගුලේ කරුණාවතීගේ පැත්තෙන් කල කතාව අසා සිටි මා ගට සිහි නැති වීමට මෙන් ආ නිසා චුට්ටේගෙන් වතුර එකක් ඉල්ලන් බීවේමි. කතාවේ ඉතුරු ටික අසා සිටි චුට්ටේ කරුණාවතීගේ හැටි දන්නා නිසා මගේ අතේ තිබූ වතුර කොප්පේ ඉතුරු ටික එක හුස්මට බී දැම්මේය. යාන්තම් සිහිය ආ චුට්ටේ කීවේ මේ නම් මගෙ මගුලේ නොව වෙන මගුලක වීඩීයෝ පටයක් උන් වරද්දා දී ඇති බවය.
බැදගත්ත බෙරේ ගහනවා ඇර වෙන කරන්නට දෙයක් නැත. කරුණා ගුන වෑහෙන කරුණාවතීගේ සන්දන්ත බැනුම් ඉවරයක්ද නැත. අපේ පූසා තාම ඇවිදින්නේ කකුල් තුනෙන්ය. කෙසේ වෙතත් කරුණාවතී හොදින් ඉදීවා යන්න මගේ පැතුමයි.
උපුටා ගැනීම: Rakshitha Dikkumbura