තත්වය දැන්නම් දරුණුය.අප දැන් වාසය කරන්නේ අනුන්ගේ නිවසකය.මීට අව්රුදු කිහිපයකට පෙර මෙම නිවස අපට අයත් වුවත් මංතුමාගේ මෝඩ ක්රියාකලාපය නිසා එය වෙනෙකෙකුට අයිති විය.
මේ අනෙකා වෙන කව්රුත් නොව මා විසින් කලකට ඉහත දී රැගෙන ආ පූසාය.පූස් තුමා අප නිවසර ගෙන ආ දවස මට අද මෙන් මතකය.එය සාපලත් දවසකි.
එදා සිට මෙදා වෙනතුරු අපට විදින්න උන කරදර,හිරිහැර,නින්දා,අපහාස වල කෙලවරක් නැත්තේය.

පූස්තුමා රැගෙන ආ දිනවල ම අක්කා විසින් ඌට තබන ලද නම “පොඩි බංඩාය”කල්යත්ම අප උගේ ක්රියාකලාපය තේරුම් ගැනීමත් සමගම එය “කෑෂ් පුරියා” ලෙස වෙනස් විය.මුල් කාලයේදි ඌට මෙලෙස අමතන ලද්දේ මන් පමනක් වුවත් කල් ගත වෙද්දී ගෙදර අනෙක් සාමාජිකයනුත් එයට හුරු වූහ
.ඔව්නුත් දැන් පැකීලීමක් නැතිව එම නමින් පූස්තුමා ව අමතති. එ ඊට වඩා සුදුසු නමක් පූස් තුමාට නැති බව අවබෝද කරගත් හෙයිනි…………

පූස්තුමා ඔහුගේ පූස් අයිතිවාසිකම් මනා ලෙස දැන සිටියේ ය.අප පව්ලේ කිසිවෙකුටත් පූස් තුමා සමග වාද කොට ජය ගත නොහැකි විය.කොටින්ම තාත්තාද පූස්තුමාගෙ බසට අවනත විය.ගෙදර පොලව උගේය ඇදන් උගේය පුදු සැටිය උගේය පාපිසි සියල්ල උගේය.
පාරවල් අවහිර වන සේ නිදා සිටින විට අප උඩින් පැන යා යුතුය.මේ හේතුවෙන් වඩාත්ම අපහාසු තාවයට පත් උනේ ආච්චිය.මේ නිවස දැම් අපේ නොව පූස්තුමාගේ බව අප කෙමෙන් කෙමෙන් වටහාගත්හ……


පූසන් හා මීයන් පරම සතුරන් ලෙස සැලකුවත් කෑෂ් පුරියා සම්බන්දයෙන් එය එසේ නොවීය.මීයන් ඇල්ලීමට ගෙන ආවත් ඌ එදා මෙදාතුර ඇල්ලූ මීයෙක් නැත.උසස් පරම්පරාවකින් පැවත එන පූස්තුමාට මීයන් වැනි අඩු කුලේ සතුන් ආහරයට ගත නොහැකි බව ඌ අපට පෙන්වා දුන්නේය.එම නිසා අපට නැති උවත් තුන් වේලටම කිරි හා පිලී ජාති සමග බත් පූස්තුමාට ලබා දීමට අපට සිදු විය.
…

පූස්තුමා රැගෙන ඒමට පෙර අප නිවසේ සිටිය සුරතලා ස්නෝවිය.ඌ බල්ලෙකි.පූස්තුමා රැගෙනවිත් හරියටම මාසයක් ගිය තැන ස්නෝවි කොහේදෝ යන්න ගියේය.නැවත ආවේ නැත.ඒ කෑෂ් පුරියාගේ අඩන්තේට්ටම් නින්දා අපහාස විද දරා ගැනීමට නොහැකි වීම නිසාය.ස්නෝවිට දොස් කීමෙන් පලක් නැත.යන්නට තැනක් තිබුනානම් අපිත් මෙලහට ගෙවල් දොරවල් හැරදා ගිහින්ය.

උපුටා ගැනීම: Kavindu Sathsara