කාටද පිස්සු ? (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
එක් නගරයක බොහෝ ධනවත් පවුලක් වාසය කල අතර ඔවුන් කෙතරම් සතුටින් සිටියේද යත් කිසිවකින් අඩුවක් දැනී තිබුණේ නැත.
නමුත් එක් දිනක කිසිදු හේතුවක් නොමැතිවම නිවසේ ප්රධානියාගේ රැකියාව අහිමි විය.
කෙමෙන් ඔවුන් ඉතාමත් දිලිදු වූ අතර අවසානයේ සිය නිවස පවා අහිමි විය.
දරුවන් බිරිඳ සමගින් ඔහුට මහමගට බැසීමට සිදුවිය.
ඔවුන්ගේ තත්ත්වය ඉතාමත් දුක්ඛිත විය. නමුත් කෙසේ හෝ සහනයක් පැතූ ඔවුන් නගරයේ වෙසෙන නීතිඣවරයා වෙත ගියහ.
මේ පිලිබද උපදෙසක් දීමට හැකි වුවත් ඔහුගේ උපදෙස් ඉතා මිල අධික වන බැවින් ඔවුන්ට ආපසු ඒමට සිදුවිය .
ඊලගට ඔවුන් ගියේ නගරයේ ධනවතා වෙතයි . ඔවුන්නේ තත්ත්වයට විසදුමක් ලෙස ආර්ථික විද්යා න්යායන් කිහිපයක් ඉදිරිපත් කල ඔහු ඒවා අනුගමනය කර නැවත ධනවත් වන ලෙස පවසා දොර වැසීය. කුසට අහරක් පවා නොතිබූ ඔවුනට ඒවා ඇසුණේ නැත.
ඊලගට ඔවුන් නගරයේ මනෝවෛද්ය වරයා වෙත් ගියහ. ඔවුන් සියලු දෙනාටම මානසික ආතතිය වැලදී ඇති බවත් වහා ප්රතිකාර ගන්නා ලෙසත් ඔහු පැවසීය . කුසගින්නේ සිටි ඔවුනට ඒ අපබ්රංස වැටහුණේ නැති.
ඊලගට ඔවුන් සරණක් පතා පන්සලට පැමිණියහ. ලොකුස්වාමීන් වහන්සේ , ඔවුනට මේ පලදී ඇත්තේ පෙරකල අකුසලයක් බැවින් වහා බණ භාවනා කොට දානාදී කුසල් කොට වහාම අකුසල් දුරු කර ගන්නා ලෙස දෙසූහ.
දේශනාව අසා බොහෝ හෙම්බත් වූ ඔවුහු දේවාලයක් අසල නැවතුනහ. ඔවුනට මලගිය ප්රාණකරුවෙකුගේ දෘෂ්ටියක් හේතුවෙන් මෙසේ වී ඇති බව එහි කපුවා ආවේශ වී කියවද්දී ලමයින් බිය වී හඩන්නට වූහ.
අවසානයේ හෙම්බත් වී අතරමග අම්බලමක දොර ලග තවදුරටත් නැගීසිටීමට නොහැකි තරම් දුර්වලව සිටියදී නතර වී, එහි යමෙක් සිටින බව දැක ඇතුලුවන්නට අවසර ඉල්ලූහ.
ඔවුනට සුහද පිලිගැනීමක් ලැබිණි .පොඩිඋන්ට කන්නට කෑම ටිකක්ද ලැබිණි .! ඔහුගේ නිදහස් වදන් හමුවේ කෙමෙන් සියලු දේ සන්සුන් විය.
දිවි ඇති තෙක් එහි රදන්නට වුව අවසර ලැබිණි ..
..ඔහු එම නගරයේ සිටි පිස්සාය.
සියලු ප්රශ්න වියැකී යද්දී අවසන එක් ප්රශ්නයක් පමණක් ඉතිරි විය.
” ඇත්තටම කාටද පිස්සු ?”
උපුටා ගැනීම: Ranjani Indi

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!