“මහත්තයා කවුද…?”
“මම නගර සභාවෙන්…!”
“මොකද කෙරෙන්න ඕන….?”
“මහත්තයා කඩේ ළගදීද දැම්මේ….?”
“ඔව් මාසයක් හමාරක් ඇති…..”
“මහත්තයා මේ කඩේ ගැන බෝඩ් එකක් ගහල තියෙන්නේ. ඒකට අවුරුද්දට ගානක් අය කරන්න වෙනවා….”
“අයිසේ ! මගේ ඉඩමෙනේ මම කඩේ දාල තියෙන්නේ…මගේ ඉඩමෙනේ මමබෝඩ් එක ගහල තියෙන්නේ…..ඒකට ඇයි මම කාටවත් ගෙවන්නේ..?”
“ඒක මහත්මයා නගර සභාවේ නීතිය. ආදායම් මාර්ගය…”
“ඒක යකාගේ වැඩක්නේ….!”
“මහත්තයට ඕන තැනක තනියෙන් ගෙයක් හදාගෙන ජීවත් වෙන්න පුළුවන්. නමුත් නගරයේ වාණිජ කටයුත්තක් කරල ලාභයක් උපයනකොට නගර සබාවත් එකට උදව් කලා කියල සලකනවා…”
“ඒ කොහොම ද…..ඒ…..?”
“මහත්තයා මිනිස්සු අයිති නගරයට. නගරයේ පොදු පහසුකම් සපයන්නේ නගර සභාව. ඒ නිසා තමයි නගරය තුල ජනගහනය වැඩි වෙන්නේ….එතකොට මහත්තයාගේ ව්යාපාරය සාර්ථක වෙන්න වැඩිපුර ජනතාව නගරයට එන්න ඕන. ඒකට නගරයේ පහසුකම් වැඩිදියුණු කරන්න ඕන. ඒක කරන්නේ නගර සභාව….මහත්තයගේ ඉඩමට උනත් වටිනාකම ක් තියෙන්නේ අනෙක් අය අවට ඉන්න නිසා..!”
” ආ…. එහෙමද…..?
” ඔව්… මහත්තයගේ ඉඩම උනත් වීදී රේඛා නීතිය අනුව…මහත්තයට කැමතිම තැන්වල ඉදිකිරීම් කරන්නත් බෑ…”
“ඒක නම් දන්නවා….”
“අන්න හරි……”
“බලාගෙන ගියාම මගේ ඉඩම මට 100%ක් අයිති නෑ…..”
“මේ මහත්තයා…! සිගරැට් එක නිවා ගන්නවාද…….?”
“අයිසේ..! මගේ සල්ලි වලින් ගත්ත සිගරැට් එක බොන්නේ මම…”
“මහත්තයගේ සල්ලි වෙන්න ඇති..උරන …දුම් යන්නේ මහත්තයගේ පෙනහළු වලට වෙන්නත් ඇති… නමුත් පිට කරන දුම් අපේ පෙනහළු තුලට යනවා…..ඒකට අපි කැමති නෑ…තේරුනාද….?..!”
“එක්ස්යුස් මී සර්……..”
“ඔව් මොකද ප්රශ්නේ……?”
“සර් රස්නේ නම් තමයි….සර් කාර් එකේ ඉන්ජීම නවත්වන්න ඕන පාර්ක් එකේදී….”
“අයිසේ….වට් නොන්සන්ස්…..මොන විකාරයක්ද…. මගේ කාර් එක… මගේ පෙට්රල්…. මට මගේ කාර් එකේ ඒ සී ටිකක් දාගෙන ඉන්න බැයිද…..?”
“සර් කාර් එකයි… පෙට්රලුයි සර්ගේ උනාට අවට පරිසරයේ ඔක්සිජනුයි හිතකර උෂ්නත්වයයි අනෙක් අයටත් අයිතියි….සර් හිතන්න මේ පාර්ක් එකේ වාහන 300ම එන්ජින් ඔන් කරලා ඒසී දාගෙන හිටියාම වෙන හානිය……”
“එහෙමද……?”
“යර්ස් සර් තෑන්ක් යූ…සර්…”
“මචං ගුනේ සාක්කුව 5000 කොල වලින් පිරිලා……”
“ආහ්…..පොඩි බිස්නස් එකක් කලා….”
“කොහොමද බිස්නස් ගුණේ…?..”
“අවුලක් නෑ…..තව කාර් දෙකක් අලුතින් ඕඩර් කලා ජපානෙන්……..”
“ගුණේගේ සාක්කුවේ තියෙන සල්ලි සම්පූර්ණයෙන්ම ගුනේට අයිති නෑ…..?”
“යකෝ පිස්සුද…මම මේවා..මහන්සි වෙලා නිදිමරාගෙන හම්බකරපුවා….ඇයි අතරමැදියෝ නෑ………”
“නෑ… ඉතිං දේපල වත්කම් වලින් කොටසක් අපිට අයිති නෑ….ගුණේ වාහන ගේන කොට අපිටත් තට්ටු වෙනවා…….”
“අයිසේ…. මගේ සල්ලි වලින් මම වාහන ගෙන්නුවම තමුසෙට තට්ටු වෙන්නේ කොහොමද….පිස්සුද…..?”
” නෑ ….! ගුනේ ලක්ෂ 50ක වාහනයක් ආනයනය කලාම……සල්ලි පිට රටට නේ යන්නේ…..ඉතිං….අපේ විදේශ සංචිත හීන වෙනවා…. කොටින්ම…..රටේ සල්ලි අඩු වෙනවා…එතකොට රුපියලේ අගය අංශූ මාත්රයකින් හරි අඩු වෙනවා….”
“ඉතිං ඔහේ මොකක්ද කියන්න හදන්නේ…මම බදු ගෙවනවා…නේ….?”
“නෑ…! මම මේ කියන්නේ…..ගුණේගේ සල්ලි වලින් ගුනේ වාහන 100ක් ගේන කොට මගේ ගාව තියෙන රුපියල් 100 රුපියල් 99ට බහිනවා……මගේ විතරක් නොවෙයි….රටේ තියෙන හැම රුපියලේ කොලේකම අගය රුපියල් 99ට බහිනවා…ගුණේ ගෙවන බදු නිසා පිට රටට ගිය එකේ ඇරියස් කවර් වෙන්නේ නෑ….තරහ වෙන්න එපා…මම මේ සරල උදාහරණයක් කිව්වේ……”
දිනකට කිසිම වැදගැම්මකට නැති ඔහේ දැක්කාට ගන්න ප්ලාස්ටික් ඇලුමිනියම් අරුමෝසම් වලින් අපේ රටේ ගෙවල් වල ඇදන් යට අල්මාරිය අස්සේ ගේ පිටුපස්සේ ආර්ථික කුණු ගොඩවල් සෑදී ඇත. අදින්නේ නැති ඇදුම් ද පිදුරු තලාගල කන්ද තරමට හෝ ඊට වඩා විශාල විය හැකිය. ඔබේ පර්ස් එකෙන් ගියත් ඒ රටේ සල්ලිය. ඉතිරිය පරිස්සම අරපිරිමැස්ම නොදන්නා ජාතියකට ‘ලිප ගිනි මොලවන තෙක් දිය හැලියේ’ පමණක් ප්රීතියෙන් සිටීමට හැකිවනු ඇත. ආර්ථික විද්යාවේ උසස්ම මූලධර්මය සකසුරුවම් කමයි. එය ජාතියක් කෙසේ හෝ ලේ මස් ඇට නහර වලට කා වදින තෙක් උගත යුතු පාඩමකි. එසේ නොවන විට ආර්තික ආක්රමණ වලට ලක්වීම අතිශය ස්වභාවික දෙයකි.
උපුටා ගැනීම: වෛද්‍ය රංජිත් අබේවර්ධන.