කැත දරුවාගේ ලස්සන කතාව ( චරිත )

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
දස මසක් කුසදරා රැකගත් දරුපැටියාගේ මුහුණ දැකීමත් අම්මා කෙනෙකුට මහා සතුටකි. එහෙත් රොබට් හෝග් උපන් දවසේ ඔහුගේ අම්මාට නම් එය සතුටක් වූයේ නැත.
රොබට් හෝග් “කැත” දරුවෙක් වූයේය. එය සාමාන්ය කැතක් නොවේ. ඔහු උපන්නේම ඔහුගේ මුහුණ මැද වූ විශාල ගෙඩියක්ද සමගය. ඒ මදිවාට ඔහුගේ දෙකකුල්ද ඇදවී ගොසිනි. රොබට් උපදින්නේ එවන් කැත ගෙඩියක් සමග බව කිසිදු වෛද්යවරයෙකු ඔහුගේ අම්මාට දැනුම් දී තිබුණේත් නැත. එයට හේතුව වූයේ ඔහු උපදින දවස් වල “අල්ට්රාසවුන්ඩ් ස්කෑන්” පරික්ෂා එතරම් සුලභ නොවීමය. එකල ඔස්ට්රේලියාවේ රොබට් උපන් පලාත සමීපයකවත් එවැනි පහසුකමක් තිබුණේ නැත. ඉතින් තමන්ට ලැබෙන්නට යන්නේ කවරාකාර දරුවෙකුදැයි රොබට්ගේ අම්මා දැන උන්නේද නැත. ඒ නිසා රොබට්ව දුටු මුල් වතාවේ ඔහුගේ මව කම්පනයට පත් වූවාය.
“මොන තරම් කැත දරුවෙක්ද..? දෙවියනේ ඇයි මට මෙහෙම වුණේ..? අපේ පරම්පරාවෙ කාටවත් නෑ මෙහෙම දරුවෙක්.. මං දැන් කොහොමද මේ දරුවව ගෙදර ගෙනියන්නෙ..?” රොබට්ගේ අම්මා වැලපුණාය.
රොබට් ට පෙර ඇය ලැබූ දරුවන් පස් දෙනාම නීරෝගීය. ඔවුන්ගේ පෙනුමද නරක නැත. ඉතින් ඇගේ පස්වෙනි දරුවාට පමණක් මෙහෙම දෙයක් වූයේ ඇයි.?
අම්මා දින ගනනාවක් ඒ ගැන සිතුවාය. තැවුණාය. ඇයට දරුවා දෙස බලන්නටවත් හිතක් නොවීය. අළුත් දරුවා රැගෙන රෝහලෙන් නිවසට යා යුතු දිනයද උදාවිය.
ඉතින් ඇය රෝහලෙන් නික්මී ගෙදර ගියාය. හැබැයි ඒ දරුවා නැතිවය. දරුවාව රෝහල භාරයේ තබාය.
ගෙදරට ගියත් ඇගේ සිතේ තිිබුණේ ඇය රෝහලේ දමා ආ දරුවා ගැනමය.. ඇය තමන්ගේ සිතත් සමගම තර්ක කළාය. ඒ තර්ක, සිත්තැවුල් සිියල්ල තම දිනපොතේ සටහන් කළාය. අවසානයේදී දරුවාව නිවසට ගෙන එන්නට ඇය තීරණය කළාය.
එහෙත් ඒ තීරණයට ඇයට පවුලේ අනෙක් අයගේ කැමැත්ත විමසන්නට උවමනා විය.
වැඩිමහළු දරුවන් හතරදෙනාට කතා කළ ඇය මේ ගැන කීවාය.
“ඔයාලාට අලුත් මල්ලි කෙනෙක් ඉන්නවා.. හැබැයි එයා කැතම කැතයි.. ඔයාලා වගේ නෙවෙයි.. ඔයාලා කැමතිද එයාව මේ ගෙදරට ගේනවට..? ඔයාලා කැමතිද එයාට මල්ලි කියලා කියන්න..?”
පුදුමයකි. දරුවන් හතරදෙනා එක පයින් කැමති වූහ.
“කැත වුණාට කමක් නෑ. එයා අපේ මල්ලිනේ.. එයාව එක්කගෙන එන්න..”
පවුලේ වැඩිමල් සාමාජිකයින්ගේද විරුද්ධත්වයක් තිබුණේ නැත.
අවසානයේදි ඇය රෝහලට ගොස් දරුවා රැගෙන නිවසට ආවාය. ඉතින් පුංචි රොබට් පවුලේ සාමාජිකයෙකු බවට පත් වූයේය.
ඒ් අතරම දරුවාගේ මුහුනේ වූ ගෙඩිය ඉවත් කොට, දෙකකුල් වල ඇද ඉවත් කරන්නට වෛද්ය විද්යාවේ පිහිට පතන්නටත් පවුලේ අය තීරණය කළහ. අනිත් දරුවන් කෙළිදෙලෙන් කාලය ගෙවද්දී රොබට්ගේ මුළු ළමා වියම ගෙවුණේ රෝහල් වලය. වේදනාත්මක සැත්කම් වලට මුහුණ දෙමිනි.
එහෙත් ඊටත් වඩා වේදනාත්මක දේවල් වලට වයසින් වැඩෙත්ම රොබට්ට මුහුණ දෙන්නට සිදුවිය. තමා තම සොයුරන් හතර දෙනාටම වඩා වෙනස් බව ඔහුුට කුඩා කලදීම වැටහීි තිිබිණ. එහෙත් තමන්ගේ වෙනස ඔහුට වැඩියෙන් දැනෙන්නට වූයේ ඉගෙන ගන්නට පාසැලටට ඇතුලු වීීමත් සමගය. ඔහුගේ පෙනුම නිසා මුලින් ඔහු අනෙක් දරුවන් අතරින් කොන් වූුයේය. එහෙත් ඒ කොන්වීම වැඩි දවසක් දරා සිටින්නට ඔහුට සිදුවුයේ නැත. ඔහුගෙන් උදුරාගත් හොද පෙනුම වෙනුවට දෙවියන් ඔහුට ඊට වඩා වැඩි වටිනාකමකින් යුතු යමක් දායාද කොට තිබිණ. රොබට් හෝග් සුවිශේෂීී බුද්ධිමත් භාවයකින් හෙබි අතිදක්ෂ දරුවෙකු වූයේය. පෙනුුමින් නැතත් දැනුමින් හා හැකියාවෙන් ඔහු කා අතරත් කැපී පෙනුනේය.
රොබට් උපන් දා පටන්ම ඔහු ලොකු මහත් වන තුුරුම, ඔහුගේ පෙනුම ඔහුුගේ මවට මහත් මානසික වධයක් වීය. ඇය තමන්ට සිතෙන දේ අවංකවම දිනපොතක ලියා තැබුවාය. රොබට්ගේ සිත වඩාත්ම කම්පනයට ලක් කළේ තමන්ගේ අම්මාගේ පුංචි නිල් පැහැති දිනපොතයි.
“අම්මේ ඒ් දිනපොත මට ඇහෙන්න කිියවන්න..” රොබට් නිරන්තරයෙන්ම අම්මාගෙන් ඉල්ලූයේය. ඒ දිනපොතේ වූ තිත්ත ඇත්ත ඔහුගේ සිත රිදවූ නමුත්, ඔහු මානසිකව බිද වැටෙන්නට එය හේතුවක් කරගත්තේ නැත. ඔහු එය උපයෝගී කරගත්තේ මනසින් තවත් ශක්තිමත් වෙන්නටය.
දිනපොත නිසා ඔහු අම්මා ගැන වෛරයක් ඇති කරගත්තේද නැත.
“විරූපී දරුවෝ ලැබුණ අම්මලා කොච්චර ඉන්නවද.? ඒ අයගෙන් බාගයකටවත් මගේ අම්මාට හිතුණ විදිහටම හිතෙන්නත් ඇති.. කොයි අම්මද ආස නැත්තේ “මේ බලන්න මගේ දරුවගෙ ලස්සන” කියලා කියන්න.. මගේ අම්මත් එහෙම හිතන්න ඇති.. ඒත් අන්තිමට එයා හිත හදාගෙන මාව ගෙදර ගෙනාපු එකත් ලොකු දෙයක්නේ..” රොබට් නිරන්තරව සිතුවේය.
එමෙන්ම මුහුණේ ලස්සන යනු ජීවිතයේ එක් පුංචි දෙයක් පමණක් බව ඔහු දිනෙන් දින පසක් කළේය. තමාගේ බාහිර පෙනුම වෙනස් කරගන්නට කිසිවිටෙකත් උත්සාහ නොකළ ඔහු තමන්ගේ වෙනස් බව පිළිගන්නට තරම් නිර්භීත විය. පෙනුම වෙනුවට ඔහු තම ඇතුලාන්තයේ සුන්දරත්වයත්, දක්ෂතාවයත් දැනුමත් වැඩිදියුණු කරගත්තේය.
අද වන විට රොබට් හෝග් අති දක්ෂ, ප්රවීණ ජනමාධ්යවේදියෙකි. ගෞරවනීය දේශපාලන උපදේශකවරයෙකි. සුන්දර බිරිදකගෙනුත්, හුරුබුහුටි ලස්සන දරුවෙකුගෙනුත් සමන්විත පවුලක හිමිකරුවෙකි. ඒ හැමටමත් වඩා ඔහු තමා බදුම අවලස්සන මිනිසුන්ගේ හිත් හදන්නට කැපවී ක්රියාකරන්නෙකි.
කැත දරුවෙකුගේ ලස්සන කතාව ලෙසින් ඔහු තම ධෛර්යයේ කතාව “UGLY” නමින් පසුගියදා එලිදැක්වූයේය.
“හැම කෙනෙක්ම තමන් හිතනවාට වැඩිය කැතයි.. ඒ වගේම හැම කෙනෙක්ම තමන් හිතාගෙන ඉන්නවාට වැඩිය ලස්සනයි.. ලස්සන කියන්නේ පින්තූරයක එක කොටසක් විතරයි.. ඒත් ඔබ ඊට වඩා ගොඩක් වැදගත් කොටස් වල එකතුවක්..” රොබට් හෝග් තම “ugly” ග්රන්ථයේ සදහන් කරයි.
උපුටා ගැනීම : Ranjani Indi

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!