කැත කලු බලු (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
“අම්මේ අනේ පින්කිට අමාරුයි වගේ පිංකි පිංකි”
අක්ක හොඳටම බය වෙලානෙ.මට එච්චර අමාරුවක් නෑ කියල මට කියන්න පුලුවන් නම්.
“අනේ පිංකි ඔයාට අමාරුයිද.එන්න එන්න මගෙ ඔඩොක්කෙන් ඔලුව තියාගන්න.”
මම අමාරුවෙන් ඔලුව උස්සල බැලුව.අනේ ඒ ඇස් වල කඳුලු පිරිලා.බය වෙන්න එපා හැම දෙයක්ම හරියාවි.මම හිමීට අක්කගෙ අත ලෙවකන ගමන් ඔඩොක්කෙන් ඔලුව තියාගත්තා.
මම දැන් වයසයි.ලගදි බෙහෙත් විදින්න ආපු මාමට කියනව මට ඇහුනා.මට වයස 12ක්ලු දැන්.
මට යන්න කාලෙ දැන් හරි ඇති.මට දාලා යන්න බැරි එකම දේ මගෙ අක්කයි.මගෙ ගෙදර අයයි.
හිමීට ඇස් පියවෙන අතරේ මට මගේ පුංචිකාලෙ මැවිලා පේන්න පටන් ගත්තා.
“අම්මෙ අන්න ලැසි පැටව් දාලා”
“රෑ තිස්සෙට්ත් කෙදිරි ගෑව ලැසි හරියට.මට හිතුන උදෙන්ම දායි කියල.”
සද්ද බද්ද එක්කම දෙතුන් දෙනෙක්ම අපෙ වටේ වටවෙනව මට දැනුනා.ඔක්කොම ඇහුනත් තාම ඇස් ඇරගන්න බෑනෙ.
ඒ අතරේ කවුදෝ මාව හරවලත් බලනව
“එක කුක්කයි.කික්කියො දෙන්නයි” කවුදෝ පිරිමි කටහඩකින් කිව්ව.
“හයියො..මම හිතුවෙ කුක්කො 3 දෙනෙක් කියලා.කික්කියො ගනීයැ කවුරුත්.ඔන්න හොද වර්ගෙක නම් ගනී.කොහෙද මේ ලැසීටත් විසේ නේ.හොඳ පිරිමි සතෙක් හොයලා දෙනකම් ඉන්න බැරි උනා. දැන් ඉතින් මුහුම් වෙච්ච පැටවු”
ඒ උනාට ලස්සනට ඉදීවි නේද.අම්මා ජර්මන් ශෙපර්ඩ්නේ”
“මේ දුඹුරු පාට දෙන්න නම් හරි ලස්සනයි.අර තනි කලු එකී කික්කියක්ද”
“ඔව් කලු එකී කික්කියක්”
ඒ කවුරු ගැනද කියන්නෙ කියල මට නම් ගානක්වත් නෑ.මට ඕනෙ උනෙ කොහොමහරි කිරි ටිකක් බඩට දාගන්න විතරයි.
ටික දවසක් ගියා.එක දවසක් උදේ ඇහරෙනකොට මෙන්න මට ඇස් අරින්න පුලුවන්!
ඒත් එක ඇහැයි අරින්න පුලුවන් උනේ.අනික් ඇහැ යන්තම් අරින්න පුලුවන්.මම එක ඇහෙන් වටපිට බැලුව.මේ ඉන්නෙ මගේ සහෝදරයයි සහෝදරී.එයාලා දුඹුරු පාටයි.ඒ කියන්නෙ මමද එයාලා කතා උන කලු කික්කි!
තවත් කාලයක් ගියා.අපිට ඉන්න උනේම දැල් ගහපු කූඩුවක් ඇතුලේ.හරිම අමාරුයි මේකෙ ඉන්න.මගෙ අම්මටනම් ඒක පුරුදුයි වගේ.කන්න බොන්න ඔක්කොම ඒක ඇතුලට දෙනව.දවසටම එක පාරක් යන්න දෙනවා එලියට.ඒත් වත්තෙන් පිට යන්න බෑ.ගෙදර අය අපිට කන්න බොන්න දෙනව විතරයි කවදාවත් අපිව හුරතල් කලේ නෑ.ඒත් ඒ දවස්වල ඒක ගානක් නෑ.අම්මගෙ ආදරේ විතරයි ඕනෙ උනේ.
ගෙදර තව චූටි ගැනු ලමයෙකුත් හිටියා.එයා මගේ දුඹුරු පාට සහෝදරයෝ දෙන්නවනම් වෙලවකට වඩාගත්තා.ඒත් වරදිලාවත් මාව නම් වඩාගත්තෙ නැ.
එක දවසක් කවුදෝ කට්ටියක් ආවා අපිව බලන්න.
“කොයි පැටියද දෙන්නෙ මෙතනින්”
“පැටව් 3 දෙනාම දෙන්න තමා ඉන්නෙ”
“එහෙමද කොහොමද ගනන් එහෙම”
“ක්රොස් පැටව් හින්දා 10 000කට තමා හිතන් ඉන්නෙ”
“10ක්”එයාල හිනාවුනා “8කට බැරිද?”
“3 දෙනාම ගන්නවනම් 8කට දෙන්නම්”
කලු පැටියා ඇස් ඇරල නැද්ද තාම”
“ඌගෙ එක ඇහැයි පේන්නෙ.අනික් ඇහැ ඇරෙන් නෑ”
අනේ දෙයියනෙ.මම හිතුවෙ මගෙ අනික් ඇහැ ඉක්මනටම ඇරේවි කියල.ඒ කියන්නෙ ඒක ඇරෙන් නෑ.මට හැමදාම එක ඇහැයි තියෙන්නෙ.මට ගොඩාක් දුක හිතුනා
කොහොමහරි ඒ ආපු අය මාව අම්ම ලග තනිකරල ඉතුරු දෙන්නව අරන් ගියා.
තවත් සතියක් මම අම්ම එක්ක හිටිය.
“මොනවහරි ඉක්මනට කරන්න ඕනෙ.තව බැල්ලියෙක් හදන්න බෑ.පැටව් ගහන්න ගත්තම කරදරයි.”
මේකගෙ ඇහෙ ප්රශ්නෙ හින්දා ක්වුරුත් ගන්නෙ නෑනෙ “
එයාලා මං ගැන කතා වෙනව හැමවෙලේම මම තනි ඇහෙන් බලාගෙන හිටියා
තවත් දවසකින් එයාල හිතක් පපුවක් නැති විදිහට මෙ තනි ඇහැක් පේන කැත කලු බලු පැටියාව මහපාරට ගෙනත් දැම්මා.
මට ලොකු පාලුවක් දැනුනා.කාත් කවුරුත් නැති මහපාරෙ.වැස්සට තෙමි තෙමි.කන්න දෙයක් නැතිව මම දවස් ගානක් හිටියා.මුලු ඇගම කසනව.වාහන වලට හැප්පෙන්නත් යනව.මිනිස්සු බනිනව.පයින් ගහනව.හැම දෙයක්ම විදගෙන තනිකමෙන් පාලුවෙන් මිරිකිලා ඉන්නකොට තමා මට එයාව හම්බුනේ.
“අනේ පුංචි බලු පැටියෙක්.ඔයා කොහෙන්ද පැටියෝ මෙතනට ආවෙ”
මීට කලිනුත් ඔහොම දෙතුන් දෙනෙක්ම මාව අල්ලල බැලුවා.ඊටපස්සෙ
“අනේ ඔයාගෙ ඇහැක් පේන් නෑනේ.”
හ්ම්ම්.මම දන්නව ඊලගට මොකද වෙන්නෙ කියල.මාව අත ඇරල යනව.
“ඒකට මොකද ඔයාට තව ඇහැක් තියෙන්නෙ.ඔන්න ඔයා මාත් එක්ක යන්නයි හදන්නෙ”
මට හිතාගන්න බැරි උනා.එයාමාව අරන් යනවා!
එයා මාව පෙට්ටියකට දාගත්තා.
ගෙදර අරන් ගියා.
“අම්මෙ මේ බලන්නකො චූටි බලු පැටියෙක් හම්බුනා”
“කෝ බලන්න පුතෙ.අනෙ එයා හරි ලස්සනයි.එක ඇහැක් පේන් නැද්ද එයාගෙ.හා හා ඒකට කමක් නෑ.එන්නකො එහෙනම් මෙයාව මුලින්ම නාවල ඉන්න”
එයාලා මාව හොඳට නාවලා කන්න බොන්න ගොඩක් දේවල් දුන්නා.තුවාල වලට බෙහෙත් දැම්ම.
“ඔක්කොම හරි ඔන්න.ඔයාට නම්කුත් ඕනේනෙ.පිංකි.
ඔයා තමා මගෙ පිංකි”
දැන් මාව කූඩුවකට දායි.ඒකට නම් මම කැමති නැ.ඒත් මම බලාගෙන හිටියා.
පුදුමයි.එයාලා මාව කූඩුවකට දැම්මෙ නෑ.
එදා විතරක් නෙවෙයි කවදාවත්ම කූඩුවකට දැම්මෙ නෑ.
එහෙමයි මම එයාලගෙ පවුලෙ කෙනෙක් උනේ.එයාල මට ගොඩක් ආදරේ කලා.මාත් එහෙමයි.
හොඳම දේ තමයි එයාලා නිසා මට මගෙ නැති උන ඇහැ ආයෙත් ලැබුනා
ඔව් එයාලා මාව ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුව.මට තේරුන විදිහට මගෙ ඇහෙ ප්රශ්නයක් තිබිලා නැ.ඇහැ අරින්න බැරි එකයි ප්රශ්නෙ.එයාලා ඒක ආයෙත් හැදුවා.
මගෙ ගෙදර අය නිසා මට ලස්සන ජීවිතයක් ලැබුනා.මම එයාලට ගොඩාක් ආදරෙයි.එයාල ලගදි තමා මට මගෙ අම්මගෙන් පස්සෙ ආදරෙ කියන දේ දැනුනෙ.මගේ ජීවිතේ සම්පූර්න උන.ඔව් ඔව් මට බබාලා දෙන්නෙකුත් ඉන්නව.එයාලත් දැන් ගොඩාක් ලොකුයි.මාත් එක්කම මේ ගෙදර එයාලා සතුටින් ඉන්නව.
එයාල අත ඇරල දාපු කලු කැත පැටියව මගෙ පවුලෙ අයට නම් ගොඩාක් ලස්සන උනා.මම කොච්චර වයසට ගියත් මේ දැනුත් මගෙ අක්කා මාව ඔඩොක්කෙ තියන් ඉන්නව.
“නිදාගන්න මැනිකේ”
එයා හෙමින් හෙමින් මගෙ ඔලුව අතගෑව.ඒ ආදරේට මම ලෝබයි ගොඩක්.මට දැන්මම ඔයාව දාල යන්න බෑ.මම හෙමින් හෙමින් ඇස් දෙක පියාගෙන ඒ උනුසුම මැද්දෙ නින්දකට වැටුනා.
උපුටා ගැනීම: Dulanji Mallikarachchi

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!