ඇමරිකාවට ගිය මුල් කාලේ අපේ කැම්පස් එකෙන්ම පවත්වගෙන ගියපු සම්මන්ත්රණ/උත්සව ශාලාවක මම වැඩකලා. ඒ ශාලාවේ ගොඩක් දුරට තිබුණේ වෙඩින් , සම්මන්ත්රණය , ඩිනර් ඩාන්ස් සහ අලුතෙන් ළමයි ආවම එයාලට දෙන ඉන්ඩක්ශන් ප්රෝග්රෑම් වගේ ඒවා. මං උන්න කාලේ තමයි 2016 ජනාධිපතිවරණ විවාදයකුත් ඒ ශාලාවේ පැවැත්වුනෙත්. ඒක නම් අමතකම නොවෙන අත්දැකීමක්.
මට ගොඩක් වෙලාවට තිබුණේ ඒ ඒ අවස්තාවන් වලට ගැලපෙන විදියට සවුන්ඩ් සහ ලයිට් ප්රොජෙක්ටර් තිර සපයලා අටවල දෙන එක. එක දවසක එක් සම්මන්ත්රණයකට අපි අදාල දේවල් ලැහැස්ති කරමින් ඉන්න වෙලාව. සේරම ඉවර කරලා ඩබල් චෙක් කරලා ඉවර වෙන්න තව තිබුණේ පැයක් විතර. ඔහොම යද්දි එතන ට අවශ්ය වෙලා තිබුණ ස්මාට් බෝඩ් එක එක පාරටම වැඩ නොකර යනවා. මං ටක් ගාලා අදාල අංශයට අමතලා අමතර ස්මාට් බෝඩ් එකක් එවන්න කියලා කියනවා. එවන්න කෙනෙක් නෑ ඇවිල්ලා අරන් පල කියලා අනික් පැත්තේ උන්න සුද්දි මට සැර දානවා.
අපිට කැම්පස් එක අස්සේ එහෙ මෙහෙ යන්න දීලා තිබුණා විදුලියෙන් දුවන ගොල්ෆ් කාට් එකක්.ඒකේ පොඩි ට්රේලර් කෑල්ලකුත් අමුණලා තියෙන්නෙ. මං ඕක අරන් අයි.ටී සෙක්ශන් එකට ගිහින් බෝඩ් එකත් පටවන් එනවා. වෙලාව මදි කම නිසා මම ප්රධාන දොරටුව ලඟ ලෝඩින් ඒරියා එක පැත්තට කරත්තේ පැදන් යනවා. එතන මං යනවත් එක්කම කාර් එකක් නතර කරනව. සිරිත අනුව කවුරුවත් කාගෙන්වත් පිටිපස්සෙන් වාහනයක් නතර කරන් හෝන් ගහන්නේ නෑ, ලයිට් ගහන්නේ නෑ. ඒ මනුස්සයා ට තමන්ගේ වැඩේ කරගන්න පොඩි වෙලාවක් දීලා බලන් ඉන්නව. ඒ විතරක් නෙමෙයි එතන බෝඩ් එකක් ගහලා තියනවා වාහනයක් නතර කරන්න පුලුවන් උපරිම වෙලාව විනාඩි දහයක් බව. මං බලන් ඉන්නවා.
මං හිතුවේ ඒ කාර් එකේ මනුස්සයා කවුරු හරි එනකන් එතන බලන් ඉන්නවා කියලා සහ ඉක්මනින් යයි කියල. ඒත් ඒ යකා හෙල්ලෙන පාටක් නෑ. බැහැලා අහන්නත් බෑ. සුද්දෝ ඕවා තේරුම් ගන්නෙම රුයිතෙට. එහෙන් වෙලාවත් කිට්ටු වෙනව. ඇතුලේ උන් දෙන්නා වෝකිටෝකි එකෙන් විනාඩියෙන් විනාඩියට කතා කරනවා. මට ලංකාවේ වගේ හිතෙන තැනක නතර කරලා ඒ බෝඩ් එක උස්සන් අස්සට යන්නත් බෑ. ඒකත් ලෙඩක්.පිටුපස්සෙන් දොරටුවෙන් යන්න කල්පනා කලත් කේටරින් කරන උන් එතන බදු අරගෙන.
මං හෙන භක්තියෙන් කාර් එක ලඟට ගිහිල්ලා බැලුවා පොරක් අස්සෙ ඉන්නවා, ෆෝන් එක පහුරු ගාන ගමන්, මං වීදුරුව ට පොඩි තට්ටුවක් දැම්මා , මට කියන්න ඕන උනේ
“කරුණාකරලා ඔබ මොහොතකට මගේ පිටුපසින් නතර කරගන්න මම විනාඩි පහක් යන්න පෙර ආපසු එනවා එවිට ඔබට නැවතත් මෙතන නතර කල හැකියි” කියන එක
මං කීප වතාවක් තට්ටු කලත් ඌ ඔලුව උස්සලා බැලුවේ නෑ කියන්නකො. එක පාරක් නම් මං දිහා බලලා හරියට ඔරුගොඩවත්ත කලර් ලයිට් එකේ හිඟන්නෙක් දැක්කම කට්ටිය අහක බලන් ඉන්නවා වගේ අහක බැලුවා.
මං පුපුර පුපුර අර මිනිහට සෙත් පතන අස්සෙ ලංකාවේ මල්ලි කෙනෙක් එතනින් යනවා.
“අයියා මොකෝ කලබලේ..”
” නෑ බං මේක අස්සට අරන් යන්න ඕන, කොහෙ යන්නද මේ ඉස්සරහ කාර් එකේ ආව හ්යුක්තා දැන් විනාඩි දහයක් තිස්සේ මෙතන **ම*නෙනවා, ශුවර් අස්සේ ඉන්නේ ඉන්ඩියන් හරි බංගලි ක පයෙක් වෙන්න ඇති, උගේ *ම්මට”
කියලා මම ඒ කාර් එකේ බුවාගේ ඩිම්බ සංසේචනයේ සිට ඔස්ටියෝපොරෝසිස් හැදිලා මයිල් හැලෙන්න පටන් ගන්නකම් සිදුවීම් ටිකක් සංස්කෘත බාශාවෙන් අර ලංකාවේ මල්ලි එක්ක විස්තර කලා. මොකෝ සුද්දො සිංහල කුණුහරුප දන්නව කියලද ,නෑනේ
එ අහපු ඒ සකලවිධ අපතයා එක පාරටම කලබල වෙලා දුවන් ගිහින් ඒ කාර් එකේ ඉස්සරහට නැඟලා යන්න ගියා කියන්නකො. මට ඇඩ්ර්ස් නෑ..රෙදිත් නෑ වගේ , ඒ දෙකම නැති උනා කියලා මට ගාණකුත් නෑ මොකද මං දන්න උන් ඒ රටේ නෑනේ.මං සේරම වැඩ ඉවර කරලා අර මල්ලිට මැසෙජ් එකක් දැම්ම.
” අඩේ සොරි මචං, උඹේ කවුරුහරි කියලා මට හිතුනෙම නෑ බං ඒවෙලාවේ හෙන ටයිට් එක, වැඩේ ඉවර කරන්න විනාඩි දහයක් තිබ්බේ නෑ අනික එවෙලේ මං කතා කලත් ඒ මනුස්සයා නිකන්වත් බැලුවේ නෑ බං”
මට ඒකට රිප්ලයි එකක් විදියට ආවේ මෙන්ම මේ මැසෙජ් එක
” කැතයි”
මං ආපහු රිප්ලයි එකක් දැම්මා
” ඔව් බං කැතයි , තව ගඳයි”
අවුරුදු හතක් වෙනවා උන් තාම මගේ මූණවත් බලන්නේ නෑ.
සුබ සති අන්තයක් වේවා
එඤ්ඤං
උපුටා ගැනීම: කුෂාන් ප්රේමසිරි