කවියක් කල හදියක්… (ඉස්කෝලෙ කාලෙ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
කවියි මායි අතරෙ තියන සම්බන්ධකම මොකක් ද කියන්න නං හරියටම දන්නෙ නෑ. ඒත් කවි හින්දා හුඟක් වෙලාවට මට මූන දෙන්න සිද්ධවුනේ නම් සුන්දර අත්දැකීම් වලට නෙවි. මේත් ඒ වගේ එකක්.
මම මීට කලිනුත්දෙතුන් වතාවක් කියලා තියනවා වගේ අපි ඉපදුනේ හැදුනෙ වැඩුනෙ ජීවත් වුනේ ඉගන ගත්තෙ යුද්ධයක් එක්ක. අපේ මුළු පාසැල් කාලයම ගෙවුනෙ යුධමය වාතාවරණයක් මැද. ඊටත් වඩා කොටි සංවිධනයෙ ඊනියා ඊලාම් රාජ්යයෙ දේශ සීමා ඇතුලෙ හිටපු අපිට රටේ අනිත් පැතිවල උන්න අයට වඩා වෙනස් අත්දැකීම් රැසක්ම තිබුනා.
ඒ මම උසස් පෙල පන්තියේ ඉගන ගත්ත දවස්. සාමාන්ය මධ්ය විද්යාලයක් වුන අපේ පාසලේ උසස් පෙල පන්ති තිබුනෙ සිමිත සංඛ්යාවක්. ඒක ටිකක් විතර විශේෂ අවස්තාවක් කියන්න පුළුවන්. අපේ පිරිමි ළමයි විසි දෙනෙකු ටම උන්න එකම ගෑණු ළමයා මම.
මගේම හා ඥාති සෝයුරන් රැසක් මැද්දෙ හැදිලා වැඩුන නිසා කොහො මත් මට නං ඒක විශේෂ දෙයක් නෙවී. ඒත් අපේ පන්තියෙ කොල්ලට නං මාව විශේෂයි.
මොකද උන්ට මාව පෙනුනෙ විශේෂයෙන් රැක බලාගත යුතු සත්වයෙක් විඳිහට. කොල්ලො ගොඩක් මැද්දෙ එකම කෙල්ල වෙන එකත් ටිකක් කරදරකාර අත්දැකීමක්.
ගෙදරදි විතරක් නෙවී ඒ ගමන පාසලේදිත් මේ අනවශ්ය සොයා බැලීම වෙලාවකට මහා කරද රක්. අයියෝ ඒ ගමන කතාවෙන් පිට පැන්නා නෙ
ඒ යුද්ධය ඉතාම තදින් තිබුන කාලයක්. අපේ පාසල ලඟත් හමුදා මුර පොලක් තිබුනා. ඇත්තටම මට නං ඒක විශේෂ දසුනක් නෙවී. ඒ දවස් වල ඒක හරිම සාමාන්ය දසුනක්.
ඒත් ඇයි මන්දා යුධ හමුදා නිල ඇඳුමට මො ක්දෝ නොතේරෙන ආකර්ශනයක් මගෙ හිතේ හැමදාම තිබුනා. ඒක පුද්ගලානුබද්ධ දෙයක් නෙවී. කාලයක් මටත් හමුදා නිලධාරිනියක් වෙන්න ඕනි වෙලා තිබුනා.
ඇත්තටම මම හරි අමුතු විඳිහට හිතන්න පුරුදු වුන කෙනෙක් .හැම දෙය ක්ම වෙනස් විඳිහට දකින්න මම පුරුදු වෙලා උන්නා.
සමහර වෙලාවට මේ සිදුවීමත් ඒ අමුතු කල්පනාවන් හින්දම සිද්ධවුනා වෙන්න ඇති. මොකද සාමාන්ය ගෑණු ලමයෙක් වගේ හිතුව නං සමහර විට මං අතිං එහෙම කවියක් නොලියවෙන්න තිබුනා.
ඇත්තම කිව්වොත් මොන තරම් ආරක්ෂක විධිවිධාන තිබුනත්. ඒ දවස්වල අපේ හිත්වල තිබුනෙ වචන වලින් විස්තර කරලා කියන්න බැරි තර ම් බර අනාරක්ෂිත අවිනිශ්චිත හැඟීමක්.
වැඩියෙන්ම අනාරක්ෂිත හැඟී මක් දැනෙන්නෙ වැඩියෙන්ම ආරක්ෂිත තැන්වල ද කියලා හිතෙන තරමට ඒ හැඟීම හරි බරයි. අද අපිට හමුවෙන මුණ ගැහෙන හිනාවෙන කතා කරන අය ඊලඟ වතාවෙදි අපිට හමුවෙයිද කියන එක ගැන අපිට විශ්වාසයක් තිබුනෙ නෑ.
මං කොච්චරවත් කතාවෙන් පනිනවනෙ අප්පා. ඒත් මේ විස්තර ටික කියන්නෙ ඒ දවස්වල අපේ භෞතික හා මානසික පරිසරය ගැන දළ අදහසක් ඇති කරන්න විතරයි.
අර මම කලින් කීව අපේ පාසල අසල තිබුන හමුදා මුර පොලේ හිටිය හරිම ප්රිය මනාප හමුදා නිලධාරියෙක්. අනිත් අය එහෙම නෑ කියන එක නෙවී මම කියන්නෙ එයා අනිත් අයට වඩා විශේෂයි. එතනින් යන එන හැම කෙනෙක් එක්කම එයා ප්රිය මනාප විඳිහට හිනාවෙනවා කතා කරනවා මම දැකලා තියනවා.
මම නං කොහොමත් ආඩම්බර කෙල්ලෙක් නිසා මං කාත් එක්කවත් කතාවට යන්නෙ නෑ. එත් දෙතුන් වතාවක් එයා මා එක්කත් හිනා වෙලා තිබුනා. සමහර විට එයාව මතක තිබුනෙ ඒ නිසාම වෙන්න ඇති.
ටික දවසකට පස්සෙ එයා එතන හිටියෙ නෑ. ඒක සාමාන්යයි. එයා වෙන තැනකට යන්න ඇති. ඒත් ඒ සාමාන්යතාවය හරහා නොතේ රෙන අසාමාන්ය හිතිවිලි වැලක් මට දැනුනා.
අර මම කලින් කීව අවිනිශ්ත අනාරක්ෂිත බව පිලිබඳ හැඟීම වරක් මුණගැහුණ අයෙක් නැව ත මුණ ගැහේවිද කියලා විශ්වාසයක් නැති කම වගේ හිතිවිලි වැලක් ඒක.
මම ඒ හිතිවිලි වැල අකුරු කලා. ඒ දවස්වල මට කෙටි කවි ලියලා පුරුද්දක් තිබුනෙ නෑ ඒ නිසා මම ලීවෙ සීආර් පොතක පිටු එකහමාරත් විතර දිග කවියක්. ඒක කවියක්ද
කතන්දරයක්ද මන්ද..දැන් මට මතක ඒකෙ අවසාන පේලි දෙක තුන විතරයි. ඒ ටික කියවද්දි ඔයාලට සමහර විට මම කියන්න හදපු දේ තේරේවි.
කර වටක් බැඳි
ප්රාකාරයෙන් එඹෙමි
ඇහිඳගෙන යන්නට
නම නොදත්
සොල්දාදුවාගේ
හසරැලි දෝත..
ඊයේත් නොදුටුව
අනේ අදත්
ඔහු එහි නැත
නම නොදත්
සොල්දාදුවාගේ
තැන ගෙන
අළුත් සොල්දාදුවෙක්
හිට ගෙන..
අවාසනාවට මම මේ කවිය ලියලා තිබුනෙ මගෙ ගිණුම්කරණය පොතේ අවසාන පිටුවෙ. මගෙ හැම සටහන් පොතකම අවසාන පිටුවෙ ඉදන් ඉස්සරහට කවි ලියපු පිටු කිහිපයක්ම තිබීම සාමාන්යයයි. හැබැයි ගිණුම්කරණය පොතේ එහෙම තිබීම අතිශයින්ම අසාමාන්ය වුනා.
තමුසෙ හිතුවෙ මේක කෝලං මඩුවක් කියල ද…? තමුසෙලා වගේ එවුන් නිසා හොඳට ඉගන ගන්න ළමයෙකුටවත් තැනක් නැතුව යනවා..
එකවුන්ට් මැඩම් මට බැනගෙන බැනගෙන යනවා.
ඇත්තටම මම දඟ කෙල්ලෙක් තමා. කොල්ලෙ ක්වත් මං තරං දඟ වැඩ කරන්නෙ නැතුව ඇත
ඒත් මෙයා මේ දැන් මට බනින්නෙ මම කරපු මොන වැරැද්දට ද කියලා නං මට තාමත් හිතා ගන්න බෑ. ගානක වැරැද්දක් හදන්න පෙරල ගත්ත පොතේ අවසාන කොලේ දිහා එයා ආයිමත් බැළුවා.
හ්ම්ම්ම්..නම නොදත් සොල්දාදුවාගේ මතකය
නමවත් දැනගෙන හිටියෙ නැද්ද එතකොට….
එයා එකපාරම එහෙම අහන කොට මට එකපාරම උන්හිටි තැන් පවා අමතක වුනා. මොකද එයාගෙ වචන වලින් කියවුන දේට වඩා වෙනස් දෙයක් ඒ වචන වලින් කියවුනා කියලා නොදැන ඉන්න තරම්මම මම පොඩි එකෙක් නොවුන නිසා.
මැඩම්… ඒක..කවියක්….
මම කිව්වෙ නෑ. මට කියවුනා ජීවිතේදි කවදා වත්ම මට මේ තරම් අසරණ කමක් දැනිලා නෑ.
කවිවල තියෙන්නෙත් හිතේ තියන දේවල් තමා ..
ඇය ආයිම කෑ ගැහුවා. කවිවල තියෙන්නෙ හිතේ තියන දේ තමා. ඒත් මම ලියලා තිබුනෙ ඇය අදහස් කරපු දේ නෙවී.
ඇය අර්ථකතනයක් දුන්නෙ මම ඒ කවියෙන් කියන්න හීනෙකින්වත් හිතපු නැති දෙයක් ගැන.
මම කියන්න හදන්නෙ මැඩම් හිතන දේ නෙවී මැඩම්…මේ ඇත්ත මම කොහොම පැහැදිලි කරන්න ද කියලා මට තේරෙන්නෙ නෑ.
තමුසෙ හිතන් ඉන්නෙ මම කිසිම දෙයක් තේරුං ගන්න බැරි බබෙක් කියලද..අපේ මේ කෙස් සුදු වෙලා තියෙන්නෙ නියගෙට පීනසේට නෙවී තමුසෙලා හැරෙනකොට අපිට කියන්න පුළුවන් මොනවට හැරෙ න්නෙ කියලා..
තමුසෙට ඉගන ගන්න ඕනි නෑනෙ.. මෙතන අපිට වද දෙන්න කොලේජ් එනවා… තියන අමා රුවට මොකෙක්ගෙ හරි ඇඟේ එල්ලෙන්නෙ නැතුව..
එකවුන්ට් මැඩම් කියෝගෙන යනවා. එයා ඊට පස්සෙ කියපු වචන ටික ඊට අවුරුදු ගනනාව කට පස්සෙ වැඩිහිටියෙක් විඳිහටවත් මට ප්රසිද්ධියෙ කියන්න බෑ.
එකපාරටම දැනුනෙ තරහක්.. ඒත් එක්කම ලොකූ පසුතැවීමක් එක්ක නොතේරෙන අසරණකමක් දැනුනා.
කවියක් ලිව්වම ඒකෙන් කියවෙන දේ තේරුං ගන්නෙ නැතුව තමන්ට හිතෙන දේ ලියවිලා තියනවා කියලා විශ්වාස කරන ගුරුවරයෙක් ගැන ඇත්තටම හිතට දැනුනෙ ලොකු කණගාටුවක්.
අඬන්න ඕනිද හිනා වෙන්න ඕනි ද කියලා මට එකපාරම හිතා ගන්න බැරි වුනා. කවදාවත් නැතුව මගෙ ඇස්වලට කඳුළු පිරුණා.
කොල්ලොම විතරක් ඉන්න පන්තියක ගෑණු ළමයෙකුට ඒ වගේ අපහාසයක් දරා ගන්න ලේසි නෑ. මට දැනුනෙ මම ඒ කොල්ලො ගොඩ ඉස්සරහා නිරුවත් වුනා වගේ හැඟීමක්.මම ආපහු මගෙ මේසෙ ලඟට ආවෙ කොහෙමද කියලා මට මතක නෑ. මහා හයියෙන් කෑ ගහලා අඬන්න මට ඕනිවුවා.
හොඳ වෙලාවට පන්තියෙ කොල්ලො ටික මම කවුද කියන එක තේරුං අරං තිබුන නිසා උන් මාව තවත් අපහසුතාවයට පත් නොකර ඉන්න පරිස්සම් වුනා.
ඇත්තටම මේ ටික කියලත් බෑ නොකියත් බෑ. එදා අපේ පන්තියෙ මම ඇර වෙන එක ගෑණු ළමයෙක්වත් නොහිටියෙ මගෙ වෙලාවට. එහෙම උනා නම් මට එදායින් පස්සෙ ආපහු පාසල් යන්න වෙන්නෙ නෑ. අර කො ල්ලො මං ගැන මොන තරං හිතුවද කියනව නං. ඒ සිදුවීම අපි විසි දෙදෙනගෙන් පිටට යන්න ඉඩ දුන්නෙ නෑ.
ඒත් ඒ සිදුවීම අවුරුදු ගානක් යනකං කවියක් ලියන හැම මොහොතකම මගේ හිතේ හොල්මන් කලා. වචන දෙකක් ලියන හැම වතාවකම වැරදි දෙයක් නොකියවෙන්න මම පරිස්සම් වුනා. ඒ අනවශ්ය සුචරිතවාදය නිසා කවිවලින් කරන්න පුළුවන් හුඟක් දේවල් හුඟක් ඉසව් මගෙන් මඟ ඇරෙන්න ඇත.
මම මෙහෙම සිදුවීම් කියද්දි මගෙ දෝණි අහන ප්රශ්නෙට දෙන්න මට අදටත් උත්තරයක් නෑ…
ඇත්තටම අම්මා, ඔයා ඔච්චර අමාරුවෙන් මොකටද ලියන්නෙ…?
ඇත්තටම ඇයි..මම දන්නෙ නෑ.
උපුටා ගැනීම: Priyanga Gunathilaka

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!