මට ඕනි උනා කී දෙනෙක් මට ආදරෙයිද,ලෙංගතුයිද කියල හරියටම දැනගන්න. මුලින්ම කළේ ෆේස්බුක් අයින් කරල දාන එක. ඒ වැඩේ හරි. හිතට පොඩි සැහැල්ලුවක් ආව. වට්සැප් වයිබර් මේ සියල්ල අයින් කළා. අනිත් දවසෙම මගෙ යාලුවගෙන් කෝල් එකක් එනව.
“මොකෝ යකෝ වට්සැප් ෆේස්බුක් එකෙන් මාව බ්ලොක් කළාද ? “
“නෑ බං මං ඒව අයින් කළා ටික දවසකට”
මෙහෙම දවස් දෙක තුනක් යනකොට යාළුවා මගෙ පෝන් එකට කෝල් එකක් ගත්ත. විශේෂ හේතුවකට නෙවේ. ඇත්තටම පොර හොඳ යාලුවෙක්. ලිස්ට් එකට මං ඌව දාගත්තා.
මෙහෙම සතියක් දෙකක් ගියා. පෝන් එකට නම් දැන් කෝල් එන්නෙම නැති තරම්. දවස් දෙක තුනකට පාරක් කෝල් කරපු යාළුවත් දැන් කතා බහක් නෑ. නිකමට හිතුණා ඒ පැත්තෙ ගිහින් එන්න. කෝල් එකක් නොදීම මං ගියා යාළුවගෙ ගෙවල් පැත්තේ.
යාළුවගෙ ගෙදරට යනකොට එහේ ලොකු උත්සවයක්. තව ටිකක් ඉස්සරහට යනකොට මට දැනගන්න ලැබුණා ඒ මගෙ යාළුවගෙ වෙඩින් එක කියල. මං එහෙම්ම හැරිල ආවෙ හදවතින් ඌට ජය වේවා කියල ප්රාර්ථනා කරන ගමන්. එත් හිතට පොඩි වේදනාවක් ආව. කමක් නෑ ඌට අමතක වෙන්න ඇති.
ආපු වේදනාවත් එක්ක මං ගියා බාර් එකට. මගෙයි කියල කිසිම කෙනෙක් නෑ කියන හැඟීම එක්ක මං සිහි නැති වෙනකල්ම බිව්ව. මාව ඇහැරෙනකොට මං ඉඳියෙ බාර් එකෙන් එළියෙ එක මුල්ලක. ගොඩක් රෑ වෙලා. වෙරි මර ගාතෙම මං ගෙදර ගියා.
ගෙදර එක ලයිට් එකක් දාල පේනව ඈතට. එළියේ පුටුවක් තියාගෙන අම්ම බලං ඉන්නව මං එනකල්. හරියටම පාන්දර 1 යි. ” මොකෝ අම්මෙ ? නිදා ගන් නැද්ද ?”
“කොහෙද ගියේ මෙච්චර වෙලා. උඹ ගෙදරින් එළියට ගියාම මට නින්ද යනවද ? මොනවද කෑවෙ. කාල නැතත් බීල නම් තියෙනව. බත් බෙදල ඇති. තවත් පිළුණු වෙන්න කලින් කාපන්.” එහෙම කියල අම්ම ගේ ඇතුළට ගියා.
ඉතිං මේ තාක් දුර දාහක් බැඳීම් අස්සෙ මට හම්බුණ මට ආදරේ,මට ලෙංගතු අප්රමාණ සෙනෙහසක් දුන්නේ අම්මා විතරයි. මං අම්මව තදින් බදාගත්තා. 

උපුටා ගැනීම: Rasara Meemanarachchi