කෙල්ලෝ සහ පූසෝ… (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
කෙල්ලෝ පූසන්ට සමාන වෙන්නෙ කොහොමද….?
1. දෙපාර්ශවයට ම අවධානය උවමනා වූ විට ඔබ කොයිතරම් බරපතල වැඩක නිරත වී සිටියත් ඔවුන්ට එය ලබා දෙන තුරු ඔබට සැනසීමෙන් වැඩ කිරීමට ඉඩක් නොලැබේ.
2. දෙපාර්ශවයම ඊළඟ මොහොතේ කුමන ආකාරයට හැසිරෙයිද යන්න නිවැරදිව සිතා ගැනීම ඉතා අපහසුය..
3. දෙපාර්ශවයම ඉතා ආඩම්බරකාර ගති වලින් පිරී ඇත. ඔබට ඔවුන්ව සුරතල් කිරීමට අවශ්ය මොහොතේදී කිසිම අවුලක් නැතිව ඔබව මඟහැර යාමට ඔවුන්ට පුළුවන්.
4. දෙපාර්ශවයම තමන් ඉතා පිරිසිදුව ජීවත් වන බව පෙන්වීමට මහත් උත්සාහයක් දරති.
5. ඕනෑම මොහොතකදී දෙපාර්ශවයෙන් ම අනපේක්ෂිත ප්රහාර එල්ලවිය හැක. එහිදී පූසන්ගෙන් මුහුණේ හෝ අතේ පයේ සීරුම් තුවාල ද, කෙල්ලන්ගෙන් හදවතේ දරුණු සීරුම්ද ඇති විය හැක. ඒ තුවාල වර්ග දෙකම ඉතා වේදනාකාරීය.
6. වලියක දී දෙපාර්ශවයම තම ප්රතිවාදියාව කටින්ම පරාජය කිරීමට උත්සාහ දරයි. එවැනි කටින් වලි පැය ගණන් වුවත් ඇදි ඇදී යා හැකි අතර සටනේ උච්චතම අවස්ථා වලදී ඉතාම සුළු පහරදීමකදී වුවද මර හඬ දී කෑගැසීමක් බලාපොරොත්තු විය හැක. (දෙගොල්ලන්ගේම වලි බලා සිටීමෙන් අපට ආතල් ගත හැක)
7. දෙපාර්ශවයම තේරුම් ගැනීමට අපහසුය. තමන්ට අවශ්ය දේ ලබාගත් පසු පහසුවෙන් ඔබව අමතක කර වෙනත් රාජකාරියක් සඳහා පිටව යාම ගැන දෙපාර්ශවයම කප් ගසා සිටිති.
8. දෙපාර්ශවයම ඔබ නිදාගැනීමට යන සැමවිටම කරදරකාරී ලෙස හැසිරේ. (මල් කඩන අය දන්නව නේ.)
9. දෙපාර්ශවයම ඔබ කියන දෙයට ඇහුම්කන් නොදී ඔවුන්ට ඕනෑ දෙයක් හිතූ හැටියට කිරීමට සැදී පැහැදී සිටිති.
10. දෙපාර්ශවයම තම ස්වාමියාගේ තුරුලට වී පැය ගණන් කාලය ගත කිරීමට මහත් ප්රියතාවයක් දක්වයි.
(එවැනි අවස්ථාවල දී ස්වාමියාගේ ක්රියා කලාපය අනුව පූසෙක් නම් පුරු පුරු ප් ර් ර් ර් ර් ශබ්දයක් ද කෙල්ලක් නම් වෙනත් විවිධාකාර වූ ශබ්ද ද ඇසිය හැක )
පිරිමින් නිසැකවම ඔවුන්ගේ බළලුන් සමඟ සම්බන්ධ වී සිටියද, පර්යේෂකයන් කාන්තාවන් සහ ඔවුන්ගේ සතුන් අතර වැඩි අන්තර්ක්රියාකාරිත්වයක් දුටු අතර, බළලුන් පිරිමින්ට වඩා කාන්තාවන් වෙත ළඟා වීමට වැඩි ඉඩක් ඇති බවත්, සම්බන්ධතා ආරම්භ කිරීම සඳහා උකුලට පැනීම වැනි දේවල් කරන බවත් සොයා ගත්හ.
(ඒකෙත් හැටි බලහන්කෝ )
ප.ලි. ඔය කොච්චර එපා කරපු ගති තිබුනත් ඔය දෙපාර්ශවයම අපට නැතිවම බැරිය…
තව මේ වගේ සමානකම් තියෙනවානම් යටින් කොමන්ටුවක් දමාගෙන යන්න .
උපුටා ගැනීම:  ධනුෂ්ක චතුරංග

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!