ගසක කඳේ සිරස් අතට හිඳිමින් ගසට කොටනා රතු හා කළු මුසු පිහාටු
සහිත සිරුරකින් යුත් කුරුල්ලා ඔබට මතකද? ඒ කොට්ටෝරුවා යැයි ඔබ සිතුවා නම් ඔබ වැරදිය.
බොහෝ දෙනෙකු කොට්ටෝරුවා යයි වරදවා ගන්නේ කෑරලාටය කොට්ටෝරුවා ඉංග්රීසි බසින් Barbet ය. කෑරලා Woodpecker ය. කොට්ටෝරුවාගේ විද්යාත්මක නාමය Megalaimidae වන අතර කෑරලාගේ විද්යාත්මක නාමය Pacidae ය.
කොට්ටෝරුවා
කොට්ටෝරුවාගේ ප්රමුඛ වර්ණය කහ මුසු කොළ පාටය. ඌ බොහෝ විට ගසක තිරස්ව වසා සිටින පක්ෂියෙකු මිස සිරස්ව වසන පක්ෂියෙකු නොවේ. එහෙත් කෑරලා තිරස්ව වසන්නේ කලාතුරකිනි. අප නිතර දකින්නේ කෑරලා ගසක කඳට සමාන්තරව මෙන් සිරස්ව වසා ඊට කොටමින් සිටින ආකාරයයි. කොණ්ඩ කුරුල්ලාගේ මෙන් උස්වූ කිරුළක් කෑරලාගේ හිස මුදුනේ වෙයි. මේ පක්ෂීන් දෙදෙනාම ගස්වල බෙන හාරා කූඩු තැනීමට රුසියෝය. ඒ සඳහාම සැකසුණු සවිමත් හොටක් උන්ට ඇත.
සාමාන්යයෙන් කෑරලෙකුට තත්පරයට වාර විස්සක් තරම් ප්රමාණයක් ගසකයට කෙටිය හැක. ඒ උගේ සිරුරේ බර මෙන් 1200ක පමණ බරක් යොදමිනි. කෑරලෙකු එක් දිනකට මෙසේ කොටන වාර ගණන සාමාන්යයෙන් 12000ක් බව පැවසේ. මේ තොරතුරු අසා අපට හිසරදය සැදුනත් මේ පක්ෂියාගේ හිසට නම් කිසිදු උපද්රවයක් වන බවක් නැත. එසේනම් ඒ ඇයි?
චීන හා හොංකොං පර්යේෂකයන් පිරිසක් එක්ව කෑරලූන් ගැන මෑතක කළ වඩාත් සමීප අධ්යයනයක් මගින් මේ පැනයට පිළිතුරු ලැබේ. ඔවුන් අධිවේග කැමරා හා කෙටීමේ බලය මනින උපකරණ ඇටවූ විශේෂ කුටියක මේ පක්ෂීන් රඳවා උන්ගේ හැසිරීම් අධ්යයනය කර ඇත.
එක්ස් කිරණ මගින් මේ පක්ෂීන්ගේ හිස් ස්කෑන් කර නිරීක්ෂණය කරනු ලැබ ඇති අතර අස්ථි සැකැස්ම ගෙන ඇත්තේ ඉලෙක්ට්රෝන අන්වීක්ෂයකිනි. සංරක්ෂණය කර තිබූ කෑරල හිස් කබල් යන්ත්රානුසාරයෙන් පොඩිකර පරික්ෂා කර ඇත. අනතුරුව ඔවුන් මෙසේ ලබාගත් දත්ත ඇසුරින් සකසන ලද ත්රිමාන අනුරුවක් ද තම
කෑරලා
පර්යේෂණයේදී ආධාර කොටගෙන ඇත. මෙනිසා මේ පර්යේෂණය සඳහා යොදාගත් සජීවී පක්ෂීන්ට කිසිදු හානියක් සිදුව නැත.
බොහෝ පක්ෂීන්ගේ හිස්කබල එතරම් සවිමත් නැත. එහෙත් මේ පක්ෂීන්ගේ හිස ඉතා ශක්තිමත් අස්ථිවලින් සෑදී ඇති බව මේ පර්යේෂණයේදී අනාවරණයවී ඇත. එසේම ඒවා සංකෝචන වලට ඔරොත්තු දෙන ස්පොන්ජ වැනි ව්යුහයක් සහිත බව පැවසේ. ඒවා හිස වටකර පිහිටා ඇත්තේ නළලේ හා හිස පිටුපස අස්ථි වැඩි ප්රමාණයක් රැඳෙන අයුරිනිි. ඊට අමතරව උගේ හොටය හිස්කබල හා සම්බන්ධ වන්නේ ප්රත්යස්ථ පටකයකිනි(Elastic Tissue) . මේ පටකය කම්පනය දරාගත හැකි කොට්ටයක් සේ ක්රියා කරයි.
මේ අපූරු සත්ත්වයාගේ මොළය හිස තුළ හොඳින් ආරක්ෂා වන පරිදි පිහිටා ඇත. එහෙත් එය මිනිස් මොළය මෙන් මස්තිෂ්ක සුෂුම්නා තරලයක පාවෙන්නක් නොව හිස්කබලට තරයේ ඇලී සිටින්නකි. එනිසා එය නොසෙල්වී පවතී. කම්පනය ද වැඩි පෙදෙසක් පුරා සමව බෙදී යන හෙයින් එමගින් ඔරොත්තු දීමේ හැකියාව ඉහළ යයි.
කෑරල හොටයේ උඩු පියන යටි පියනට වඩා දිගින් වැඩිය. එහෙත් යටි පියනේ අස්ථි සැකැස්මේ දිග හා ශක්තිය උඩු පියනට වඩා වැඩිය. එනිසා හොටයෙන් එල්ල කරන පහරවල කම්පනය වැඩිපුර දැනෙන්නේ යටි පියනට හා හිස්කබලේ පහත කොටසටය. එමගින් මොළය තව දුරටත් සුරැකේ.
ඔබ මිටියකින් ගසා යමක් පොඩි කරන්නේ නම් ඔබේ ඇස් පිළිබඳ සැලකිලිමත් වනු ඇත. ඇසේ ආරක්ෂාව සඳහා කණ්ණාඩි ද පළඳිනු ඇත. මෙතරම් ශක්තිමත් හිසක් සහිත කෑරලාගේ ඇස ආරක්ෂා වන්නේ කෙසේදැයි දැන් අපි විමසා බලමු.
කෑරලාගේ යටි ඇසිපියට පහළින් තරමක් ඝන ව්යුහයක් ඇති බව ඔබ දැක තිබුණාද? Nictitans යනුවෙන් හැඳින්වෙන මේ තෙවැනි ඇසිපිය ඇසේ ආරක්ෂාව සලසන්නේ මොටෝ රියක ආසන පටියක් මෙනි. ඇස නිවැරදි තැනටම බැඳ තබන මේ ව්යුහය ඇස ඉරීයාමකට හෝ එළියට පැනීමට නොදී ආරක්ෂා කරයි. කෙටීමේදී විසිවන දේ ඇස තුළට යෑම ද එමගින් වැළකේ.
උගේ හොට මුල පිහිටි සියුම් කෙඳි වැනි පිහාටු මගින් නාසය තුළට කුඩා අංශු ඇතුළුවීම වළකයි.
කෑරලා එකදිගට එකම තැනකට කොටන බවක් පෙනුණ ද එය එසේ නොවේ. ඌ නිරන්තරයෙන් කොටන ස්ථානය වෙනස් කරයි. එහෙත් පියවි ඇසෙන් එය නිරීක්ෂණය කළ නොහැක.
පර්යේෂකයන් පවසන්නේ රුක් කඳකට කෙටීමේදී අවශ්ය සම්පූර්ණ ශක්තියෙන් 99.7%ක්ම කෑරලා ලබා ගන්නේ උගේ සිරුරෙන් බවයි. ඉතිරි 0.3% මොළයෙනි. එහෙත් එමගින් මොළය රත්වීමකට ලක්වේ. මෙනිසා උන් කෙටි විරාම තබමින් කෙටීම සිදු කර මොළය රත්වීම වළක්වා ගන්නා බව පෙනී ගොස් ඇත.
කෑරලාගේ හිස ගැන මේ අපූරු තොරතුරු අනාවරණය වෙද්දී විදෙස් පුවත් තවත් අපූරු පුවතක් ලෝකයට කියා තිබුණි. එනම් කොට්ටෝරුවන් එංගලන්තයේ පහන් කණු 6000කට පමණ හානි කර ඇති බවයි.
මේ පක්ෂියා සුපුරුදු ස්ථානයට නැවතත් පැමිණෙන නිසා තත්වය වඩාත් නරක් වෙමින් පවතින බව පැවසේ. මෙනිසා එරට විදුලි සමාගම් සේවකයෝ මේ සතුන් පළවා හැරීම සඳහා රසායන ද්රව්යයක් පහන් කණු වල ආලේප කරති. එය මේ පක්ෂීන්ට අප්රිය එහෙත් හානිකර නොවන ස්වභාවික තෙල් වර්ගයක් බවත් බිත්තර හෝ පැටවුන් හෝ සහිත බෙන වලට කිසිවක් නොකරන බවත් ඔවුහු පවසති. මේ පක්ෂියා එරට පාරිසරික තර්ජනයන්ට ලක්වූවෙකි.
කෙසේ වුවත් කෑරලාගේ හිස සොබා දහමේ අපූරු නිර්මාණයක් බව නම් නොකියා බැරිය.
කොට්ටෝරුවා කිව්ව ගමන් අපේ ඔලුවෙ මැවෙන්නෙ ගස්වලට කොටමින් යන දිග හොටක් තියන රතුපාට කුරුල්ලෙක්ව. “කොට්ටෝරුව ගහෙන් ගහට කොට කොට යනවා කෙහෙල් ගහට කොටපුවාම හොට පැටලෙනවා” කියන්නෙ ඒකනෙ. නමුත් කොට්ටෝරුවා කියන්නෙ එහෙම ගහෙන් ගහට කොටමින් යන කුරුල්ලෙක් නෙමේ! කොට්ටෝරුවා කියල අපි හඳුන්වන කුරුල්ලා ගෙ ඇත්තම නම තමා කෑරලා. මේ Woodpecker නමින් හඳුන්වන කුරුල්ලාගේ නම සිංහලෙන් කෑරලා වියයුතුයි. මග හඬින් සද්ද නගමින් ගස් වලට කොටන්නේ කෑරලා තමයි. කෑරලුන් විෂේශ ගණනාවක්ම අපේ රටේ දක්නට ලැබෙනවා. මේ මුල්ම පින්තූරෙ ඉන්නෙ අපිට බහුලවම දකින්න ලැබෙන රතුපිට රත් කෑරලා (Red backed woodpecker) . එතරම් සුලබ නොවුණත් රන් පිට රත් කෑරලා (Golden backed woodpecker) කහ පිට මහ කෑරලා (Black backed yellow woodpecker) බොර ඉයැසි ගෝමර කෑරලා (brown capped pygmy woodpecker) පුංචි කාවුරු කෑරලා (Small scaly bellied woodpecker) කහසිළු ගෝමර කෑරලා (Yellow crowned woodpecker) හීන් කහ ගෙලැසි කොළ කෑරලා (Lesser yellow napped woodpecker) කියන කෑරලුන් විශේෂ ලංකාවෙන් හමුවෙනව. කෑරලාගෙ ශරීරයෙ තියන සුවිශේෂී පිහිටීමක් තමා අසාමාන්යය තරම් දිගට වැඩෙන උන්ගේ දිව. මේ ඉතා දිගු දිව ගස් කඳන් හාරද්දී ඒ තුල ඉන්න කෘමි සතුන් පණුවන් ආහාරයට ගන්න උදව්වෙනව.
එතකොට කොට්ටෝරුවා කියන්නෙ කාටද? මේ හත්වෙනි පින්තූරයෙන් පස්සෙ ඉන්න කුරුල්ලන් තමා නිවැරදිව කොට්ටෝරුවා (ඉංග්රීසියෙන් Barbet) විදිහට හඳුන්වන්නෙ. පින්තූරයෙ ඉන්නෙ අපි පොළොස් කොට්ටෝරුවා නමින් හඳුන්වන Brown headed barbet.. රන් නළල් කොට්ටෝරුවා (Yellow fronted barbet) සහ රත් මුහුණත් කොට්ටෝරුවා (Crimson fronted barbet) ශ්රී ලංකාවට ආවේණික කුරුල්ලන්. කොට්ටෝරුවා ආහාරයට ගන්නේ ඉදිණු පළතුරු. මේ කුරුල්ලන් ජීවත්වෙන්නෙ නිවර්තන කලාපීය රටවල. කොට්ටෝරුවාට කෑරලා තරම් ගස් හෑරීමේ හැකියාවක් නෑ. ඒ නිසා දිරා ගිය ගස් කඳක හදාගත් බෙනයක නැත්නම් බොහෝ වෙලාවට කෑරලෙක් අතහැරගිය තැනක තමා කොට්ටෝරුවන් වාසස්ථානය සඳහා තෝරාගන්නෙ.
……………..අන්තර්ජාලය ඇසුරෙනි…………….





උපුටා ගැනීම: දැනුම සොයන්න මේ පාරෙන් එන්න