මට වයස අවුරුදු 9ක් වෙනකොට අප්පච්චිත් එක්ක ඇති උන රන්ඩුවකින් අම්මා මාවත් අරගෙන අම්මලගෙ ගෙදර යනවා..
ඒත් අප්පච්චිටයි අම්මටයි වෙන් වෙන්න තරම් හේතුවක් ඒ රන්ඩුව ඇතුලෙ තිබ්බද කියන්න මං අදටත් දන්නෙ නෑ..
එදයින් පස්සෙ අප්පච්චිගෙ තාත්තා මාවයි අම්මවයි දෙන්නව ආපහු අපේ මහ ගෙදරට එක්ක යන්න ආවත් ආයෙත් එහෙ යන්න අම්මා කැමති උනේ නෑ…
අපි අම්මලගෙ ගෙදරට ඇවිත් මාස තුනක් යන්නත් කලින් අප්පච්චි ආගිය අතක් නැති උනා..එදයින් පස්සෙ අප්පච්චි හිටපු තැනක් හොයාගන්න පොලිසියටවත් බැරි උනා..
අප්පච්චිගෙ රූපේ මගෙ හිතින් ටික ටික මැකිලා ගියත් මට පුරුදු මගෙ අප්පච්චිව මං දැක්කෙ අම්මගෙයි අප්පච්චිගෙයි වෙඩින් පොටෝ එකෙන් විතරයි..
ඒ වෙනකොට මං පහ වසරෙ..ශිෂ්යත්ව විභාගෙන් ලකුනු එකසිය පනහක් ගත්තත් මං අම්මගෙ ගමේ පොඩි ස්කෝලෙ තමයි ඒ වෙනකොටත් ඉගෙන ගත්තෙ..
මූණට නොකීවට අම්මගෙ තාත්තට,අම්මට,අම්මගෙ මල්ලිට මාව බරක් වෙලා තිබුන බව මං පොඩි වයසෙ උන්නත් මට තේරුම් ගන්න බැරි උනේ නෑ..ඒ වෙනකොට අම්මා ගාර්මට් එහෙක වැඩට ගිහින් ඒ පඩියෙන් ස්කෝලෙ යවලා මාව බලාගත්තා…
ඒ වෙනකොට මං අම්මලගෙ දිහා ගිහින් අවුරුදු දෙකක් කිට්ටු වෙන්න ඇවිත් තිබුනා…ඒ 2010 අවුරුද්ද වෙන්න ඕන මට මතක විදියට..
මං අම්මලගෙ ගෙදර ආව දවසෙ ඉදන් හැම මාසෙම අප්පච්චිගෙ තාත්තා මාව බලන්න ආවා…ඒ එයලාගෙ ළොකු මුනුබුරා මං නිසා වෙන්නැති කියලයි අදටත් මං හිතන්නෙ..
අම්මගෙ පැත්තෙන් කවදාවත් නොදැනුනු ආදරයක් මගෙ තාත්තගෙ පැත්තෙ හැම නෑදෑයෙක්ගෙන්ම මට හැමදාම දැනුනා…ඒක ආදරේකට වඩා හරි ලෙන්ගතුකමක්…
ඔය අතර අප්පච්චිගෙ තාත්තා ( මං ආදරේට කියන්නෙ අත්ති කියලා ) මාව බලන්න ආව හැමදවසකම අත්ති මට කීවෙ අපි ඔයාව බලාගන්නම් අපිත් එක්ක මහගෙදරට යමු කියලා..
කොහොමහරි අවසානෙ හය වසරෙ ඉන්නකොට මං අත්තිත් එක්ක මහගෙදරට ආවා…ඒ වෙනකොට අප්පච්චි අතුරුදහන් වෙලා අවුරුදු දෙකකටත් වැඩි කාලයක් ගිහිල්ලා උනත් එයා ගැන කිසිම හෝඩුවාවක් තිබුනේ නෑ..
මහගෙදරට ඇවිත් අවුරුද්දක් යන්නත් කලින් අම්මා මාත් එක්ක කතා කරන එක නතර උනා ඒ ඇයි කියන්න මං අදටත් දන්නෙ නෑ..
අම්ම අප්පච්චි දෙන්න නැති උනාත් මගෙ කිරි අම්මයි අත්තයි මට ඒ අඩුව දැනෙන්නැතිවෙන්න වගබලාගත්තා..
පොඩි කාලෙ ඉදලම කාගෙන්වත් කිසිම දෙයක් ඉල්ලුවෙ නැති මට අත්ති කිරි අම්ම දෙන්නා හැමදේම පුලුවන් විදියට දුන්නා..
අම්මට ඉන්න එකම දරුව මම උනත් අදටත් අම්මට මං ගැන ගානක් නැත්තෙ ඇයි කියන්න මං දන්නෙ නෑ…
අම්ම කෙනෙක් එහෙම ඉන්නෙ කොහොමද ?
කියන දේ මගෙ ඔලුව ඇතුලේ දෝංකාර දුන්නත් මං අම්මට කතා කරල ඒක අහලා එයාට කරදරයක් නොවෙන්න වග බලාගත්තා…
ඔහොම කාලෙ ගෙවීගෙන යද්දි
දවසක් තාත්තා මාව බලන්න ආවා..ඒ වෙනකොට එයා වෙන කසාදයක් කරගෙන..
මං හිතනවා තාත්තා වැරදි නෑ…
ඒත් අම්මෙක් තමගන්ගෙ එකම දරුවව අමතක කරලා කොහොම ඉන්නවා ඇද්ද ? 

අදටත් මගෙ අම්මා අප්පච්ච් නැති උනත් මගෙ හැමදේම කිරි අම්මයි අත්ති දෙන්නා…මගෙ හයිය ඒ දෙන්නා…
හැම අම්මෙක්ම එක වගේ තමන්ගෙ දරුවන්ට ආදරේ නෑ..හැම අම්මම එක වගේ නෑ මං ඒක අත්දැකීමෙන්ම ඉගෙන ගත්තා…
ඕනිනං ඩිංගක්
කෙට්ටු වෙලා ඇති
ඉස් මුදුනෙ කෙස්ගස්
සුදු වෙලා
තුනී වෙලා ඇති.
පපුවට කන තියලා
බලන්න ඇත්නං
හරියටම දැනගන්න
පුලුවන් වෙයි
හිත ඇතුලේ ආදරේ
කොච්චරක්ද කියලා 

මේක මගේ කතාව..
මේ තමයි මගෙ අම්මා මගෙ කිරිඅම්මා 




උපුටා ගැනීම: Maleesha Rathnayaka