කිරි කොස් (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
නිර්මලා ප්රෙග්නන්ට් කාලේ එයාට කිරි කොස් කන්න ආසාවක් ඇති වුනා. ප්රෙග්නන්ට් කාලේ ඉතින් ඉර හඳ තෙල් දාලා දෙන්න කිව්වත් අපි ට්රයි කරනවනේ රිටක් ඇරන් ඒව බිම දාන්න. ඒ මදිවට කිව්වා ඒක උයන්න ඕනෙත් වෙන කෙනෙක් කියලා! කාල වර සුමණසේකර කිව්වලු!! අපේ ගෙදර උදව්වට හිටපු රීටත් හදිස්සියකට ගෙදර ගිහින්. වෙන ඉතින් කවුරුත් නෑ කිරි කොස් හදන්න. මම කිව්වා ‘ඔයාගේ දොල දුක අල්ලන් ඉන්න බැරිද සුදූ රීටා එනකන්?’ කියලා පොඩි හරි චාන්ස් එකක් තියෙයිද බලන්න. ම්හ් පින්වතුනි. ‘අනේ ඒ..ඒ.. මට අද හෙටම ඕනෙ’ කියපි ගෑනි. දැන් ඉතින් මොන දෙයියට කියන්නද. මම උයන්න දන්න ලබ්බකුත් නෑ මිත්රවරුනි. නිර්මලා මගේ මූන දිහා බලන් ඉන්නවා හරියට කිරි කොස් මගෙ මූනෙ වගේ. ‘අයියෝ, හරිම ලේසියි අනේ ඕක හදන්න. ඔයා කටුබැද්දෙ පොලෙන් මදුලුම ගේන්න. ඕක හදන හැටි මම ටස් ගාලා කියල දෙන්නන්. හැබැයි මට ඒක හදනකොට කුස්සියටනන් එන්න බෑ ඕන්. මට ඕනෙ ඒක පිඟානට ආපුවම කන්න’ කියපි ගෑනි!
යකෝ මෙහෙමත් දොල දුකවල් තියනවද? මේක කියවන බවලතුන්ටත් බබ්බු හම්බ වෙලා ඇතිනේ. දොල දුක ආවම උයන සුවඳත් එන්න බැරිද? බ්රහ්ම දොල දුකවල් ඕයි ඒවා. හරි ඉතින් දැන් මේ වැඩේ කරන්නත් එපායැ. මම ගිහින් කොස් ගෙනාවා. නිර්මලා කියල දුන්න උයන විදිය. ගියා වැඩ්ඩ වගෙ කුස්සියට. ගත්ත ලෑල්ල. කැපුව කොස් හරියට කොස් උයන එකම තමා අන්තිම ශතකයේම කරේ වගේ. ගත්ත භාජනයක්. දැම්මා. ඕන් පුතෝ අමතකයි දැන්. ආයෙ ගිහින් අහන්න බෑ. කිච වෙන එකෙත් ලිමිට් එකක් තියෙන්නෙ ඕනෙනේ. මතක විදියට කරා.. ඉස්සෙල්ලාම කහ දැම්මා කොස් මදුලු වලට. එතනම හුප්පේ බන්! ඊට පස්සේ අතට අහුවෙන හැම පුකම දැම්මා කියහන්කෝ අර බෝතල් වල තිබ්බ. රතු පාට, කලු පාට, තද දුඹුරු ආදී නානප්රකාර සුවඳවල් තියන කුඩු ඔක්කොම දැම්ම බන් ඕනෙ පලස්තීනයක් හරහ පල කියලා. ඊට පස්සේ වෙන බාජනයක් ඇරන් ලිපේ තියලා කපා ගත්ත ලූනු, සුදුලූනු, තක්කාලි, කරපින්චා එහෙම තෙල් චුට්ටක් දාලා රත් වේගෙන එනකොට දැම්මා. අම්මා සුවඳ මිත්රවරුනි. ඊට පස්සේ ටිකකින් අර වයිවාර්න පාටින් බැබලුනු කොස් මදුලු දැම්මා. අම්මට සිරි දැන්නේ කෙලිය. ඒව දැන් බැදෙනවා චර චර ගාලා කරවල වගේ! දුවන් ගිහින් වතුර කෝප්පයක් දැම්මා. ඕන් වලියක් ගිය පාර්ලිමේන්තුව විනාඩි පහකට අත් හිටෙව්වා වගේ චර චර සද්දෙ අඩු වුනා.
දැන් ඉතින් මට මෙලෝ ලබ්බක් මතක නෑනේ. අනුමානෙන් හිතුවා කිරි දාන්න ඕනෙ කියලා. පොල් කිරි කෝප්ප දෙකක්ම ලෝස් නැතුව දැම්මා. කොස් මදුලු නිකන් තරහෙන් වගේ මා දිහා බලන් නටන්න ගත්තා! මාත් අත ඇරියෙ නෑ. දැම්මා අබ! ඇයි ඒක අමතක වෙලානේ තිබ්බේ. අබ දැන් පාවෙනවා හොද්දේ. හොද්ද නටනවා මදුලු එක්ක. ආහ්.. ඕන් තව එකක් අමතක වුනා. උලු හාල් මිත්රවරුනි! උලු හාල් බෝතලේ මා දිහා රවාන බලන් ඉන්නවා හරියට එහා ගෙදර ගෑනිට ටිකක් තද කරන් හග් එකක් දීපුවම බලා ඉන්න වයිෆ් වගේ. අනේ පව් කියලා අර නටන හොද්දට උලු හාල් දැම්ම කියහන්කෝ. යකෝ..ඕ..ඕ.. ලුනු.. අමතකම වුනේ හොඳම දේ. ගින්දර නිමුවට පස්සේ ලුනු දැම්මා. බෙටර් ලේට් දැන් නෙවර් කියලා ඉන්ග්රීසි කියමනකුත් තියනවනේ පින්වතුනි. ඉතින් පමා වෙලා හරි ලුනු දාපු එක මගේ ලොකු ජයග්රහනයක් කියලා මට හිතුනා. දැන් හැන්ඳකට ඇරන් බැලුවා කොස්. කිරි කොස්නන් නෙවෙයි මේ! රතු පාටට හුරු හයිය කෑලි තියන හොද්දක්. කෑල්ලක් කාල බැලුවා. අම්මා සාන්ත! මල් පහයි!! කටේ තියන්න බෑ. ඒත් ඉතින් මම දන්න විදියට ආදරේ පෙන්නන්නනේ මේ හැදුවේ.
බෙදන් ගියා නිර්මලා උයල තිබ්බ බත් මාලු සමග පොරක් වගේ. නිර්මලා එක සැරයයි කොස් එක දිහා බැලුවේ. එහ් ගාලා ලොකු සුසුමක් හෙලුවා මිත්රවරුනි. ඒ සුසුමෙන් මගේ හද පැලුනා. ‘කමක් නෑ. අපි රීටා ආපුවාම තවත් හොඳට හදමු. මේකත් හොඳයි’ කිව්වා. කඳුලුත් පිරිලද කොහෙදෝ!! ගෑනි කෑල්ලක් දෙකක් අමාරුවෙන් ගිල්ලා. ගිලලා අනිත් මාලු පිනි එක්ක බත් කෑවා. මමත් කොස් නැතුව බත් කෑවා. බඩේ ඉන්න දරුව පල් මම ඉතින් ට්රයි කරානේ ආයුබෝවන්. ඒකත් මදිද?
උපුටා ගැනීම: Susantha Pethiyagoda

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!