කිරි පිටුපසින් තැබීමේ කලාව (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

යුරෝපයේ සහ අනෙක් බටහිර රටවල සුපිරි වෙළදසැල් වලින් ආහාර ද්රව්ය මිලදී ගන්නා ගනදෙනුකරුවෝ අමුතුම ආකාරයේ රටාවක් නිරීක්ෂණය කළහ. ඔවුන්ට අදහාගත නොහැකි දෙයක්වුයේ පාරිභෝගිකයන්ට අත්යවශ්යම ආහාර, විශේෂයෙන් කිරි, සුපිරි වෙළදසැල් වල අන්තයේම තැබීම පිලිබධවයි. මෙය බොහෝ සුපිරි වෙලදසල්වල පොදු රටාවක් විය. සොයබලිම්වලදී ආවරණය වුයේ මෙම උපක්රමය සුපිරි වෙළදසැල් භාවිතා කර කිරි වැනි අත්යවශ්ය අහර පමණක් මිලදී ගැනීමට පමණක් පැමිණෙන ගනුදෙනුකරුවන් වක්රාකාරයෙන් රැවටීමට පොළබවා, පැමිණෙන මාර්ගයේ ඇති වෙනත් බඩු ගැනීමේ අවස්ථාව වැඩි කිරීමයි. මෙසේ කිරීමට සුපිරි වෙළදසැල් සහ බහු ජාතික සමාගම් යොමු වුයේ පාරිභෝගිකයන් මිලදී ගන්නා ද්රව්ය පිළිබද විශාල ප්රමාණයක් ලදුපත් දත්ත කෘතීම බුද්ධිය (Artificial intelligence) මගින් විශ්ලේෂණය කිරීමෙනි.

තවත් පුදුමය උපදවනසුලු කරුණක් නම්, ඔවුන් ළදරු පැම්පර්ස් (pampers) මිලදී ගැනීමට පැමිණෙන පාරිභෝගිකයන් ඒ සමග බීර (Beer) මිලදී ගැනීම නිරීක්ෂණය කිරීමයි මෙය කෙසේවත් ගැලපෙන භාණ්ඩ දෙකක් නොවේ. මෙහිදී පැම්පර්ස් මිලදී ගත් පිරිස් බොහෝ විට සවස් කාලයේ පැමිණි අතර, දත්ත විශ්ලේෂකයන් නිගමනය කලේ සවසට හදිස්සියට ලදරු පැම්පර්ස් මිලදී ගනීමට පැමිණියද පානය කිරීමට බීර ගැනීමද පාරිභෝගිකයන් අතින් නිරතුරුවම සිදුවන බවය. ඔවුන් ක්රියාත්මක විය. පැම්පර්ස් සහ බීර අඩංගු රාක්ක හැකි පමණ දුරින් තැබුහ. මෙහිදී අරමුණ වුයේ හැකි පමණ සුපිරි වෙළදසැල තුල ඇවිදවා, අනවශ්ය භාණ්ඩද ඇස ගැටීමට සලස්වා මිලදී ගැනීමට පෙලභවීමයි. මෙය ඉතා කපටි ලෙස, සුක්ෂමව සැලසුම් කළ ක්රියාවලියක් වන අතර, අප සියලු දෙනා එය නොදැනුවත්වම එහි වින්දිතයන් වෙමු. මෙලෙස අප නොදැනුවත්ව අපගේ දත්ත මුදල් ගෙවීම් හරහා අන්සතු වන අතර ඔවුන් අප නොදැනුවත්වම ඔවුන්ගේ අරමුණු කරා යොමුකරති.
දත්ත ආරක්ෂාව පිළිබද සම්මන්ත්රණයක දී අනාවරණය වුයේ කිසිවිටෙක අදහාගත නොහැකි කරුණුය. උදාහරණයක් ලෙස බැංකුවක රැකියාවක් කර විශ්රාම ගත් මහතෙකු පැවසුයේ. කෙනෙකුගේ බැංකු ගනුදෙනු පරික්ෂා කිරීමෙන් ඔහුට යමෙකු දික්කසාද වීමට සිතනවද යයි අනුමාණ කල හැකි බවයි. ඔහුට අනුව අප සියල්ලන් දත්ත නිරාවරණය කිරීම නිසා අනාරක්ෂිත බවකි. සරලව පැවසුවහොත්, ඔබව හුදෙකලාව හමුවීමට හෝ අනතුරක් කිරීමට අදහස් කරන පුද්ගලයකුට ඔබගේ Facebook ගිණුම හා එහි ඔබගේ හැසිරීම් රටා හොදටම ප්රමාණවත්ය.
මිනිසුන්ගේ දත්ත රටා මගින් ඔව්න්ගේ සිතුම් පැතුම් හා සැලසුම් නිරාවරණය කෙරේ. අප අපවම නිරුවත් කර ඇත.
උපුටා ගැනීම: Sajith Karunaratne

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!