Coix lacryma-jobi යන උද්භිත විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන කිරිඳිය අග්නිදිග ආසියාතික කලාපයට ආවේණික තෘණ පැළෑටියකි.මෙය Graminae කුලයට අයත් ශාකයක් වේ.මෘදු කඳක් සහ අතු රැසක් ඇති අතර තියුණු දාර සහිත දිගැටි පත්‍ර පිහිටයි.ඒවායේ හටගන්නා බීජ ගෝලාකාර-සිනිදු- නිල් පාටට හුරු අළු පැහැයක් ගනියි.මේවායේ මල් පරාගනය වන්නේ සුලඟ හරහායි ශ්‍රී ලංකාව, මැලේසියාව, ඉන්දියාව, වියට්නාමය, බංගලාදේශය, අප්‍රිකාව හා ඇමරිකාව යන රටවල මෙම ශාකය වැවෙයි.මේවා වගාවන් ලෙස සිදුකරන රටවල් ද ඇත.මේවායේ ඇට ගෙන පොතු ඉවත් කර ආහාරමය සහ ඖෂධ අවශ්‍යතා සඳහා ප්‍රයෝජනයට ගනියි.
මෙම ඇට ඇතැම් රටවල පොතු ඉවත්කර බත් වලට එක්කර තම්බාගනියි.කොටාගත් කිරිඳි ඇට පිටි ජලය සමඟ මිශ්‍ර කර බාර්ලි මෙන් පානය කරයි.අමු ඇට මද රටකජු රටකජු ලෙස භාවිතා කරයි. මෙම පිටි ඇතැම් රටවල බේකරි නිෂ්පාදන වලට භාවිතා කරන බව පැවසේ. ගාරෝ, කර්බි සහ නාග ගෝත්‍රිකයන් විසින් කුඩු කරන ලද ධාන්‍ය වලින් බියර් සෑදීම සඳහා යොදා ගනී. ඊට අමතරව මේවා අලංකාර මාල වළලු ආභරණ ලෙස සකසා පලඳියි.
චීනයේ මේවා ඖෂධීය ආහාරයක් ලෙස සලකයි.ඇට වතුරේ තම්බා ඖෂධීය බීම වර්ග සාදයි. කිරිඳිය ඇට අක්මාවේ මේද ඒකරාශිවීම අඩුකිරීම, ගෙඩි/ගැටිති වර්ධනය වීම උත්තේජනය කරවන සුලු සංයෝග වලින් සිරුර ආරක්ෂා කිරීම, වෛරස ආසාදන වලින් ආරක්ෂා කිරීම, ආසාත්මිකතා ගැටලු අවම කිරීම, ධමනි රෝග සහ ආර්ත්‍රොස්ලෙරෝසිස් හා ඔස්ටියෝපොරෝසිස් රෝග ලක්ෂණ අඩුකිරීම වැනි ප්‍රතිලාභ ලබාදෙන බව සඳහන් වේ.
කිරිඳිය විවිධ රෝගාබාධ සඳහා බෙහෙත් පොට්ටනි, පත්තු, ආලේපන සැකසීමට යොදාගනියි.ආමාශගත අජීර්ණ නැසිමට කිරිඳි ඇට පොතු ඉවත්කර පිළියෙල කරගන්නා කැඳ ගුණදායක බව සඳහන් වේ. මෙය සැහැල්ලු සරල ආහාරයක් ද වේ. එමෙන්ම සවිශක්තිය වඩයි.මේවාට අමතරව කිරිඳිය ශාකයෙන් ලබාගත හැකි යැයි කියන අධ්‍යයන වලින් හෙලි වූ ප්‍රතිලාභ කිහිපයක් පහත දැක්වේ.
1.අසාත්මිකතා වලින් ආරක්ෂා කරයි-සාම්ප්‍රදායික භාවිතයේදී කිරිඳිය ඇට ආසාත්මිකතා සම්ව්බන්ධයෙන් කටයුතු කරන විටදී භාවිතා කරයි.කිරිඳිය ශාක සාර වලින් සැකසූ ඖෂධ ආලේපන ස්පර්ශ චර්මදාහය වැනි ආසාත්මික චර්ම රෝග සඳහා ගල්වනු ලබයි.
2003 ජුනි මාසයේදී “කෘෂිකාර්මික හා ආහාර රසායන විද්‍යාව පිළිබඳ ජර්නලය” තුළ ප්‍රකාශයට පත් කරන ලද පර්යේෂණයකින් හෙළි වූයේ කිරිඳිය ශාකයෙන් ලබාගත් සාරය රසායනාගාර මීයන් තුළ ඇති ආසාත්මිකතා රෝග ලක්ෂණ මැඩපවත්වන අතර ඒවායේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි කරන බවයි.

2.කොලෙස්ටරෝල් අඩු කරයි-2006 සැප්තැම්බර් මාසයේදී “විටමින් හා පෝෂණ පර්යේෂණ සඳහා ජාත්‍යන්තර සඟරාව” තුළ ප්‍රකාශයට පත් කරන ලද පර්යේෂණයක දියවැඩියා මීයන්ට කිරිඳිය පැලෑටි වලින් බීජ ලබා දී තිබූ අතර සති 4 ක් සඳහා අධි- කොලෙස්ටරෝල් ආහාර ලබාදී තිබුණි. පාලක කණ්ඩායමකට සාපේක්ෂව බීජ ආහාරයට ගන්නා මීයන්ගේ සිරුරේ සමස්ත කොලෙස්ටරෝල් ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු කර ඇති අතර හානිකර අඩු ඝනත්ව lipoprotein, හෝ LDL කොලෙස්ටරෝල් අඩු වි ඇති බවට නිරීක්ෂණය කල හැකිව ඇත.
3.පිළිකා වැළැක්වීම සහ ප්‍රතිකාර කිරීමට දායක වේ-චීනයේ පර්යේෂණ කණ්ඩායම් ගණනාවක් මහා බඩවැලේ, අග්න්‍යාශය, පෙනහළු, අක්මාව, පියයුරු මෙන්ම ලියුකේමියාව වැනි පිළිකා සඳහා කිරිඳිය වල බලපෑම විශ්ලේෂණය කර ඇත. 2008 සැප්තැම්බරයේ “ජනවාර්ගික මානව විද්‍යාව” සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද එක් පර්යේෂණයකින්, කිරිඳිය වල සාරය අක්මාව තුළ මේද අම්ල සංශ්ලේෂණ ක්‍රියාකාරකම් සැලකිය යුතු ලෙස වළක්වා ඇති බව සොයා ගන්නා ලදී. මෙය ඉතා වැදගත් වන්නේ මිනිස් පිළිකා සෛලවල අධික මේද-අම්ල සින්තසේස් අඩංගු වන නිසාය.
4.අන්තරාසර්ග ආබාධ දුරුකරයි-ප්‍රොජෙස්ටරෝන් සහ ටෙස්ටොස්ටෙරෝන් වැනි හෝමෝන අඩු කිරීමට ශාකයට ඇති හැකියාව නිසා කිරිඳිය වල සාරය අන්තරාසර්ග ආබාධ සමඟ කටයුතු කිරීමට යොදා ගනී. සාම්ප්‍රදායික චීන වෛද්‍ය සඟරාවේ 2000 දෙසැම්බර් කලාපයේ වේදනාකාරී ඔසප් රෝග ලක්ෂණ 90% කින් අඩු වූ බවත් එය බෙහෙත් වට්ටෝරු වලින් සුව කළ පාලන කණ්ඩායමකට සාපේක්ෂව බෙහෙවින් විශාල ප්‍රතිඵලයක් පෙන්නුම් කල බවත් සඳහන් වේ.

5.ආමාශ ආන්ත්‍රික මාර්ගයේ නීරෝගි බව සඳහා ප්‍රතිලාභ දේ-කිරිඳිය ආමාශ ආන්ත්‍රික පද්ධතියට ආරක්ෂිත ප්‍රතිලාභ දේ . “කෘෂිකාර්මික හා ආහාර රසායන විද්‍යාව පිළිබඳ ජර්නලය” 2011 ජුනි මාසයේදී කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ කිරිඳිය බීජ මගින් ආමාශයික පිළිකා සෛල වලට බාධා කරන බවත් මීයන්ගේ ආමාශයේ ඇති වන තුවාල අඩු කිරීමට හැකියාව ඇති බවත්ය.
6.ඔස්ටියෝපොරෝසිස් සමනය කරයි-2008 දී “ඒෂියා පැසිෆික් ජර්නල් ඔෆ් සායනික පෝෂණ” සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද සමීක්ෂණයකින් හෙළි වූයේ පාලක කණ්ඩායමක් සමඟ සසඳන විට කිරිඳිය බීජ මීයන්ගේ රුධිරයේ ඇති ඔස්ටියෝපොරෝසිස් ජෛව සලකුණුකරුවන්ගේ මට්ටම් වැඩි දියුණු කළ බවයි. සාරය මීයන් තුළ ඔස්ටියෝපොරෝසිස් ආපසු හැරවීමට හැකි විය හැකි බවත්, ඊට අමතරව ඔස්ටියෝපොරෝසිස් වැළැක්වීම සඳහා හිතකර සෞඛ්‍ය සම්පන්න ආහාරයක් විය හැකි බවත් විද්‍යාඥයින් සොයා ගත්හ.
7.සිරුරේ බර අඩු කරයි-2004 දී “ලයිෆ් සයන්ස්” සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද පර්යේෂණ වලදී සති 4 ක් තිස්සේ කිරිඳිය වෙතින් ලබාගත් සාරය අධික බර මීයන්ට එන්නත් කරන ලදී. පාලක කණ්ඩායමකට සාපේක්ෂව, සාරය එන්නත් කළ මීයන්ගේ ශරීර බර, ආහාර පරිභෝජනය, මේද ප්‍රමාණය, ඇඩිපෝස් මේද පටක ස්කන්ධය සහ කොලෙස්ටරෝල් මට්ටම සහ ට්‍රයිග්ලිසරයිඩ මට්ටම් වල අඩුවීමක් දක්නට ලැබුනු බව එහි ප්‍රතිඵල වල දැක්වේ . මෙම ප්‍රතිලාභ අනාගතයේදී වැඩිදියුණු කරමින් මිනිසුන්ට ද භාවිතා කිරීමට හැකිවෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
උපුටා ගැනීම: The Lanka Post