අත සැනිටයිසර් කරගන්න,
ෆෝන් එක අතට ගන්න,
ෆෝන් එක අන්ලොක් කරන්න,
ලිස්සනවා වගේනේද?
ඩිස්ප්ලේ එක ඕෆ් කර අත කලිසමේ පිහදා ඩිස්ප්ලේ එක වටපිට බලා කමිසයේ පිහදාගන්න,
දැන් බොහෝම ප්රේමාන්විතව මෙය අවසානය දක්වා කියවන්න,
පීස්,
මඟ නවත්තන්න එපා,
අම්මා – තේ එක හැදුවා වරේන්…
කියා කතා කලත් නොයන්න,
වයිෆ් – අව්වක් ආවා රෙදි වනපන්
කීවාත් කියවන්න
බොස් – අර හදන්න දුන්න ලියුම ගෙනේන්
කීවත් කියවන්න
යාලුවෝ – අනික් බෝතලේ ආවා වරෙන්…
කීවත් කියවන්න
====සෙංකඩගල අන්දරය====
නිමේශ් කියන්නේ ඉස්කෝලේ හැම ගුරුවරයෙක්ගේම බලාපොරොත්තුව…
හැමෝම කීවේ නිමේශ් මීටරේ හින්දා එක පාරින්ම කැම්පස් යනවා කියලා,
නිමේශ් ක්රීඩාවටත් ගොඩක් දක්ශයි,
ඒ වගේම තමයි හැමෝම නිමේශ් එක්ක එකතුයි,
නිමේශ්ගේ පාසල් ප්රේමය සඳලි,
ඇත්තටම දෙන්නා ගොඩාක් ආදරෙන් හිටියේ,
නමුත් ඒ ආදරය කවදාවත් ඒ අයගේ පාඩම් වැඩ කටයුතු වලට බාදාවක් කරගත්තේ නෑ
ඔවුන් දෙදෙනාගේම මාපියන් පවුලේ මිතුරන් වූ අතර දෙදෙනාගේ සම්බන්දතාවය ඇත්තෙන්ම ඔවුනට රහසක් වූයේ නැත…
නිමේශ් හැම සෙනසුරාදාම උදේ සෙංකඩගලපුරවරයට එන්නේ තම අමතර පන්ති වලට සහභාගි වන්න වගේම සඳලි සමඟින් කතා බහ කිරීමටයි,
වෙනදා වගේම නිමේශ් පාන්දරින් නුවර බලා ඒමට පිටත් වුණා,
පාන්දර 5 ට පමණ බස් රථයට නැග්ග නිමේශ් තම ආදරවන්තිය දැකීමට මහත් ආශාවෙන් වෙලාව බලමින් ගමනාන්තය කරා ලඟා වෙන අතර ටිකෙන් ටික අඳුර කපාගෙන එළිය වැටෙවා දුටු නිමේශ්ට හිතට ලොකූ සතුටක් ආවේ මගේ පුන්චි කිරිල්ලිව දැක ගන්න ලැබෙනවානේ කියන දේ නිසයි,
ඒත් උදේ ඉඳන් චුරු චුරු වැස්ස,
නිමේශ් දැනගත්තා මේ පාන්දරම වැස්සක් වහින් එකනම් හොඳක් නෙවෙයි කියලා,
ඒ මොකද නිමේශ්ට කුඩයක් තිබුණේ නෑ අතේ…
ඒත් නිමේශ්ගේ හිත් ආදරයෙන් කුල්මත් වුණේ පන්තිය තියෙන තැනට යන්න ටිකක් පයින් යන්න ඕනෙ නිසා,
සඳලි එන වෙලාව එනකම් මේ පාන්දර චුරු චුරු වැස්ස වැස්සොත් එයාගෙ කුඩේ යටින් යන්න පුළුවන් හින්දා…
හිමිදිරි පාන්දර බස් රථයෙන් බැසගත්ත නිමේශ් ඉක්මනින් කඩ පිලට දුවගෙන ගියේ සියොලඟම වෙළා ගනිමින් හමාගෙන එන සුළඟ සමඟ ඇදගෙන හැළෙනා මඳ වැස්සෙන් බේරීමටයි,
තැනින් තැන වැහි බිංදු වැටිලා තිබුණු කමිසයේ බොත්තමක් ගලවාගත් ඔහු පන්තියේ සටහන් පොත කමිසය ඇතුලට හොවා ගත්තා…
ජංගම දුරකථනය අතට ගත් නිමේශ් ඊයේ රාත්රියේ කතා කළ තම ආදරණීය සඳලිට ඇමතුමක් ගත්තා…
නමුත් සඳලිගේ ජංගම දුර
කථනය නාදවූවා පමණි…
නැවත උත්සාහ කළද එයින් පලක් වූයේද නැත…
දැන් වැස්ස සමඟින් ටිකෙන් ටික නුවර අහස එළිය කරමින් කුරුලු නාදයත් සමඟම හිරු කුමරා ලෝකය භාරගනිමින් සිටින අවස්ථාවක…
“දෙවියනේ,
මේ කෙල්ලට කරදරයක්වත්ද”
ඔහු තනියම තමන්ටම කියා ගත්තා…
ඈත වැහිපොද අතරින් සඳලිගේ ජායාව මෙන් දුටුවද ඒ සඳලි නොවන බවට වටහාගත් නිමේශ්ට හදවතේ තිබුණ වේදනාව දෙගුණ වුණා…
වෙනදා ඇයත් සමඟ අතිනත අල්ලාගෙන හුරතල් වදන් කියමින් ඇය සමඟ ගමන් ගන්නා මාවතේ ඔවුන් දෙදෙනාම ගමන් ගන්නා ආකාරය ඔහු මනසේ චිත්රයක් ඇඳගත්තා…
නැවතත් ජංගම දුරකථනය අතට ගත් ඔහු ඇයව ඇමතුවා…
“හෙලෝ පැටියෝ”
“නිමේශ්,
මට කරදරයක්”
කියමින් ඇය කැඩුණු බසින් කථා කරනු ඇසුනු ඔහුගේ හදවත ගැහෙනා වේගය ඉතා වේගයෙන් වැඩි වූයේ හිමිදිරි පාන්දරම සියොලඟ දහඩිය දමමනි,
“හෙලෝ නිමේශ් පුතා,
මම මේ නිමල් අංකල් කතා කරන්නේ,
දුවට අද පාන්දර හොඳටම අමාරුවෙලා හොස්පිට්ල් ඇඩ්මිට් කලා,
පුළුවන්නම් එන්න අපි ඉන්නේ 7 වාට්ටුවේ 12බෙඩ් එක”
මේ සියල්ල නිමේශ්ට සිහිනයක සිදුවීමක් මෙන් වුණා,
මුළු සෙංකඩගලපුරවරයම ඔහුගේ හිස වටා කැරකෙන්නට පටන් ගත්තා…
=============
ඔහු රෝහලට යනවිටත් සඳලි හදිසි අනතුරු ඒකකයට ඇතුලත් කොට අවසන්,
සඳලිගේ මලානික ආදරණීය ඇස් දුටු නිමේශ්ගේ හදවතේ ඇතිවූ වේදනාව දරාගැනීමට නොහැකිවූ නිමේශ් කඳුලු පිරි දෙනෙතින් ඉවත් බලා ගත්තා…
ඇය ඉතා අපහසුවෙන් නිමේශ්දෙස බලා සිටි අතර ඇයව හෙදියන් සහ කාර්යණ්ඩලය ට්රොලියෙන් තියටරය වෙතට තල්ලු කරගෙන ගියා,
“අන්කල්,
මොකද සඳලිට වුණේ”
නිමේශ ඇසුවේ කඳුලු හංගමින්
“පුතේ ඊයේ රෑ සඳලිට හුස්ම හිර වෙලා ගොඩක් අමාරුවුණා, අපි මේ එවෙලේ ඉඳන් නිදි නෑ”
නිමල් හැඬුම් බරව පැවසූවා,
ඒ වනවිටත් සඳලිගේ අම්මා සහ අක්කා රෝහලේ ඈත කොනේ බංකුවක හැඬූ කදුලෙන් සිටිනු නිමේශ් දුටුවා,
සඳලිගේ පියා පමණක් යම් තරමින් සිහි එළවා ගත හැකි ආකාරයකට නිමේශ් සමඟ වචනයක් දෙකක් කතා කරනු ලැබුවා…
======
සඳලි ඉතා අපහසුවෙන් තම දෙනෙත් විවර කල අතර ඇය දුටුවේ තම ඇඳවටා පවුලේ සියලු දෙනා වට වී සිටින ආකාරයයි,
ඒ වනවිටත් ඇයගේ මව සඳලිගේ හිස අතගාමින් සිටියා…
“දැන් ඔයාට හොඳයි කීවා මගේ දුවේ”
කියමින් සඳලිගේ මව ඇයගේ හිස සිඹිමින් පැවසුවා,
“ඔයාට පපුවේ අමාරුව ඇවිත් තියෙන්නේ බඩේ ගෑස් වැඩිවෙලා,
බය වෙන්න දෙයක් නෑ කියලා ඩොක්ටර්ස්ලා කීවා”
නමුත් සඳලි මුහුණේ ප්රශ්නාර්ථයකින් සිටිනු සියල්ලෝම දුටුවා,
“ඇයි මගේ දුවේ, තාමත් අමාරුද?”
ඇයගේ අම්මා ඇසූ පැනයට ඇය හිස දෙපසට සොලවා නැත යන බවක් හැඟවූවා…
“තාත්තේ…”
“ඇයි දුවේ”
නිමල් ඉතා හැඟුම් බරව තම දුවණියගේ අතක් අල්ලමින් පැවසුවා,
“කෝ නිමේශ්”
ඇය අවසානයේ තම සිතේ තිබූ පැණය ඇසුවා…
” ඈ බොල,
තෝ හින්දා මෙතන අපි රෑ තිස්සේ නිදි මරාගෙන ඉන්නවා කන්නේ බොන්නෙ නැතිව,
උඹ අර ඩ්රයිවරයගේ කොල්ලා ගැන අහනවා,
උඹලා කිසි කෙලෙහිගුණයක් නැති ජාතියක් අම්මපා,
උඹ හිතුවද උඹ ඒකත් එක්ක නටන නාඩගම් අපි දන්නේ නෑ කියලා,
ඔව් ඊයේ උඹ කෑ ගහද්දී ඒකනේ ගෙනාවේ ඉස්පිරිතාලේ”
සඳ්ලිගේ මව ගිරිය පුප්පමින් කෑගැසූවා,
“අම්මපා සුමනෝ මේකි වගේ එකියක්,
යමන්කෝ ගෙදර හතර හංදි කඩන්ඩ”
නිමල්ද කෑගැසූයේ ඉස්පිරිතාලය දෙවනත් කරමින්….
මුලු රෝහලටම ඇසෙන ලෙස තම මවත් පියාත් මේ කෑ ගසනා ආකාරය දුටු සඳලිගේ අක්කා,
“හරි හරී දැන් කෑ නොගහා ඉන්නකෝ”
කියා පැවසූ අතර,
“අනේ අනේ නල්ලමලේ අක්කා,
උඹ තමයි මේකිවත් නරක් කලේ, අර හංදියේ පාක් එකේ එකෙක් එක්ක ජවුසං නට නට,
තලනවා උඹේ කට කජු ලෙල්ල වගේ”
කියමින් නැවත සඳලිගේ මව කෑ ගසන්නට ගත්තා…
“හරි දුවේ දැන් අපි යමු ගෙදර,
මේක පිට තැනක්නේ”
කියා සඳලිගේ ආච්චි අම්මා එනම් සඳලිගේ පියාගේ මව පැවසූවිට,
“අනේ ඇත්තද,
පිට තැනක්,
උඹලාගේ ජාන තමයි මුන්ටත් පිහිටලා තියෙන්නෙ,
මේකිගේ මහ එකාත් එහෙමනේ,
තාමත් මදන විසේ,
අනේ මේ නැන්දම්මේ,
මගෙන් පදේ අහගන්නේ නැතුව ඉඳින්”
කියා කෑගැසූ විට,
“අනේ අනේ පත්තිණි අම්ම,
උඹ නටපු නාඩගම් මම දන්නේ නෑ කියලා හිතුවද,
දැන් යකෝ අපේ අම්මට බනින්නේ,
උඹව දීග දෙන්ඩ එකෙක් නැතුව තමයි මගේ කරෙ ගැහුවේ මහ එවුන්”
කියා නිමල් අඩිය පොලොවේ ගසන්නට විය…
තව ලියන්න පුලුවන්,
මට ආදර කතා ලියන්නම බෑ…
දැන්නම් අත රිදෙනවා…
මේක ප්රේම ජවනිකාවකටත් සෙට් කරහැකි,
ඒත් ආයෙත් පිස්සු කෙලින සීන් එකක් දාන්න ඕනේ…
නැත්නම් හිතට හරි නෑ…
ජෝක් එකට ලීවේ හොඳේ
ටටා…
උපුටා ගැනීම: Tharu rajapaksha-