කෝච්චියෙ යාලුවෝ (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
 මේ කියන්න යන්නේ සමුද්රදේවි කෝච්චියේ ගැහැනුන්ගේ ඊලාම් රාජ්ය ගැන නොවෙයි. ගාල්ල මාතර නගරාන්තර කාර්යාල දුම්රියේ සිද්ධවෙච්ච රසබර හුටපටයක් ගැන. මේ දුම්රියේ මගියෝ කණ්ඩායම්වලට බෙදිල හිටියා. එක් එක් කණ්ඩායම්වල ක්රියාකාරකම් එකිනෙකට වෙනස්. සමහරු සිංදු කියනවා. සමහරු කාඩ් සෙල්ලමේ. සමහරු අල්ලාප සල්ලාපේ. බොහොමයක් කණ්ඩායම්වල ගැහැනු පිරිමි දෙගොල්ලම හරිහරියට හිටියා. මේ අතරේ පොඩි පොඩි මහිලා සමිතිත් තිබුණා. ඔවුන් වැඩිපුරම කතා බහ කළේ අැඳුම් පැළදුම් ගැන. සලුසලට ලස්සන සාරීස් අැවිල්ලා කියලා එක් කෙනෙක් මුල පිරුවම මල් වැටිච්ච බෝඩරේ, බෝරිච්චි අත්, අැප්ලික්, ඉස්මෝක්, යූ කර, වී කර, රවුම් කර, අාප්ප වාටි කර අාදී වශයෙන් අැඳුම් මෝස්තර සම්බන්දයෙන් ශබ්දකෝසෙ තියෙන සියලුම වචන ටික එළියට එනවා.වැඩිම සාමාජික සංඛ්යාවක් හිටියේ අපේ කණ්ඩායමේ. මේ අතරේ අලුත් සාමාජිකයෙක් අපේ කණ්ඩායමට අැතුලත් වෙනවා. ඔහු නිමල්ගෙ යාලුවෙක්. නිමල් යාලුවා හඳුන්වල දුන්නේ මෙහෙමයි.
“මචන්ලා, මම අද උඹලාට අලුත් මැම්බරයෙක් ඉන්ටඩික් කරල දෙනවා.මේ මගේ සීටීබී ෆ්රෙන්ඩ් කෙනෙක්. සීටීබී කියන්නේ ළඟම. මීට කලින් මූ කැන්ඩි එ්රියල් එකේ වෝක් කළේ. දැන් ගෝල් එ්රියල් එකට ට්රාන්ස්සිස්ටර් වෙලා. ඉස්කෝලෙ යන කාලෙ මූ හරිම නෝටියා. දැන් ඩිපොසිට් වෙලා සයිලන්සරේ ඉන්නවා.”
අපේ නිමල් ඉංගිරිස් කෑලි දාල කතාකරන්නේ එහෙමයි. නිමල් යාලුවට ඉඳගන්න ඉඩ හදල දුන්නේ මස් කල්යාණි ලඟ.අැගේ තරබාරුකම හින්දා ඔහුට අාසනේ තියාගන්න හැකි වුණේ එක් තට්ටමක් විතරයි. ඔහු හීන්දෑරියි. මූන පුරා දඩාර් රැවුලක් තිබුණා. ඔහු වැඩි කතා බහක් නැතුව අනිත් උන්ගෙ විහිලු තහලුවලට හිනා වෙවී හිටියා.
දුම්රිය ගාල්ලට ලඟා වුණා. එය බිම්ගෙට අැතුල් වෙනවාත් එක්කම අැහැට අැඟිල්ලෙන් අැන්නත් පේන්නෙ නැති තරමට මැදිරිය අඳුරු වුණා. ෂික් ගාන ගැහැනු කටහඬක් එක්කම දඩබඩ සද්දෙකුත් අැහුණා. බිම්ගේ පාස්වෙලා අාලෝක උදපාද වෙලා බැලින්නම් මළකෙළි හැත්තෑවයි. නිමල්ගෙ යාලුවා ගෙම්බ පොළොවෙ ගැහුව වගේ බිම වැටිලා හිටියා. ඔහු තූස්නෙන්බූත වෙලා අැස් දෙක ලොකු කරගෙන අප දිහා බලාගෙන හිටියා. මස් කල්යානි ලොරි මූන දාගෙන දත් කූරු කකා මූන අත ගගා හිටියා.
“මොකද කල්යාණියෙ වුණේ?”
නිමල් අැහුවා
“මේ උඹේ මේ මහ ලොකු වනචර යාලුවා බිම්ගේ අැතුලෙදි……. මම උගන්නනවා මූට හොඳ පාඩමක්.”
මස් කල්යාණි එහෙම කියලා සෙරෙප්පුවක් අතට ගත්තා. එ්ත් එක්කම මස් කල්යාණිගේ ඔඩොක්කුවට පොල් කොස්සක් වැටුණා.
“සෙරෙප්පුවෙන් ගහපන් මේ පොල් කොස්සට.”
කවුදෝ කියනව අැහුණා. බක බක හිනාවෙන් මුලු කෝච්චි පෙට්ටියම දෙදරුම් කෑවා.
උපුටා ගැනීම: Chandrasena Kodithuwakku

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!