මා රැකියාව කරන්නේ කොලඹ ලෝක වෙලඳ මද්යස්ථානයේ ඇති අයතනයකය. 2006 වර්ශයේ මුල්ම රැකියාව ලෙස එම ආයතනයේ සේවයට බැඳුනු මා අදටත් එම ආයතනයේ සේවයේ නිරත වෙමි.
ලියන බාසාවෙන් මේක කරන්න බෑ අනේ!
හරි, උසස් පෙල කරල අවුරුදු එකහමාරක් විතර කරන්න තියෙන ඔක්කොම පාඨමාලා ටික කරල ඒ එකකටවත් ගැලපෙන්නේ නැති රස්සාවක් හොයා ගත්තා ඉතින්. සම්මුඛ පරීක්ශන 4ක් වගේ තියල හය දෙනෙක් වගේ කතා කරල දෙයියනේ කියල ලබන සතියෙම වැඩට එන්න කියල ලියමනක් එහෙමත් දීල මාව ගෙදර එවුවා. කොල්ල දැන් පුල් මාවලස් වෙලා, අත් දිගට දාලා ටයි පොල්ලකින් බෙල්ල හිර කරන් උජාරුවෙන් ලංකාවෙ උසම ගොඩනැගිල්ලට වැඩට යනවා.
ඇත්තටම ප්රශ්න පටන් ගත්තේ එතකොට. ඒක මේ එකිනෙකා සමග උරෙන් උර ගැටිලා බත සරිකර ගැනීමට වෙර දරන සීන් එකක් වගේ ප්රශ්නයක් නෙවෙයි. ප්රශ්නෙ ඇවිල්ලා මම රස්සාවට කරන දේ කියන එක.
මුලිම්ම ගෙදර මිනිස්සු ඇහුවා උඹ වැඩ කරන තැන මොන වගේද, මොනව කරන තැනක්ද කියලා. ආයෙ මොනවද කතා මම ඉතින් සම්මුඛ පරීක්ශනයෙදී කියපු එකක් නෑර කිවුවා, මෙහෙම කරනවා මෙහෙම වෙනව, අපි මේ මේ දේවල කරනවා, ඊට පස්සේ මෙහෙම මෙහෙම මෙහෙම කරල මේක යවනවා වගේ පැය බාගෙක වගේ පැහැදිලි කිරීමක්.
මගේ පැහැදිලි කිරීම 100% සාර්ථකයි කියල මට පැහැදිලි උනේ පහු වෙනිදා. ගෙවල් ලඟ රොයිටර් සේවයේ සේවය නියුතු කාන්තාවක් “ආ පුතා, ඉංදියාවෙ බැංකුවකලු නේද වැඩ?” මං ටිකක් වෙලා මූන දිහා බලන් ඉඳලා හී ගාල හිනාවක් දාලා ආවා. ඇවිත් ගෙදර අයගෙන් විස්තරේ ඇහුවාම තමා මට තේරුනේ මං කරල තියෙන්නේ අර සීසර් රෝමන් කාරයොන්ට කරන කතාව වගේ එකක් කියලා. “උඹ කියා ගෙන කියා ගෙන ගිය උලවු කාටද බං තේරෙන්නේ. අර ගෑනි ඇහුවාම දන්නෙ නෑ කියන්න බෑනේ මන් අරම කිවුවා”
මගේ අද්විතීය පැහැදිලි කිරීමේදී ගෙදර උන්දැලට ඔලුවට ගිහින් තියෙන්නේ බැංකු කටයුත වලට සම්බන්දයි කියන එකේ බැංකුවයි, ඉංදියනු ජාතියක් සම්මුඛ පරීක්ශනය කලා කියපු එකේ ඉංදියාවයි. දෙක එකතු වෙලා ඉංදියාවෙ බැංකුවක් උනා.
ප්රශ්නේ ඔතනින් නැවතුනේ නෑ. ගෙදර අයට විතරක් නෙවෙයි. මමත් සෑහෙන්න හිර උනා අපි මොනාද කරන්නේ කියල කාට හරි විස්තර කරන්න ගියාම. මුලින් මුලින් සෑහෙන්න උත්සහයක් දැරුවා. ඒ එකක් වත් හරි ගියෙ නෑ. දන්න දන්න හැම එකාම මල්ලී කොහෙද වැඩ? ආ අයියේ කොහෙද වැඩ? උඹ කොහෙද බං වැඩ?
අහන අහන හැම එකාටම මගේ උත්තරේ උනේ “වර්ල්ඩ් ට්රේඩ් සෙන්ටර්” එකේ කියන එකයි. උන්ගෙන් සමහරු ඒකේ මොනවද කරන්නේ කියල ඇහුවම නානාප්රකාරයේ මනස්කාන්ත උපමා කතා ගොතපු කතා කියලා අර අහන එකාගේ මොලේ කොලොප්පන් කරල හිමීට මාරු වෙනවා.
ඔය එකකටවත් අයිති නොවන වෙනමම කන්ඩායමක් ඉන්නවා. ඒ තමයි මල ගෙවල් මගුල් ගෙවල් වල හම්බවෙන ඇන්ටිලා. ගැලවෙන්නම අමාරුයි.
ඇන්ටී : පුතා කොහෙද වැඩ?
මම : වර්ල්ඩ් ට්රේඩ් සෙන්ටර් එකේ ඇන්ටී
ඇන්ටී: ශා නියමයිනේ. ඒකේ මොනාද පුතා කරන්නේ?
මම : “දීපල්ලකො උත්තර ඉතින්”(හිතින්)
ඒකෙ කොම්පැණියක ඇන්ටී
ඇන්ටී : ආ, අපේ මේ අල්ලපු ගෙදර කට්ටියගෙ අඳුරන පුංචි අම්මගෙ ඉස්සරහ ගෙදර ආච්චිට හාල් ගරපු එක්කේනාගෙ (එහෙම දිග නෑ කමක් කියලා) පුතෙක් ඉන්නවා xxxx(නම) කියලා. ඔයා අඳුරනවද?
මම : මං කොහොමද ගෑනියේ ඕකුන්ව දන්නේ?(හිතින්)
එහෙම දන්නෙ නෑ ඇන්ටී
ඇන්ටී : ඒ පුතත් වර්ල්ඩ් සෙන්ටර් එකේම තම වැඩ. ඔයා නොදැන ඉන්න විදිහක් නෑ.
මම : දැන් තෝ කියන්න යන්නේ මං වෙන කොහේ හරි වැඩ කියලද? (හිතින්)
තට්ටු ගොඩක් තියනවනේ ඇන්ටී. එහෙම හැමොවම දන්නේ නෑ.
ඇන්ටී : ආ, මන් එයාට ඔයාගෙ නම කියන්නම්, ඔයාව සමහර විට දන්නව ඇති.
මම : සැරයක් කිවුවම තොට තේරෙන්නේ නැද්ද යෝදියේ, තට්ටු ගොඩක් තියනවා. එකේ ඉන්න හැම එකාටම නම කිවුවම මාව දැන ගන්න මං සාරුක් කාන්, රිතික් රොසාන්ද? (හිතින්)
හී, ගිහිල්ල එන්නන් ඇන්ටී.
එය අදටත් නිමා නොවන ප්රශ්නයකි. කොහෙද වැඩ?
උපුටා ගැනීම: Chameera De Silva