කොමඩු යනු රසවත් මෙන්ම ගුනවත් පළතුරකි. ශ්‍රී ලංකා වියළි කලාපවල බහුලව වගා කරන කොමඩු පිපාසය සංසිඳවීමට මෙන්ම ශරීරය ප්‍රබෝධමත් කිරීමට බෙහෙවින් ඉවහල්වේ. බාල මහලු සියලු දෙනාට ගුණ දෙන කොමඩු පළතුරක් ලෙස වැඩි වශයෙන් භාවිතා කළ ද එහි අඩංගු වන බීජ භාවිතා නොකර ඉවත දමනු ලබයි. එහෙත් කොමඩු ඇටවල අඩංගු පෝෂණ සංඝටක බොහෝ රෝග සුව කර ගැනීමට ඉවහල්වන බව කරන ලද පරීක්ෂණ වලින් තහවුරු වී තිබේ.කොමඩු ඇට වල පෝෂණ ගුණ ප්‍රෝටීන්, විටමින් බී, මැග්නීසියම්, පොස්පරස් ,යකඩ, පොටෑසියම්, කොපර්, මැංගනීස්,සින්ක්,යන පෝෂ්‍ය පදාර්ථ අඩංගුවේ.
ඖෂධීය ගුණයන්
![](https://i0.wp.com/www.helarahas.com/wp-content/uploads/2021/07/seed-1024x768.jpg?resize=1024%2C768&ssl=1)
දියවැඩියා රෝගීන්ට සුදුසු වේ.දියවැඩියා රෝගීන්ට කොමඩු ඇට ආහාරයට ගැනීම වඩාත් ගුණදායකය. මක් නිසාද යත් මෙහි අඩංගු ඇමයිනෝ අම්ල මගින් මානසික ආතතිය අවම කරයි. ඊට අමතරව කොමඩු ඇට සතු වන මැග්නීසියම් මගින් කාබෝහයිඩ්‍රේට පරිවෘත්තිය ක්‍රියාවලියට භාජනය කර රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමද සිදු කරයි. එම නිසා කොමඩු ඇට යනු දියවැඩියා රෝගීන් ට භාවිතා කළ හැකි වටිනා ස්වභාවික ඖෂධයකි.
හදවත් රෝග වැලඳීම අවම කරගත හැකිවේ. කොමඩු ඇට හදවතට හිතකර වේ.කොමඩු ඇට වල අඩංගු මොනසැකරයිඩ හා පොලිසැකරයිඩ යන මේද අම්ල ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් පාලනය කර හෘදයේ ක්‍රියාකාරීත්වය හොඳින් පවත්වාගෙන යාමට උපකාරීවේ.
ශරීරය තුළ රුධිර පීඩනය නිසි ආකාරව පවත්වා ගැනීමට හේතුකාරකයක්වේ. Arginine ඇමයිනෝ අම්ලය රුධිර පීඩනය ක්‍රමවත්ව පවත්වාගෙන යාමට බෙහෙවින් වැදගත් වන අතර මෙය ශරීරය තුළින් ස්වාභාවිකවම නිපදවීම සිදු කරනු ලබයි. ඊට අමතරව අප ගනු ලබන ආහාර මගින්ද මෙම අම්ලය ශරීරයට ලැබේ. ශරීරය නිපදවන Arginine ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් කොමඩු ඇට ආහාරයට ගැනීම මගින් ලැබේ. එය රුධිර පීඩනය ක්‍රමවත්ව පවත්වාගෙන යාමට බෙහෙවින් උපකාරී වේ.
එමෙන්ම කොමඩු ඇටවල අඩංගු මැග්නීසියම් රුධිර පීඩනය ක්‍රමවත්ව පවත්වාගෙන යාම සඳහා ඉවහල්වේ. බොහෝ විට පුද්ගලයන්ගේ ශරීරය තුළ මැග්නීසියම් අවම වීම හේතුවෙන් රුධිර පීඩනය වැඩිවේ. කොමඩු ආහාරයට ගැනීම මගින් ශරීරයට මැග්නීසියම් ලබා ගත හැකිය. ඒ නිසාම රුධිර පීඩනය ක්‍රමවත්ව පවත්වාගෙන යාමට හැකියාව ලැබේ.
![](https://i0.wp.com/www.helarahas.com/wp-content/uploads/2021/07/bodi-3-1024x683.jpg?resize=1024%2C683&ssl=1)
මාංශ පේශි ශක්තිමත් කරයි.ශාරීරික ක්‍රියාකාරකම් වල යෙදීමෙන් ඇතිවන මාංශපේශී වල වේදනාව සමනය කිරීමටද කොමඩු ඇට ආහාරයට ගැනීම ප්‍රයෝජනවත්වේ. එමෙන්ම මාංශ පේශි වල ගෙවී ගිය පටක වර්ධනයටද කොමඩුවල අඩංගු L- Citrulline හේතුවේ.කොමඩු ඇට ආහාරයට ගැනීම මගින් කැල්සියම් උරා ගැනීමේ හැකියාව පහසුවේ එමගින් අස්ථි ශක්තිමත් කිරීම ද සිදුවේ.
මේද දහනය කරයි.කොමඩු ඇට ආහාරයට ගැනීමෙන් ශරීරයේ අනවශ්‍ය මේද දහනය කිරීම සිදුවේ. කොමඩු ඇටවල අන්තර්ගත Citrulline සංයෝගය පරිවෘත්තිය ක්‍රියාවලියට බඳුන් වීම මගින් ශරීරයට alginine යන ඇමයිනෝ අම්ල නිෂ්පාදනයවේ. මෙය මේද දහනය සඳහා හේතුවේ.මේ නිසා කොමඩු ඇට ආහාරයට ගැනීම මගින් අධික තරබාරු පුද්ගලයින්ගේ බර අඩු කර ගැනීමටද හැකියාව ලැබේ.
මොලේ ක්‍රියාකාරීත්වයට හේතුවේ කොමඩු ඇට වල අඩංගු මේද අම්ල මගින් මොළයේ ක්‍රියාකාරීත්වය වැඩි කර මතක ශක්තිය වැඩි කරයි. එමෙන්ම පොටෑසියම් මගින් පරිකල්පන හැකියාව වර්ධනය කරයි. කොමඩු ඇට වල අඩංගු ෆොලික් අම්ලය හා විටමින් බී 9 මොලේ වර්ධනයට ඉවහල් වන හෙයින් ගර්භණි මව්වරුන් කොමඩු ඇට ආහාරයට ගන්නේ නම් එය වඩාත් ගුණදායිවේ.
ඇස් පෙනීම වර්ධනය කරයි.ඇස් පෙනිම වර්ධනය කිරීමට ඉවහල් වන විටමින් ඒ කොමඩු ඇට වල අන්තර්ගතවේ එමගින් ඇස් පෙනීම වැඩිදියුණු කරයි. එමෙන්ම විටමින් සී අක්ෂි රෝග සුව කිරීමට ද උපකාරී වේ.
![](https://i0.wp.com/www.helarahas.com/wp-content/uploads/2021/07/eyaa.jpg?resize=854%2C562&ssl=1)
හිසකෙස් වර්ධනය කරයි. කොමඩු ඇට වල අඩංගු ප්‍රෝටීන් හා යකඩ හිසකෙස් වර්ධනය කිරීමට ඉවහල් වේ. හිසකෙස් සම්බන්ධ සියලු ගැටලු සමනය කිරීමට (හිසකෙස් ගැලවී යාම ,කෙස් අග පැලීම, කෙස්වල ඇති වියළි ගතිය) යන සියලු ගැටලු සමනය කිරීමට කොමඩු ඇට වල අඩංගු යකඩ සහ ප්‍රෝටීන් ඉවහල් වේ.
සම පැහැපත් කරයි.සම පැහැපත් කිරිම සඳහා වැඩි දායකත්වයක් සපයන්නේ විටමින් සී යන පෝෂ්‍ය පදාර්ථයයි. එය කොමඩු ඇට වල අඩංගු වන හෙයින් කොමඩු ඇට ආහාරයට ගැනීමෙන් සම පැහැපත්කර ගැනීමට මෙන්ම සමේ රැලි වැටීම අවම කරගෙන තරුණ පෙනුම රැක ගැනීමට හැකියාව ලැබේ. මීට අමතරව කොමඩු තෙල් ශරීරයේ ආලේප කිරීමෙන්ද සම පැහැපත් කර සමේ තෙතමනය රඳවා ගත හැකිවේ.
මෙවැනි බොහෝ ගුණ වලින් සමන්විත පෝෂදායී බීජ අපතේ නොදමා භාවිතයට ගන්නේ නම් එමගින් ස්වභාවිකවම බොහෝ රෝග සමනය කරගැනීමට හැකියාව ලැබේ.
උපුටා ගැනීම: Hela Rahas