ගොන් දෙපැයේ තරු පෙරහැර
අද කාලේ ටෙලි නාට්ය බැලිල්ලත් චුයින්ගම් කෑම වගේයි මට වෙලාවකට හිතෙනවාය. එක එක පාට චුයින්ගම් තියනවාය. ඉන් හමන සුවඳ මිහිරිය. කටේ දා ගන්නටම හිතෙනවාය. කටේ දා ගත්ත සැනින් මාර රසයක් එනවාය. අමුතු ගතියක් දැනෙනවාය..පොරක් වගේ දැනෙනවාය. ටික වේලාවක් යන ව්ට මෙලෝ රහක් නැත.හපලාම හකු රිදෙනවාය. මොන මගුලක් ද කියා විසික් කරන්නට හිතෙනවාය. විසික් කළ වෙලේ සිට ආයෙත් අවුල් ය. හප හපා ඉන්නට තිබුණානම් කියා හිතෙනවාය. ලංකාවේ මෙගා ටෙලි නාට්යත් එහෙමය. පටන් ගන්නා විට නළු නිළියන් විසින් කරන වියත් ප්රකාශ වල හැට්යට හොලිවුඩ්, බොලිවුඩ්, කොලිවුඩ් වල වත් මේ කල්පය පුරා පහල වී නැති ආකාරයේ පුදුම එකක් කියා හිතෙනවාය. මුල් දවස් දෙක තුන මාර ආතල් ය. ඇබ්බැහි වෙන්නට හිතෙනවාය. කොයි දේත් පහු පහු වෙනකොට කොහු කොහු වෙනවාය. ටික දවසක් යන කොට මෙලෝ රහක් නැත. එක තැන කැරකෙනවා විතරය. ප්රධාන නිළිය අද අල්ලපු ගෙදරට යන්න පිටත් වුනොත්, ඒ ගෙදර බෙල් එක ගසා නිවසට ඇතුළු වන්නේ හෙටය. තේ එකක් කාරිය බොනවානම් ඒ කොටස පෙන්නන්නේ අනිද්දාය. මේ මොන මගුලක් ද කියා ට්ක දවසකට නොබලා ඉන්නට හිතෙනවාය. සති දෙක තුනක් නොබලා සිටියත් වැඩ් අවුලක් නැත. කතාවේනම් කිසිදු වෙනසක් වෙලා නැත. ඕන්නැන් ප්රධාන නිළියගේ ඇඳුම ගවුමකින් කලිසමකට මාරු වීම වැනි අවශේස වෙනස්කම් කිහිපයක් සිදු වෙලාය. මෙගා ටෙලිනාට්ය වල මේ ඉලාස්ටික් ගතිය එහි ළමා නළුවන්ව දාන්නෙ හරිම අමාරු අඩ්යකටය. නළුවා එළුවා වෙනවාය. නාට්ය එකතැනය. ඉතින් අසරණයාට වෙන්නේ එළු රැවුල නෝට් එකටම බා ගෙන විත් සිය ළමා නළු චරිතයට පණ පොවන්නටය. නරඹන අපට වෙන්නේ මැරෙන්න මොහොතකට කලින් හෝ අවසානය දැක ගත හැකිවේදැයි විචිකිච්චාවෙන් ඉන්නටය.
අද කාලයේ වීසා නැතුවම ලංකාවේ ඉදලාම ඉන්දියාවේ ඉන්නවා වාගේ ෆීලින්ග් එකක් ගන්නට හැකිය. කෙරිය යුත්තේ හවස 6.30 ප්රථම කා බී සියළු වැඩ අවසන් කර රාත්රී 10.30 පමණ වෙනතෙක් රෑපවාහිනිය ඉදිරියේ වාඩි වී සිට සෑම පැය භාගයකටම වරක් චැනල් තුන හතරක් එහෙට මෙහෙට මාරූ කිරීම පමණි. ඉන්දියාවේවත් නැති තරම් ඉන්දියන් ටෙලි නාට්ය ලංකාවේ පෙන්නනවාය.
වැරදිලාවත් FBI ලොක්කා ලංකාවේ මෙගා ටෙලි නාට්ය දෙක තුනක් බැලුවොත් ලංකාවේ නැන්දම්මලා ලේලිලාට බලෙන් ග්රීන් කාඩ් දී ඇමෙරිකාවේ බුද්ධ් අංශය ගොඩ දාන්නට එන්න කියනවාය. ඒ තරම් සුපිරි දහමන්දර ප්ලෑන් ඇද ලෝකේ කැරකෙන පැත්ත වුණත් වෙනස් කරන්නට උන්දෙලාට පුළුවන. අපිනම් 154 බස් එකේ ගොස් බැස්සත් දහ අතේ නා ගෙනය. කොන්ඩෙ අවුල් වෙලාය. සාරි කට්ට ආ ගිය අතක නැත. දාඩ්යටම මේ කප් එකත් දිය වෙලාය. ලංකාවේ ටෙලි නාට්යවල ඉන්න සමහර අම්මලාට බෝම්බ පිට බෝම්බ වැදිලාවත් කිසිම අවුලක් නැත. පොඩ් සීරීමක් ඇරෙන්නට කිසි අවුලක් නැත. දැන් සැලෝන් එකෙන් එළියට ආවා වගේය. මේ කප් එක තිබ්බාට වඩා තියුණු වෙලාය.
එක දිගට වැරදි කියන්නම හොද නැතිය. ඉද හිට පොඩ් හරි හොඳක් කියන්නට ඕනෑය. හොඳින් සිතා බැළුවහොත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට මේ ටෙලියන් සාධනීය ලෙස භාවිත කළ හැක. හෙට එල්ලා මරන්නට නියමිත එකෙකුට වුව අද මෙගා ටෙලිනාට්යයක් දෙකක් පෙන්නුවොත් තමාට මොන ප්රශ්නදැයි කියා සතුටින් මැරෙන්නට ඉන්තේරුවෙන්ම හිත හදා ගන්නවාය.අපේ නංගිලාටනම් වරුවක් කොල්ලා කථාකලේ නැත්නම් අවුල්ය. වෙන එකියකට වහ වැටිලාදැයි හිතෙනවාය. එහෙන් මෙහෙන් කදුළු එනවාය. ටෙලිනාට්යය චරිත එවන් අවස්ථාවලදී ධනාත්මකව මුහුණ දිය යුතු ආකාරය අපට පැහැදිලි කර දෙනවාය. ඔක්කෝම වැඩ කටයුතු සැළසුම් කර අද උදේ වරුවේ කරන්නට ගිය විවාහ ගිව්ස ගැනීම නැකතට පැය භාගයක් තියා කැඩී යනවාය. අපිනම් හොටු පෙරාගෙන අඬනවාය. ලැජ්ජාවට දින කිහිපයක් කාමරය ඇතුලේය. බිඳ වැටුනු මානසිකත්වය ගොඩ නැගෙන්නට කාලයක් ඕනෑය. මෙවැනි ඛේදවාචකයන් කිහිපවරක් සිඳු වුණත් ටෙලිනාට්යවල උන්දෙලාට ගාණක් නැත. දවල් වරුවේ නැවතත් කාර්යාලයට ගොස් සිනා සී වැඩ කරනවාය.
මෙරට ටෙලිනාට්ය බලන විදේශිකයෙකුට හිතෙන්නේ ලංකාව තරම් සුරපුරයක් මුළු ක්ෂීරපතය චක්රාවාටයටම නෑ කියාය. කඩල වික්කත් තියෙන්නේ තට්ටු දෙකේ තුනේ ගෙවල්ය. පොඩ් මරුටියක්වත් අඩුම ගානේ තියනවාය. අපි දුප්පත්ගගා, දෙබස්වල තිබුණාට බැලූ බැල්මට එහෙම අහේනියක් නැත. ඒ සින්තැට්ක් ලොවට වඩා පොළව සමඟ පොරබැද ජීවත් වීමට වෙර දරන, මුළු ජීව්ත කාලයටම ලෝන් දා ගෙවල් හදන කෝච්චියේ බස් එකේ වැඩට යන අනේකවිධ දුක්ඛ දෝමනස්සයන් මැදිහත් සිතින් විදින, විදවන ජනතාවක් මෙරට සිටිනවග වර්තමාන ටෙලිනාට්ය කරුවනට නොදැනෙන්නේ මන්දැයි මට වරෙක සිතෙනවාය. යශෝරාවය , පළිගුමැණිකේ, කන්දේගෙදර, දඩුබස්නාමානය, වෙදහාම්නේ, චරිත තුනක්, දූ දරුවෝ වැනි ටෙලිනාට්ය කලෙක මේ වාහිනී වලම විකාශනය වූ බවත්, ලූලා නැති තැනට කනයා පණ්ඩිතයා බවත් හිතා සුසුම් හෙලනවා ඇරෙන්නට ප්රේක්ෂකයාට කරන්නට දෙයක් නැතිය. එකල මෙවන් නිෂ්පාදන කළ දැවැන්තයින් හම්බු වී මේ නිද්රාශීලි ස්වභාවය පිළිබද විමසන්නට තිබුණානම් මැනවයි මට වරෙක සිතේ.
අද කාලේ ටෙලිනාට්ය වල හැට්යට පාසල් ප්රේමයක් නොතිබුණහොත් සිය දහනව අවුරුදු පාසල් දිවියෙන් මෙලෝ වැඩක් නැත. දැන් කාලේ ළමයි නාට්යවල විදිහට මාරම මාරය. අපේ කාලේනම් ඉස්කෝලෙ යන කාලේ ලව් එකක් තිබ්බොත් දහ අතේ ගා ගන්නවාය. විභාගය ඇන ගන්නවාය. ඒ දෙකම ගොඩ දාගෙන කැම්පස් ගියේ එහෙමත් බ්රයිටෙක්ය. දැන් නාට්ය වල හැටියට කැම්පස් යන්නට A/L නොකලත් ලව් එකක් තියෙන්නට ඕනෑය. ඒ මදිය, විභාගය අත ලඟට එනකන් ලව් එක මත්තෙන් නහින්නට ඕනෑය. පිස්සුම කෙලින්නට ඕනෑය. පන්ති කට් කර කොල්ලාගේ ගෙදරට ගොස් චීත්තයක් කාරිය ඇඳගෙන උයා පිහා නැන්දම්මාගේ හිත ගන්නට ඕනෑය. විභාගෙට දවස් තුන හතරක් තියා අම්බානක ගුට් කන්න ඕනෑය. ඒ ලේ දූව්ලි මතින් නැගී දින දෙකක් තුළ පාඩම් කර අයිලන්ඩ් රෑන්ක් එකකුත් එක්කම පාස් වෙනවාය. රන් දෙපැයවල් තුළ ටෙලි පෙරහැරවල් අස්සේ යන මේ දහජරාව සිය දොවා දරුවන්ද සමඟ නොබියව බලා දරුවාගේ මොළයට පාසල් ප්රේමයේ අවශ්යතාවය හොඳහැට් වපුරන අම්මලා, සමහර ව්ට එහෙම කරනේනේ දැඩි අධ්ෂ්ඨානයෙන් සිය නාලිකාව නැරඹුවහොත් ගෙදරම විත් අදාල නාලිකා වලින් සල්ලි, රන්මාල දෙන නිසා ව්ය යුතුය. එතකොට ඉගෙන ගත්තේ නැතත් ඒ තෑග්ගේ පිහිටෙන් දරුවාට පෙට්ටි කඩයක් හෝ දමා දිය හැක.
එක අතකට රූපවාහිනි නාලිකා අපව මේ රටේ සතුට්න් ජීවත් වන්නට හැඩ ගසනවාය. මොන විදියක මරි මෝල් වැඩක් වුව ඉවසා එකත්පස්ව ඉන්නට හැඩගස්සනවාය. පැය භාගයක විකාශන කාලය තුළ ව්නාඩි 10ක් නාට්ය පෙන්නනවාය. ඉතිරිය වෙළෙඳ දැන්වීම්වලටය. කොහොමහරි වෙලාව කියන්නට සෙට් වෙන්නේත් ටෙලිය යන විනාඩ් දහයේමය.
අපි පව්ය , අපි මහා පව්ය ….අපේ දරුවෝ ඊට වඩා පව්ය. ආනන්දයෙන් ප්රඥාව කරා අප මෙහෙයව්ය යුතු බොහෝ මාධ්යය අපව ප්රඥාවෙන් ගොන් කමට මෙහෙයවන අපූරුව සැනසුම් සිතින් දරා සිනාසී ඉන්නට තරම් අප අපෘෂ්ඨවංශී වූ තරම්යැයි මට සිතෙනවාය.
උපුටා ගැනීම: ජීවනී පෙරේරා