අප කාටත් ලැබෙන හොඳම විවේකය තමයි රාත්‍රි නින්ද. නමුත්, විවිධ හේතු සාධක නිසා රාත්‍රි නින්දට බාධා ඇතිවි නින්ද අපට අහිමි වෙන්න පුලුවන් අවස්ථා තිබෙනවා. කෝපය කියන්නේත් එහෙම දෙයක්. කෝප ගැනීම කොහොමත් සෞඛ්‍යටත් අහිතකර දෙයකි. ඔබට ඇති වූ කෝප සිතිවිලි ගැන සිතමින් ඒවා මනසින් අත්හැර දැමීම නොකර දවසේ ඔබට මුහුණ දෙන්නට සිදුවු අපහසුතා, සෘණාත්මක හැඟීම් හා චිත්තාවේග ගැන සිතමින් ක්‍රෝධයෙන් නින්දට යාමෙන් ඒවා අපේ නින්දට වගේම වෙනත් ආකාර වලින් ද අපට බලපෑම් එල්ල කරනවා.තරහෙන්-කෝපයෙන් නින්දට යාමෙන් ඔබට ඇතිවෙන්න පුලුවන් බලපෑම් කිහිපයක් ගැනයි මේ.
- කෝපය ඔබේ නින්ද විනාශකරයි

ආතතියක් දැනෙන වේදනාකාරි සිතිවිලි වලින් සිත බර වන විට ඔබේ සිරුර සටන් කිරීම හෝ පලා යාම හෙවත් ‘fight- or -flight’ ප්‍රතිචාරාත්මක යාන්ත්‍රණය හරහා ඔබව කායිකව අවදි කර තබයි. එවැනි අවස්ථාවක නිදාගැනිම හෝ එකදිගට නිදාගෙන සිටීම කල නොහැකි තරම් අපහසු දෙයක් වේ. නින්දට බාධාවීම ඔබව තවත් කෝපය ගන්වයි. ඉතින්, ඒ නිසාම පසුදා ඔබ අවදිවන්නේ නැවුම් මනසකින් නොව මළානික වූ මුහුණකින් දැඩි තෙහෙට්ටුවකිනි.
- කෝපවීම ඔබේ සෞඛ්‍යයට අහිතකරයි

නින්ද නොමැතිකම නිසා නින්දේ ගුණාත්මක බවට බලපෑම් ඇතිවන අතර එය ඔබේ සමස්ත නීරෝගිකම කෙරෙහිද බලපායි. රාත්‍රී නින්ද එක් ආකාරයකින් ඔබට ලැබෙන සර්ව රාත්‍රික චිකිත්සාවක් වැනිය. නින්දේදි ඔබේ චිත්තාවේග ස්ථායි වී ඔබේ හැඟීම් සමඟ කටයුතු කිරීම පහසු කරවයි. නමුත් කෝපය සහ ප්‍රබල ආතතිය හේතුවෙන් මේ ක්‍රියාවලිය වියවුලට පත්විය හැකියි. කෝපය, වේදනාව වැනි සෘණාත්මක චිත්තාවේග නිසා ආතතිය හෝර්මෝන සිරුරේ නිකුත්විමට පටන්ගනියි. ඉන් ඔබව තවදුරටත් අපහසුවට පත්වේ. එමෙන්ම දිගින් දිගටම සිත කරදරවීමට වීමට පටන්ගනියි. දිගුකාලීනව මෙසේ වීමෙන් ඉන්සොම්නියාව හෙවත් අනිද්‍රාව වැනි තත්වයන් ඇතිවිය හැකියි. වඩාත් බරපතල තත්වයන් වලදි විශාදය වැනි මානසික රෝග තත්වයන් පවා වර්ධනය වීමට ඉඩ ඇත.
- නිදාගැනීමෙන් පසු දවසේ ඔබට ඇතිවූ වේදනාත්මක සිතිවිලි අමතක කිරීමට අපහසුය.

දවස තුලදි ඔබට සිදුවූ වේදනාකාරී මතකයක්, කෝපය ඇතිවූ සිද්ධියක් වැනි සෘණාත්මක අත්දැකීමක් අවදිව සිටියදීටත් වඩා නිදාගත් පසු මනසින් බැහැර කිරීම හෝ යටපත් කිරීම ඉතා අපහසු වන බවයි. නින්දේදී චිත්තාවේග, සිතිවිලි සහ ගැටලු මනසේ විශාලනය වේ; තීව්ර වේ. අප නිදාගෙන සිටින විට අපේ මොලය අලුත් දත්ත පැසුරුම් කරමින් අපේ කෙටි කාලීන මතකයේ සහ දිගු කාලීන මතකයේ තැන්පත් කිරීම සිදුකරයි. නින්දේදී කෝපය යන චිත්තාවේගය ගමන් කරන්නේ දිගු කාලීන මතකය වෙතටයි. එහි බලපෑම දිගු කලක් බලපවතියි.
අපහසුතාවට පත්වූ අත්දැකීමෙන් පසු ඔබ අවදිව සිටිනතාක් ඉන් ඔබේ මනසට ඇතිවූ බලපෑම අඩුවී යයි. නමුත් නින්දේදී සෘණාත්මක චිත්තාවේග කෙරෙහි ඇති වූ මානසික ප්‍රතික්‍රියාවන් ආරක්ෂා වේ. ඔබේ මනසේ ඒ සම්බන්ධයෙන් ඇතිවූ සියලු සිතිවිලි ඔබේ මතකයේ ස්ථීරව තැන්පත් වේ. එසේ වීමෙන් අනාගතයේ ඒවා සිහිපත්වන විට යටපත් කරගැනීම පහසු නැත.
- කෝපය ඔබේ අවංකත්වය නැතිකරදමයි

ඇඳ සුවපහසුව සහ විවේකය සලසන තැනක්. නමුත් ඔබ දිගින් දිගටම එසේ කෝප වෙමින් නින්දට යන විට එම රටාවෙන් ඔබේ මොලය ඇඳ සහ කෝපය යන්න අතර සම්බන්ධතාවක් ගොඩනගාගනිමින් වැරදි සංජානනයක් ඇතිකරගනියි. ඉන් ඔබේ සබඳතාව දිනෙන් දින පලුදුවී යනු ඇත.
- සහකරු සහකාරිය අතර වැරදි වැටහීම් ඇතිවිය හැකියි.

එකිනෙකා සමඟ වාද කරමින් සිටින අතරේ එක් අයෙක් අනෙක් පැත්තට හැරි නිදාගැනීමට උත්සහ කරයි නම් , ඉන් ඔහු/ඇය සාර්ථක සම්බන්ධතාවක් පවත්වාගෙන යාමට උනන්දු නොවී ගැටුමකින් දිනීම ගැනම පමණක් පටු ලෙස සිතන අයෙකු යැයි වැරදි වැටහීමක් අනෙකාගේ සිතේ ඇතිවීමට ඉඩ ඇත./ මතගැටුමකදී ඔබ ක්‍රියාකරන ආකාරය අනුව ඔබේ සබඳතාව තවදුරටත් සාර්ථකව පවතියි ද නැතිනම් බිඳවැටි යනු ඇත්දැයි යන්න කෙරෙහි බොහෝ දුරට බලපානු ලබයි
උපුටා ගැනීම: VOICE Official Lanka Post Blog