හැමෝම ලියනවනෙ තම තමන්ගෙ ඉස්කෝලෙ කාලෙ වුණු අලකලංචි, පුද්ගලික අත්දැකීම් වගේ දේවල්. මම ලියන්නෙ අන්තර්ජාතික වශයෙන් කෙළවගත්ත දේවල් ගැන… සමහර වෙලාවට අපිට කෙළවපු, සමහර වෙලාවට අපිම කෙළවගත්ත, ලංකාවෙ සංචාරක කර්මාන්තයට සම්බන්ධ කතාවකින් පටන්ගන්නම්.
මම A/L ලියපු හැටියෙම ගියා DMC එකක (සිංහලෙන් කියනවනම් “සංචාරක සේවා සපයන ආයතනයක”) වැඩට… (එයාර්පෝට් එකෙන් බැහැපු වෙලාවෙ ඉඳලා ආපහු එයාර්පෝට් එකට එන මොහොත වෙනකල් සෑම දෙයක්ම සූදානම් කරලා දෙන එකයි DMC එකක අපි කරන්නෙ.)
එක්තරා ඉන්දියානු ආයතනයකට උවමනා වුණා ලංකාවට එයාලගෙ Dealers ගෲප් එකක් දවස් 3ක සංචාරයකට එවන්න. (ඉන්දියානු කියපු ගමන් ඔයාලගෙ මූණ වෙනස්වුණා නේද ? ). සංචාරක ආයතන ගණනාවක් ඉදිරිපත් කරපු පැකේජ් අතරින් අන්තිමට මම හිටපු ආයතනයේ පැකේජ් එක තෝරගත්තා. වැඩේ හරි ලොක්කොන්ටත් හරි සතුටුයි. දැන් තියෙන්නෙ බැඳගත්ත බෙරේ ගහන්න.
“ලොකු ගෲප් එකක් තලා ගත්තා” කිව්වට, මම දැනං හිටියෙ නෑ මේක කොච්චර ලොකු ගෲප් එකක්ද කියලා. පස්සෙ බැලින්නං 1200ක්… උපන්ගෙයි ඉන්දියන්කාරයොම 1200ක්…
ඔන්න දැන් ගෲප් එක එන්න දවස් කිට්ටුයි. 1200ම දාන්න කොළඹ හෝටල් හොයාගෙන, ඇති තරම් බස් එහෙමත් හොයාගෙන අපි ලෑස්ති වෙනවා මේ මහා ඉන්දියානු ආගමනයට.
මම ඉතිං අලුතින් ආපු පොඩි එකානෙ. මට දුන්නෙ අරෙහෙ මෙහෙ දුවන, වැඩිය මොළේ වෙහෙසන්න ඕන නැති රාජකාරි.
දවසක් බොස් කතා කරලා කියනවා – “රනිල්, මේ සල්ලි ටික අරගෙන වෑන් එකේ රංජි එක්ක යන්න කොටුවෙ මල්වත්ත පාරට. රංජි තැන පෙන්නයි, එතනින් ලොකු ප්ලාස්ටික් කෝප්ප 600ක් අරගෙන, “අහවල්-අහවල්” හෝටල් වලට “මෙච්චර-මෙච්චර” කෝප්ප බෙදලා දෙන්න. හෝටල් වල අය දන්නවා ඒ කෝප්ප මොකටද කියලා”… මමත් හා කියලා වෑන් රංජි එක්ක ගිහින් කියපු හැටියටම වැඩේ කොලා. හෝටලෙන් කෝප්ප ටික බාරගත්ත අය “මේ ටික ඉන්දියන් ගෲප් එකට දෙන කාමර වලට දාන්න” කියලයි බාරගත්තෙත්.
ආපහු ඔෆිස් එකට ආවත් මගේ ඔලුවෙ වැඩකරන්නෙ මේ කෝප්ප සීන් එක. ඇයි යකෝ, කොළඹ තියෙන තරු 5 හෝටලයක කාමරයක මොනවයින් අඩුපාඩු ද ? හැම දේ ගැනම හොඳට හිතලා, ඩිසයින් කරලා, ලක්ෂ ගාණක් වියදම් කරලා හදපු කාමරේකට රුපියල් 20ක් වගේ නොවටිනා ගාණක ප්ලාස්ටික් කෝප්පයක් මොකටද ? තේ හදං බොන්නයැ…
පහුවදා බොසාගෙන් ඇහුවා මොකක්ද මේ ප්ලාස්ටික් කෝප්ප ඩාන්ස් එක කියලා… ඇඟට පතට නොදැනී බොස් කියාපි “ආ… ඒවා උන්ට පු* හෝදගන්න දුන්නෙ” කියලා ඉන්දියාවෙන් අපිට බිස්නස් එක දෙන කම්පැණියෙ ඉල්ලීමක් ලු හැම කාමරේකම බාත්රූම් එකේ ප්ලාස්ටික් කෝප්පයක් තියන එක. මොකද “බිඩේ ෂවර්” එක පාවිච්චි කරන්න මුං දන්නෙ නෑ. පශ්චාත් භාගෙ හෝදන්න කෝප්පයක් තිබුණෙ නැතිනම් මාර අවුලක් තමයි වෙන්නෙ. ඔය අවුල ලිහන්න කම්පැණිය හොයාගත්ත විසඳුම තමයි හැම කාමරේම ප්ලාස්ටික් කෝප්පයක් තියන එක.
ගෲප් එක ලංකාවෙන් ගියාට පස්සෙ කොළඹ හෝටල් වලින් ඒ කෝප්ප ටිකට මොකද කරේ කියලා මගෙන් අහන්න එපා, මම දන්නෙත් නෑ ඇහුවෙත් නෑ.
හෝටලේ ක්ලීනිං ස්ටාෆ් කවුරු හරි ඒවා එකතු කරලා ආපහු මල්වත්ත පාරටම අඩුවට විකුණවද දන්නෙ නෑ… ඒවා ගෙදර ගෙනිහිං කී දෙනෙක් තේ/වතුර බිව්වද කියලා දන්නෙ උඩ ඉන්න දෙයියෝ තමයි.
2003-2004 කාලෙ මල්වත්ත පාරෙන් ප්ලාස්ටික් කෝප්ප ගත්තෙ නැති අය මේක කියවලා ලයික් කරයි….
කියවලා ලයික් නොකරන අයට අවුරුදු ගාණකට පස්සෙ හරි, ඒ කෝප්පෙකින් තේ බොන්න ලැබේවා කියලා මම සාප කරනවා !!!!
උපුටා ගැනීම: Ranil Ariyarathna