වඳවීමේ තර්ජනයට මුහුණ දුන් කෲඩියා සෙලනිකා ගහට මෙහෙම හිතෙනවාත් ඇති දැන්
රූට් බෝල් කරලා හිටවයිද,
එහෙම තාක්ශණයක් නෑත් කියනවා,
බයෙත් බෑ,
මුල් ටිකටම කෙලලා ඇරියොත් ඉවරයි,
මොකෝ වතුර ප්රභාසංශ්ලේශණය කරලා ගන්නයෑ.
මගේ නම පාර්ලිමේන්තුවේදීත් කිව්වා,
මැරුණේ නැත්නම් යූ ටියුබ් චැනල් එකක් පටන් ගන්නවා.
කෑලි කපලා පටක රෝපණය කරයිද දන්නේත් නෑ,
එහෙමනම් වෙන්නේපා සන්තේ…
වෙලාවට මිස් ආවේ,
නැත්නම් මල මඟුලයි.
අපේ එවුන් වඳ වුණේ වෙලාවට,
නැත්නම් මේ වෙද්දී මොරටුව පැත්තේ චාටර් කකා ඉන්නවා.
මී කුඹුක් වලට ඊරිසියා ඇති,
ඇයි උන්ගේ නම් විතරනේ පහුගිය කාලේ කියවුණේ.
රබර් වගේ වුණානම් කොල ටික හළලා මැරුණා වගේ ලයින් එකක් දෙන්න තිබ්බා පොඩ්ඩක් කට්ටිය පත්තු වෙන්න.
උඩින් පාලමක් ගැහුවොත් ජීවිතේට නාගන්න වෙන්නේ නෑ වැස්සකටවත්.
මාව මැදි කරලා පාර ගැහුවොත් මැරෙනකම් දූවිලි කකා ඉන්න වෙන්නේ,
බල්ලොත් සූ කරලා යයි,
ඊක්කා…
උපුටා ගැනීම: -Tharu Rajapaksha-