ක්ෂුද්‍ර ප්ලාස්ටික් පරිසරයෙන් ඉවත් කිරීම සහ ඉතියෝපියාවේ තතු. (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
පරිසරයට අප අයත් වනවා මිසෙක අපට පරිසරය අයත් නැති හෙයින්, පරිසරය ආරක්ෂා කර ගැනීමට අප පෞද්ගලිකවම කැප විය යුතුය යන්න විශේෂයෙන් කිව යුතු නැත. අපට කල හැකි බොහෝ දේ අතරෙන් කීපයක් වන්නේ ප්ලාස්ටික් හැකි තරම් අවම සේ භාවිතයත්, හැකි හැමවිටම ඒවා ප්රතිචක්රීයකරණයට යොමු කිරීමත්, එසේම හැකි සැමවිටම ඒවා වරකට වඩා භාවිතයත් වේ.
පොලිතීන් යන්න එන්නේ ‘පොලිලොයිඩ්’ යන වචනයෙනි. එහි ‘පොලි’ යනු ‘බොහෝ’ යන්නයි. එනම් අණුක සේ ගත්විට පොලිතීන් යන්න එකට බන්ධන වලින් එකතු වී ඇති තැනි අණුවක් සේ සැලකුවාට එහි වරදක් නැත. නමුත් තාපයට නිරාවරණය වූ විට ඒ බන්ධන කැඩී, ‘මොනෝ’ හෙවත් තැනි අණු වලට ඒ පොලිතීන් කැඩී යයි. මෙන්න මේ ‘මොනෝ’ යන අණු වර්ග පිළිකා කාරක වේ. මෙසේ හෙයින් ප්ලාස්ටික් වරකට වඩා භාවිතයද එතරම් සුභ නැත.
අප විසින් කල යුත්තේ ප්ලාස්ටික් හැකි තරම් භාවිතයෙන් ඈත් කිරීමය.
ප්ලාස්ටික් බෝතලයකට වතුර දමා දිනයක් දෙකක් තබා බොන විට, “ප්ලාස්ටික් රහක්” එන්නේ ඒ ‘මොනෝ’ අණු හේතුවෙනි. මේ නිසා වරක් බීමට හැකි ආකාරයේ වතුර බෝතල්, එය භාවිතා කල පසු නැවත භාවිතය යෝග්ය නොමැත. කුඩා අනුමානයක් කරන්නට ඉඩ දෙන්න. මෙය අනුමානයක් පමණි.
70 දශකයේ පිළිකා රෝගය වැළඳුනේ දාහකට 7 දෙනෙක්ට පමණි. අද දින මිනිසුන් 7 දෙනෙක්ගෙන් එක් කෙනෙක්ට පිළිකා රෝගය වැළඳීමේ අන්තරාය පවතී. 70 දශකයේ මුල් භාගයේ දත් බුරුසු භාවිතා කලේ ඉතා අඩුවෙනි. මා කුඩා කාලයේ නම් බෝඹු කෝටු ඒ සඳහා වැඩිහිටියන් පාවිච්චි කළහ. දත් බුරුසු කලක් භාවිතා කරන විට ඒවායේ පොලිතීන් විභේදනය වී හෙවත් කැඩී, මොනෝ අණු මුක්ත වේ.
මුඛයේ විදුරුමස ඉතා තුනී වේ. පහසුවෙන් තුවාල විය හැක.
දත් බුරුසු හරහා මොනෝ අණු ශරීරගත වන්නේද යන ප්රශ්ණය එවිට නැගිය හැක. එනිසා පිළිකා වර්ධනය වැඩි වූයේද යන්න ඔබට අනුමානය කල හැක. මීට සහාය සඳහා ඔබට තවත් තොරතුරක් කියමි. ඉතියෝපියාවේ ‘හවාසා’ ප්රාන්තය යනු ‘පික්චර් පෝස්ට් කාර්ඩ් එකක්’ මෙන් සුන්දර පෙදෙසකි. ස්වභාව ධර්මයෙන් අනුන මේ පෙදෙසේ මිනිසුන් ඉතා නිරෝගී වේ. වෙළඳපොලක , කඩ පිළේ, පාරේ වෙන කිසිම රටක විකුණන්නේ නැති දෙයක් ඔබට එහි දැකිය හැක.
ඒවා නම්, දත් මදින්නට ගන්නා කුඩා කෝටු විශේෂයකි. කීප වතාවක් විකන විට, දත් බුරුසුවක් සේ කෙඳි ඒ කෝටු වලින් එළියට පැමිණේ. මේ සමඟ ඒවායේ පින්තුර කීපයක් දමා ඇත.
ස්වභාව ධර්මයත් සමඟ එකට ජීවත් වෙන, ලෝකයේ සිටින ලස්සණම රටක, අව්යජම මිනිසුන් කොටසක් ජීවත් වෙන, සුන්දර ඉතියෝපියාව තරම් මිනිසුන් සහ සතුන් එකට සාමුහිකව ජීවත් වන රටක් තවත් නොදැක්කෙමි. ඔබ ඒ වන වදුළු පෙදෙසක ගමන් කරන විට, අතේ කෑම තිබේ නම් වඳුරෙක් හෝ කුරුල්ලෙක් පැමිණ ඒවා ඉල්ලනු ඇත. ඔවුන් එතරම් ආක්රමණශීලී ද නොවේ.
සාමාන්යයෙන් දැකිය හැකි ලී බඩු වල පවා ප්ලාස්ටික් කොටස් නැත. ඉහළ තලයේ හෝටලයක වුවද මේ ස්වභාවික දිවි පෙවෙත දැකිය හැක. විශේෂත්වය වන්නේ, ඉතියෝපියානුවන් ඒ ජීවිතය අගය කිරීමය. ඊනියා සංවර්ධනයක් වී ඇතැයි උදම් අනන අපට ඔවුන්ගෙන් ගත හැකි බොහෝ දේ ඇත.
කීපයක් කිවහොත් පාරේ පෙට්ටි කඩයකින් ලැබිය හැකි ‘ටැන්ඩම් දාපු කඩේම කොටන කෝපි, පට්ට සැර ලුනු මිරිස් සමඟ අලිගැට පේර, ඉන්ජෙරා කෑම වේල, තරු පහේ හෝටලයක කෑම වේලක් සිහි ගන්වයි. ඊට ඉතියෝපියාවේ නිෂ්පාදිත සාන්ත ජෝර්ජ් බියර් බෝතලයක් එකතු කල විට ස්වර්ගයේ සැප මෙලොව ඔබ විඳුනු ඇත. ඒ අතරේ පතුලක් නැති නිල් නයිල් නදිය, වඳුරු නෑදෑයෝ, හොට දිග කොකුන් සහ හවාසා විලද, ප්ලාස්ටික් අවමසේ භාවිතා කරන මිනිසුන්ද දැකීමද වාසනාවකි.
මේ ආකාරයේ බොහෝ සරළ සහ අහිංසක ක්රම වලින් ලෝකයෙන් ප්ලාස්ටික් ඉවත් කිරීම සඳහා අපටද දායක විය හැක. එකක් වන්නේ වෙළඳසැලකට ගිය විට එහිදී මිළට ගන්නා බඩු සඳහා ලැබෙන ‘සිලි සිලි බෑගය’ ප්රතික්ෂේප කිරීමය. යම් පළතුරක් මිළට ගන්නේ නම්, ඒ පළතුරේ මිළ දර්ශකය එය ඔතන පොලිතීන් කවරයේ නොගසා, එම පළතුරේම සටහන් කරන පරිසර වේදීන්ට අපද එකතු විය යුතුය. කිසියම් පළතුරක්, උදාහරණයක් සේ කෙසෙල් ගෙඩි හෝ ඇපල් සඳහා හොඳ ආවරණයක් හෙවත් ලෙල්ලක් ස්වභාව ධර්මයෙන්ම ලැබී තිබේ.
එයට තවත් ආවරණ කුමටද ?
ප්ලාස්ටික් වසංගතය ගැන අලුතෙන් කීම අනවශ්ය වුවද, එක්තරා සිදු වීමක් පමණක් මෙහි සිහිපත් කරවීම මැනව යයි සිතේ. 60 දශකයේ මුල් භාගය කාලයෙන් පසුව නැවත මරියානා ආඝාධය හෙවත් ලෝකයේ සාගර පත්ලේ ගැඹුරුම ස්ථානය පරීක්ෂා කිරීමට ගිය විද්යාඥයන් අලුත් දෙයක් දුටුවෝය. එහෙත් එය දුක්මුසු දෙයක් විය.
එනම්, ඒ තරම් ගැඹුරුම තැනක වුවද පවතින ප්ලාස්ටික් අප ද්රව්ය විය.
“හොංකොං පොලිටෙක්නික් විශ්ව විද්යාලයේ” පර්යේෂකයන් විසින් ක්ෂුද්ර ප්ලාස්ටික් හසු කර ගැනීම සඳහා නව ක්රමයක් යෝජනා කර ඇති අතර ඒවා ඉන්පසු ප්රතිචක්රීකරණය සඳහා පරිසරයෙන් ඉවත් කිරීමට ඉඩ සලසයි. මේ ආකාරයේ පරීක්ෂණ ලෝකයේ බොහෝ තැන් වල කෙරුනද, ඒවා ප්රායෝගික තත්වයට ගෙනැවිත් පරිසර හානි වැළැක්වීමට තවත් කාලයක් යනු ඇත.
“මයික්රොප්ලාස්ටික්” යන්න අර්ථ දක්වන්නේ මෙසේය. එනම් විශාල ප්ලාස්ටික් වස්තූන්ගේ කොටස් ද ඇතුළුව දිග සෙන්ටිමීටර භාගයකට වඩා අඩු ප්ලාස්ටික් කැබලි වේ. මේවා සෑම තරාතිරමකම පරිසරවල ඉහළ මට්ටම්වලින් සොයාගෙන ඇතත් පරිසරයේ ක්ෂුද්ර ප්ලාස්ටික් වල චලනය පිළිබඳව බොහෝ දේ නොදන්නා කරුණු ඇත. ඒවායේ කුඩා බව හේතුවෙන්, දහනය කිරීම හා ගබඩා කිරීම වැනි සම්ප්රදායික ක්රම සීමිතය.
පර්යේෂණයට නායකත්වය දුන්, “මහාචාර්ය යැං ලියු” පැවසුවේ … “ඒවා පහසුවෙන් ජෛවීය සේ දිරා යන්නේ නැත”… “ ඒවා දීර්ඝ කාලයක් තිස්සේ පරිසර පද්ධතිවල පවතී”… “මෙහි ප්රතිඵලය වන්නේ ජීවීන් විසින් ක්ෂුද්ර ප්ලාස්ටික් , ආහාර දාමයට එකතු කිරීමයි” … “මෙහි භයානක කම වන්නේ, මයික්රොප්ලාස්ටික්වල විශාල පෘෂ්ට වර්ගඵලයේ විශාල අවශෝෂණ ධාරිතාවය නිසා මගින් පළිබෝධනාශක, බැර ලෝහ සහ අපද්රව්ය වැනි විෂ සහිත දූෂක අධික සාන්ද්රණයකින් අවශෝෂණය කරගත හැකිය”…
මෙවන් ක්ෂුද්ර ප්ලාස්ටික් අනපේක්ෂිත ලෙස පරිභෝජනය කිරීමෙන් පසු පරිසර පද්ධතිවල සහ මිනිසුන්ගේ ජීවීන්ට ජීව විද්යාත්මක හා රසායනික විෂවීමක් ඇති වේ. තවද, ක්ෂුද්ර ප්ලාස්ටික් ඉවත් කිරීම ඉතා දුෂ්කර වන අතර එමඟින් පරිසරයට අනවශ්ය ලෙස මුදා හැරේ.
ඔහු ඇතුළු “හොංකොං පොලිටෙක්නික් විශ්ව විද්යාලයේ පර්යේෂකයන්” විසින් ක්ෂුද්ර ප්ලාස්ටික් හසු කර ගැනීම සඳහා බැක්ටීරියා ජෛව ෆිල්ම් [biofilm] මගින් සාදන ලද ඇලෙන සුළු පලිහක් භාවිතා කිරීමට යෝජනා කර ඇත. ඉන්පසු ඒ ජෛව ෆිල්ම් සැකසීමට හා විසුරුවා හැර, ක්ෂුද්ර ප්ලාස්ටික් අංශු වලට මුදා හරිනු ලැබේ.
“සියුඩොනෝමාස් ඒරුගිනෝසා” නම් බැක්ටීරියාව භාවිතා කරමින් ලියු සහ ඔහුගේ සගයන් ක්ෂුද්ර ප්ලාස්ටික් අල්ලා ගැනීම අත්හදා බැලූහ. මෙම බැක්ටීරියා විශේෂය සෑම පරිසරයකම දක්නට ලැබෙන අතර ක්ෂුද්ර ප්ලාස්ටික් අල්ලා ගනු ලැබේ.
ක්ෂුද්ර ප්ලාස්ටික් ජෛව ෆිල්ම් මගින් අල්ලාගත් පසු, පර්යේෂකයන් විසින් ජෛව ෆිල්ම්-විසුරුම් ජානයක් [biofilm-dispersal gene] භාවිතා කරන ලද අතර එමඟින් නැවතත් ක්ෂුද්ර ප්ලාස්ටික් මුදා හැරීමට හැකි වේ. මේ ක්රමය මගින් මිල අඩුවෙන් ප්රතිචක්රීකරණය සඳහා ක්ෂුද්ර ප්ලාස්ටික් නැවත ලබා ගත හැක.
ඊළඟට, පර්යේෂකයන් විද්යාගාරයේ සංකල්ප සනාථ කිරීමේ අවධියේ සිට පාරිසරික පසුබිමකට ගමන් කරනු ඇත. ඔවුන් ජලජ පරිසරවල බැක්ටීරියා හුදකලා කිරීම හා විසුරුවා හැරීම වැනි කාර්යයන් ස්වාභාවික පරිසරයේ කරනු ඇත. අවසානයේදී මෙම තාක්ෂණය භාවිතා කර ක්ෂුද්ර ප්ලාස්ටික් සාගරයට පැනීම නැවැත්විය හැකිය.
නමුත් මේ ක්රම ප්රායෝගික සේ භාවිතයට එන්නට පෙර අපි, අපේ යුතුකම හෙට උපදින දරුවන් වෙනුවෙන් කල යුත්තෙමු.
May be an image of smoking
May be an image of animal and outdoors
May be an image of indoor
No photo description available.
May be an image of bird and outdoors
May be an image of 1 person, animal and outdoors
උපුටා ගැනීම: Lalith Karunaratna

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!