කුඩාවැල්ල හුම්මානයේ අසිරිය… (සංචාරක)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
දක්ෂිණ වෙරල බඩ පිහිටි ස්වභාවධර්මයේ තවත් අපූර්වත නිර්මාණයකි හුම්මානය.ඇත්තෙන්ම මෙය ස්වභාවික වතුර මලක් ලෙස හැඳින්වුවත් නිවැරදිය. දකුනේ ජීවත්වන ජනතාව මෙය “කරිජ්ජමාලාව” කියා ද හදුන්වයි.ශ්රී ලංකාවේ පවතින හුම්මාන දෙක අතුරින් විශාලතම හුම්මානය වන්නේ මෙයයි.මෙම හුම්මානය කුඩාවැල්ල ධීවර ගම්මානයේ පිහිටා තිබෙන අතර අනෙක් හුම්මානය උණවටුන ප්රදේශයේ පිහිටා ඇත.මාතර සිට කතරගම දක්වා දිවෙන ප්රධාන මාර්ගයේ පැමිණ දික්වැල්ල නගරය සිට කිලෝ මීටර් 12 ක් පමණ ගිය විට කුඩාවැල්ල මංසන්ධිය හමුවේ. එම හන්දියෙන් හැරී කිලෝමීටර් එකහමාරක් පමණ ඉදිරියට ගමන් කලවිට හුම්මානය පිහිටි වෙරළ තීරයට පිවිසිය හැකි ය.මෙම හුම්මානය වෙත පිවිසීමට වැල්ලේකැලේ නමින් හඳුන්වන කුඩා කඳු ගැටය උඩට පිවිසිය යුතුය.මුහුදු රැල්ලේ පීඩනයත් සමග විහිදී යාමට පෙර එක දිගට “ හුම්” ලෙසින් හඩක් පිට කරනා බැවින් හුම්-ගාන ය හුම්මානය වු කියවෙයි.මෙය ලෝකයේ දෙවන විශාලතම හුම්මානය ලෙසද ඇතැමුන් හඳුන්වයි.දෙස් විදෙස් විශාල සංචාරකයින් පිරිසක් මෙම හුම්මානය වෙත පැමිණෙයි.
මෙම ස්වභාවික කරදිය වතුර මල සැමවිටම ක්රියාත්මක වී නොපවතියි.එක් වරක් වතුර ඉහල ගිය පසු නැවත එය ක්රියාත්මක වීමට විනාඩි කිහිපයක් ගතවෙයි.මෙය අපූර්වතම ස්වභාවික ක්රියාවලියක් ලෙසින් සිදු වෙයි.මෙම හුම්මානය පිහිටි ස්ථානයේ මුහුදු මට්ටමින් ගුහාවක් පවතියි.තද පාෂාණ ස්තරයක් මත පිහිටි මෙම ගුහාව වෙත වේගයෙන් පැති දෙකක් තුලින් මුහුදු ජලය ගලා එයි.වේගයෙන් පැති දෙකක් තුලින් මෙම ජල තරංග පැමිණෙන බැවින් ඒවා එකට ගැටුණු විට විශාල පීඩනයක් ඇති වෙයි.එම ජලය වේගවත් ජල පහරක් ලෙස හුම්මානය තුලට ඇතුළු වෙයි.පසුව මීටර 2ක් පමණ දිගින් යුක්ත මීටර භාගයක් පමණ පළලින් යුක්ත ගැඹුරු ස්වාභවික සිදුරකින් මෙම ජලය ඉහළට වතුර මලක ස්වරූපයෙන් විසිරී යයි.මෙලෙස ජලය ඉහල යනවාත් සමගම හුම්… හුම් අකාරයෙන් නිකුත්වන ශබ්දය මීටර 500-600 පමණ දුරකට විහිදී යයි.ස්වාභාවිකව සිදුවන ඛාදන තත්ත්වයක් නිසා වර්තමානයේ හුම්මානය අතීතයට වඩා ක්රියාකාරී බවින් අඩුවී ඇත.අහස දෙසට විසිරෙන කුඩා ජල අංශුවලට හිරු එළිය වැටී වර්තනය වීම හේතුකොටගෙන , ඇතැම් අවස්ථාවලදී දේදුනු පැහැයෙන් යුක්ත වර්ණයෙන් එම පෙණ කැටි දැකගැනීමට හැකිය.
හුම්මානය කිරයාවලියේ දී පරධාන වශයෙන් ඍතුමය රටාවන් 2 ක් දක්නට ලැබේ. ඉන් පළමු පැත්ත නම් හුම්මානය කිරයාකාරී තත්ත්වයේ ඇති ඍතුමය අවස්ථාවයි. එනම් ජලය ඉහළට නගින අවස්ථාවයි. දෙවැන්න නම් හුම්මානය නිහඬ ඍතුවයි. එනම් හුම්මානය කිරයාකාරී නොවන ඍතුවයි. කුඩා වැල්ල හුම්මානය පිහිටා තිබෙන පරදේශය නිරිත දිග මෝසමට ලක්වෙන පරදේශයකි. මෙම කාල වකවානුව මැයි සිට සැප්තැම්බර් දක්වා පවතී. මේ කාලය තුළ හුම්මානයයේ කිරයාතාරිත්වය හොඳින් සිදුවේ. හුම්මානයෙන් නිකුත් වන ජලකඳ ඉතා හොඳින් ඉහළට එසවේ. එය 40 – 50 මීටර් පමණ ජලය ඉහළට විදීමේ කිරයාවලිය බොහෝ අලංකාර දර්ශනයක් වන අතර එය හොඳීන් දැක ගැනීමට ලැබෙන්නේ පුරපසළොස්වක පෝ්ය දිනවලදීය.හුම්මානය නිහඬ කාල පරිච්ඡේදය ලෙස හඳුන්වන්නේ ඔක්තෝබර් සිට මාර්තු අතර කාලයයි. එයට හේතුව නම් මේ කාලය වන විට නිරිත දිග මෝසම් අවසන් වීමයි. අන්තර් මෝසම් හා ඊශාන දිග මෝසම් මඟින් මේ පරදේශයට එතරම් පරබල බලපෑහමක් සිදු නොවේ. මේ කාල පරිඡේදය තුළ හුම්මානයේ කිරයාවලිය එතරම් පැහැදිලිව දැක ගැනීමට නොහැකිය. ඒ මේ කාලයේදී හුම්මානයේ ජලය එසවීමේ කිරයාවලිය සිදුවන්නේ පැයකට වාර 10 පමණ වීමයි. නමුත් එතරම් ජලය ඉහළට එසවීමක් ද දක්නට නොලැබේ.
උපුටා ගැනීම: Shanika Roshan Premathilak

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!