කුඩයක් (පෙම් කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඇයට තිබුණා ලස්සන කුඩයක්. පළවෙනි වතාවට ඒ කුඩේ ඉහළන්න වුනේ අපේ තෙවන හමුවීමෙදි ආපු ඒ මහ වැස්ස නිසා. මම එක අතකින් කුඩේ ඉහළගෙන අනිත් අතින් ඇයගෙ උරහිස අල්ලගෙන ඉද්දි උරහිස අල්ලගෙන හිටිය අතට වතුර බිංඳු වැටෙන්න ගත්තා. එතකොට මට තේරුනා කුඩේ හිල් තීනවා කියලා. මං කුඩේ කරකවලා හිල් තියෙන පැත්ත මගේ පැත්තට ගත්තා ඇයව ආරක්ෂා වෙන්න.
අපි වසර කිහිපයක් හරි ආදරෙන් හිටියා. එහෙම හමුවීම් වුනත් මාසෙකට දෙතුන් වතාවක් මුණගැහුනා. අපි මුණගැහුන දවසට වැස්සක් කඩාගෙන වැටුනොත් මම අර විදියට ඇයගෙ කුඩේ කරකවලා හිල් තියෙන පැත්ත මගේ පැත්තට ගන්න පුරුදු වුනා ඇයව වැස්සෙන් ආරක්ෂා වෙන්න.
අපි යනගමන අතරමැදදි එයා තීරණයක් ගත්තා මේ යන ගමන නවතින්න ඕන කියලා. ඇයගෙ තීරණයට මට විරුද්ධ වෙන්න අයිතියක් නැති නිසා මම ඇයගෙ තීරණය ඉදිරියෙ නිහඬ වුනා. මට ඇයව මා ලඟ රඳව ගන්න උවමනාව තිබුණත් ඇය රැඳෙන්න කැමති නැත්තම් මම සංවේදී වෙලා අඬලා දොඩලා ඇයව රඳව නොගත්තේ එහෙම ළං වීමක සාර්ථකත්වයක් නැහැ කියලා මගෙ හිත දන්න නිසා.
අපි අපෙන් වෙන් වුන වෙලාවෙදි අපි දෙන්නා එකට තෙමි නොතෙමි ගිය කුඩේ මම ඉල්ල ගත්තා. එයා හිතුවේ ඒක මං තියාගන්න හදන්නෙ මතක සටහනක් විදියට කියලා. ඇත්ත හේතුව නොකියා මං එයාට එහෙම හිතන්න ඉඩහැරියා.
ඒත් ඇත්තටම මං කුඩේ ඉල්ල ගත්තේ මතක සටහනක් විදියට නෙවෙයි. මං ඒ හිල් තියෙන කුඩේ ගත්තහම එයා අලුත් කුඩයක් ගන්නවා. එයාගෙ ජිවිතේට තව කවුරු හරි එයි. මං වගේම එයත් එක්ක අලුත් කුඩේ යටින් යයි. මං වගේම එයාගෙ උරහිසට ඔහු අත දාගෙනත් යයි. ඒත් වහින වෙලාවට මං වගේ කුඩේ කරකවලා තමන්ගෙ පැත්තට අරගෙන එයාව ආරක්ෂා කරයිද කියලා සැකයි. ඒ නිසයි මං හිල් තිබුණු කුඩේ එයාගෙන් ඉල්ල ගත්තා. දැං එයාට අලුත් කුඩයක් තියෙනවා. එයා තනියම ගියත් තව කෙනෙක් එක්ක ගියත් එයා දැං පරිස්සම් අලුත් කුඩයක් යටින් යන නිසා.
මගෙ ලඟ තියෙන එයාගෙ කුඩෙ දැං වෙනදටත් වඩා හිල් තියෙනවා. වෙනදටත් වඩා මං තෙමෙනවා. ඒත් තාම මට හිතුනෙ නැහැ අලුත් කුඩයක් ගන්න!
උපුටා ගැනීම: Pubudu Udatiyawala

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!