කුකුල් මස් ??? (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
 ඔව් ඔව් ගං කුකුල් මස් .
හොඳට අඩුම කුඩුම දාලා තියෙන්නෙ ආයෙ දිවේ තියන්න විතරයි තියෙන්නෙ සුටුස් ගාලා ගිලත හැකි බත් මුට්ටියම වුනත්.
ගං කුකුල් මස් තබා කුකුල් මස් කෑල්ලක්වත් කිසිදිනෙක නොකෑපු මාටිං තක්කු මුක්කු වී බලං හිටියේය.
ඈ බොල තෝ දන්නෙ නැද්ද මං ශාඛ භක්ෂකයෙක් විත්තිය. ඈක්කා මේවා කෑ හැකියැ හිටං.
මේ මේ මේ..තොට කන්න බැරි නං නිකන් හිටු.මං මේ මෙච්චර කට්ටක් කාලා කඩේ ගොහිං අරූට පිං සේන්ඩු වෙලා ,කුකුල් මස් කිව්වට කටු කෑල්ලක් හරි අරන් ගෙනල්ලා හොදලා කපලා ආයෙ හොදලා අගේට හදලා..තෝ තෝ .. මෙතන බයිලා දොඩනවා.
අනික දැන් මට නං බැරුවා ආයෙ කඩපිළට ගාටන්ට.ඒ මදිමට මේ වෙලාවෙ ඇරපු කඩක් නෑ ණයට බඩු ගන්ට.ඔන්න ඔහේ ඕක ගිලලා දාපං.
ඊ….ඊ…ඉහිම් ඉහිම් ඉහිම්..
හයියෝ..මොකද යකෝ තෝ වැලහින්නක් වගේ මෙතන වැලපෙන්නෙ.යකෝ තෝ දන්නවද අපි මේ ලෝකෙට එනකොට ඔය එක මඟුලක් වත් දන්නෙ නෑ..මේක මස්, මේක එළවළු මේක පළතුරු ..ඔය කොයි එකත් හෙලවෙන මනස නොවැ.ඔන්න ඔහේ මේක හතු වෑංජනයක් කියලා හරි කාපන්කො මයෙ දෙයියෝ…
අනේ පල පල තෝ කියන්නෙ තෝ මේ එක එක දහජරාව කෑවා කියලා ජීවිතේට අපෙ අත්තා මුත්තා පනත්තාවත් කාල නැති මේ ඉලුව්ව කන්න කියලද?? මං බඩගින්නෙ මැරුනත් ඒක නං වෙන්නෙ නෑ. නෑමයි.
අහ් ඒකත් ඒහෙමද??
මදැයි මාත් තෝට ස්පෙෂොල් දෙන්න කියලා ගං කුකුල්මස් හැදුවා.දැන් මොකද කොරන්නෙ.
ආ.හරි මට හොඳ ටොප් අයිඩියා එකක් ආවා.මං එහෙනම් ගොහිල්ලා බලන්නම් එහා ගෙදර කිකිළි බිත්තරයක්වත් දාලද කියලා හරිය.
හ්ම්ම්…එතකොට උබ කොහොමැයි බිත්තර ගන්නෙ .මේං මෙච්චර තාප්පයක් ගහලා තියෙද්දි ආ…
අනේ හිවලෝ තෝ දන්න ඉටිගෙඩියක් නෑ.මංනෙ දන්නෙ තාප්පෙන් පැනලා හරි අත දාලා කිකිළිගෙන් බිත්තරේ ගන්න හැටි.තෝ නිකං පණ්ඩිතයා නොවී හිටු.
ආ……………………..
ඒක නෙමෙයි දැන් තෝ ටිකකට කලින් මැරෙන්න ගියා නේද ..තෝ ශාඛ භක්ෂකයෙක්ය .තොට කුකුල්මස් කන්න බැරිය කියලා.එතකොට බිත්තර??
අනේ ගොයියෝ තෝ හිතුවද අපි බිත්තරයක්වත් කන්නෙ නැති අඩු කුලේ පරහැත්තක් කියලා.නිකං මගේ යකා අවුස්ස ගන්න එපා හොඳේ. අපි බිත්තර තම්බලත් කනවා .ඔම්ලට් දාලත් කනවා.බුල්ස්සයි දාලත් කනවා ..ඕං..
ආ..එතකොට උබ උපත කනවා.විපත ඇලජික්
ප.ලි – විනෝදාස්වාදය උදෙසා පමණි.
උපුටා ගැනීම:  Udara Jayasundara

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!