කුකුල් මස් කිව්වම ගොඩක් දෙනා කන්න කැමැති කෑමක්,උත්සවයක් වෙලාවට වෙනයම් මොනවා හරි විශේෂ අවස්ථාවකදී අනිවාර්යෙන්ම කුකුළු මස් අපේ ආහාර වේලට එකතු වෙනවා.ඒ වගේම සාමාන්ය ආහාර වේලටත් බොහෝදුරට කුකුල් මස් ඇතුළත් කරගන්නව.ඔව් ඇත්තෙන්ම රස කෑමක්.
හැබැයි මම අද ඉදිරිපත් කරන්නේ කුකුල් මස් වල රස ගැන නම් නෙවෙයි.කුකුල් මස් නිෂ්පාදන ක්රියාවලිය අවුල් කියලා ගොඩක් අය දන්නවා.ඒත් ඒ ගොල්ල දන්නෙ අවුල් කියල විතරයි.මොකක්ද අවුල කියන එක කොහෙත්ම දන්නේ නැහැ.අපි කතා කරමු මේ ගැන..
කුකුල් මස් වල ගොඩක් දුරට LDL එහෙමත් නැත්නම් low density lipoprotein අඩංගු වෙනවා මේවායින් තමයි atherosclerosis තත්ව ඇති වෙන්නේ ඒ කියන්නේ රුධිර නාල නාලවල මේද තට්ටු තැන්පත් වීම.මේ නිසා ගොඩක් තුළට හෘදයාබාධ වගේ දේවල් බහුලව ඇති වෙනවා.කොලෙස්ට්රරෝල් මට්ටම ඉහළ යනවා.තව තව අනිසි ඵල විපාක තියෙනවා ඒ ගැන පස්සේ ලිපියකින් කතා කරමුකෝ.
කුකුල් මස් නිෂ්පාදන ක්රියාවලිය බොහෝම අවුල් සහගතයි.බලාගෙන ඉද්දි කුකුලන් ලොකු වෙනවා.සති දෙක තුනක කාලයක් ඇතුළත ඉතා හොඳින් වැඩුණු කුකුලෙක් මාකට් එකට එනව.තේරෙන් නැද්ද එතනම වැඩේ අවුල් කියලා..හරි මං කියන්නං මේවා හදන හැටි.
ඉතාම කෙටියෙන් කුකුලා ගැන කිව්වොත් ක්ලෝස් හවුස් සිස්ටම් එකට දවස් 21-30 අතර මාකට් එකට එනවා. දැන් ඉතින් හිතපන්කො සාමාන්ය කුකුලෙක් සති දෙක තුනකින් ලොකු වෙයිද… දවස් 1,12,14,19,25න් වැක්සින් සීරිස් එකක් යනවා. 25 එක නොදුන්නොත් 19න් දෙනවා 25 එකත් අල්ලලා ඩබල් කරපු හොට් වැක්සින් එක. ඊට පස්සේ මුල් දවසේ ඉදන් ඇන්ටිබයෝටික් එක්ක තව ඩ්රග්ස් දවස් 5ක් යනවා එක දිගටම. ඒක ඉවරුනු ගමන් ඊලග එක පටන් ගන්නවා සෙමට. ඒක ඉවරුන ගමන් පටන් ගන්නවා විටමින්. එකත් ඉවරුන ගමන් රස්නෙට බෙහෙත් දෙනවා. ඔය අතරේ ලෙඩ උනාමත් එක එක මගුල් දෙනවා. තව බර වැඩි වෙන්න උපත් පාලන පෙති දෙනවා කියලා කුකුල් මස් හදන ෆැක්ට්රි එකකම කෙනෙක් මීට පෙර අවස්ථාවකදී කියලා තියනවා..ඒ පිළිබඳ ඇත්ත නැත්ත හරියටම ඉස්සරහදි එලිවෙයි..
උදාහරණයක් විදියට දවස් 21ක් ජීවත් උනු කුකුලෙක් ඒ දවස් 21ටම ඩ්රග්ස් නැතුව පිරිසිදු වතුර විතරක් බොන්නේ අඩුම දවස් 2,3ක් කීවොත් පිලිගන්නවද? අර දවස් 21 වෙනකොට මොන තරම් ඩ්රග්ස් ඇගේ සාන්ද්ර ද?
ඒ විතරක් නෙමේ බූස්ටර්, ස්ටාටර්, ග්රෝවර්, ෆිනිශර් විදියට යන ෆීඩින් රැශන් එක සතාගේ බර ගන්නම හදපු ෆීඩ් එකක්. එකේ මොන තරම් අහිතකර දේවල් තියෙනවද?
තව නොදත් කරුණක් කියන්නම්.අර 19න් දෙන වැක්සින් එක දුන්නම සමහර වෙලාවට එදාම ඒ සත්තු මාකට් එකට කොලඹට ඕන තරම් එන දවස් තියෙනවා. සතා පෝස්ට් මෝර්ටම් කලාම බලාගන්න පුලුවන් සතාගේ වැක්සි බූස්ට් පවා තිබෙනවා ඇඟේ. එතකොට අර වැක්සින් වියැකෙන්නත් මත්තෙන් පිගානට එනවා නේද?
ඒ විතරක් නෙවෙයි දරුණු දෙයක් සිද්ධ වෙනවා ලෙඩ වෙච්ච කුකුල්ලුන්ට වෙන දේ දැනගෙන හිටියේ නෑනේද.
ගම්බෝරෝ, රැනිකට් වගේ ලෙඩ හැදිලා මැරිලා යන කුකුලන් ඉතා අඩු මිලට හෝටල් වලට හා සවස රයිස් ,කොත්තු කඩවල් වලට අරන් යනවා. ඒවා තමයි ඔය රයිස් එක100,120 ට දෙන්නෙ කුකුල් ගාතයක් එක්ක..දැන් සිහියට නගා ගන්න කොච්චර කාලා තියනවද කියලා..
අනික පීකුදු ඔක්කොටම වඩා හපන්.ඒක හින්දා පීකුදු පාවිච්චිය අතහැරලා දාන එක හොඳයි..දැන් හරක් මස් වලට එහෙම බනින කට්ටිය මේවයෙදි සයිලන්ට්.මම කියන්නෙ නෑ හරක් මස් කන්න කියලා.ඒක ඔබේ තීරණයක්..(ජාතිවාදෙ එහෙම ගාවගන්න එපා මේකටනම්). හැකිතාක් මාළු වලට යොමු වෙන්න පුළුවන් නම් අන්න වටිනවා..
ලිපිය අවසන් කරන්නම්..
තව කෙනෙකුට දැනගන්න සලස්වන්න..
උපුටා ගැනීම: භා ව