කුකුළන් උදෑසන වේලාව දක්වන්නන් ලෙස අපේ පැරැන්නන් පිළිගෙන තිබුණා. ඒත් විද්යාත්මක ලෝකය ඒ බව තහවුරු කර ගත්තේ මෑත දී ජපානයේ කළ පර්යේෂණයකින්.
විද්යාඥයන් කියන විදියට කුකුළන් ඉර පායනු දැක හෝ නොදැක හෝ පාන්දර එකම වේලාවට නොවැරදීම හඬලන බව ඔවුන් විසින් තහවුරු කර ගෙන තියෙනවා. පර්යේෂකයන් විසින් සොයා ගෙන තියෙනවා, කුකුළන් හඬලන්නේ සූර්යාලෝකය අනුව යමින් නොව ඔවුන්ගේ සිරුරේ කිසියම් යන්ත්රණයක් මගින් ලැබෙන සංඥාවක් මගින් බව. ජපානයේ විද්යාඥයන් පිරිසක් තමා මෙම සොයා ගැනීම කරලා තියෙන්නෙ.
ඔවුන්ගේ අධ්යයනයට අනුව මුළු කාලය තුළ ම හිරු එළිය නො දැක, පැය 24 ම අලෝකමත් කළ පරිසරයක් තුළ සිටියත් කුකුළන් ඉර පායන්නට පෙර හරියට එකම වෙලාවට හඬලන බව අනාවරණය වේ. ඔවුන් දවසේ වේලාවන් ගැන දැන ගන්නේ යම්කිසි ඉවකින් බවයි ඔවුන් නිගමන කර තියෙන්නේ.
විද්යාඥයන් විශ්වාස කරන්නේ ඔවුන්ගේ මේ අමුතු හැසිරීම පාලනය කෙරෙන්නේ බාහිර බලපැමකින් නොව ඔවුන්ගේ සිරුරු තුළ ම ඇති, යන්ත්රණයක් මගින්, පැය විසි හතරකට වරක් නැවත සිදු වන එනම් අනුදිනප්රතිවර්තී රිද්මයකට (circadian rhythm) අනුව බව ජපානයේ ආචාර්ය තකාෂි යොෂිමුරා කියන්නේ.
‘කරන්ට් බයොලොජි’ සඟරාවේ පළ වූ මේ අධ්යයනය පිළිබඳ ලිපියකින් පෙන්වා දී ඇත්තේ පර්යේෂකයන් විසින් ශබ්දරෝධනය කළ, ජනේල රහිත කාමරයක කුකුළන් කීප දෙනකු දමා අධ්යයකය කළ බවයි.
පර්යේෂකයන් ඊළඟට බලාපොරොත්තු වන්නේ කුකුළාට හඬලන්නට උපකාර වන සිරුරේ ඇති උත්තේජනය කුමක් දැයි හඳුනා ගැනීමටයි.
පර්යේෂකයන් එක් කුකුළන් කණ්ඩායමක් නිරීක්ෂණයට භාජනය කළේ පැය 12ක දිවා ආලෝකයත් පැය 12ක අඩ අඳුරු ආලෝකයත් සහිත තත්වයන් යටතෙයි. දෙවැනි කුකුළන් කණ්ඩායම පුර්ණ වශයෙන්ම අඩ අඳුරු ආලෝකයක් සහිත පරිසරයක තබා නිරීක්ෂණය කරනු ලැබුවා.
අධ්යයන වාර්තාවෙහි සඳහන් වන්නේ හොඳින් ආලෝකය සහිත පැය 12ක් හා අඩ අඳුරු පැය 12ක් ඇති කාල චක්රයේ දී ආලෝකය දමන්නට පැය දෙකක් තිබිය දී කුකුළන් හැඬලූ ආකාරය නිරීක්ෂනය කළ බවයි. රතු වලිකුකුළන් වනගතව සිටිය දී පාන්දර ඉර පායන්න පැය දෙකක් තිබියදී හඬලන්නාක් මෙන් ඒ හඬ ඒ ආකාරයෙන් ම කළ බව එහි සඳහන් වෙනවා. පැය විසි හතරකට වරක් නැවත සිදු වන එනම් අනුදිනප්රතිවර්තී රිද්මයකට එය සිදු වූ බවත් එහි දැක්වෙනවා.
මේ සොයා ගැනීම කුකුළන් හැඬලීම පිළිබඳව රහස් එළි කර ගන්න කරන උත්සාහයක ආරම්භයක් විතරයි. මිනිසා කථා කරන ආකාරය ගැන හදාරන විදියට මෙය කළ නොහැක්කක්. ‘අප තාමත් දන්නේ නෑ ඇයි බල්ලා ”බව්-බව්” කියන්නේ, බළලා ”ඤාව්-ඤාව්” කියන්නේ ඇයි කියලා’ යොෂුමුරා කියනවා.
‘සමහර විට ජානවල බලපෑමකින් බිහි වූ යාන්ත්රණයක් ඇති කුකුළාගේ මේ හැඬලීමේ චර්යාව පසුපස. එය ආලෝකය අනුව කරන්නක් නොවන බව තහවුරු වුණා. අප තැත් කරන්නේ ඒ යාන්ත්රණය කෙබඳු එකක්දැයි හෙළි කර ගන්නයි. සතුන් නඟන හඬට හේතුවන සාධක මොනවාදැයි විමසන්නට ඉතා හොඳ පසුබිමක් අපට කුකුළන් ගෙන් ලැබෙනවා.‘ යොෂුමුරා සිය කණ්ඩායමේ පර්යේෂණයේ අනාගතය ගැන ඉඟියක් ලබා දී තිබෙනවා.ඔවුන් මේ පිළිබඳව කියනදේ අනාගතයේ දී බලමු.
උපුටා ගැනීම: රාම් වණා