කුමරියක පා සලඹ සැලුනා (විනෝදාස්වාද චිත්‍රපට, නාට්‍ය හා වැඩසටහන්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අද දින තෝරාගත්තේ කුමරියක පා සලඹ සැලුනා ගීතයයි. මේ ගීතය කේ ඩී කේ ධර්මවර්දනයන් විසින් රචිත, වික්ටර් රත්නායක මහතා විසින් සංගීතවත් කල අමරදේවයන් විසින් ගායනාකල ගීතයක්. මේ ගීතය මගින් ඔප්නංවන්නේ කලාවේ රස නවයෙන් ශුංගාර රසයයි. එය ඉතා සංයමයෙන් මේ ගීතය හරහා ඉදිරිපත් කරනවා.
ශුංගාරයට මූලික වෙන්නෙ කාමය රාගය රතිය වැනි දේවල්. සාමාන්යය පෘතඃජන මිනිසුන් විදියට ශෘංගාරය තහනම් රසයක් නොවෙයි. නමුත් එය ඉදිරිපත් කිරීමේදී කලාකරුවාට විශාල වගකීමක් තියෙනවා. මිනිසුන් වල්මත් නොවී වින්දනයකට රැගෙනයාම කලාකරුවා සතු වගකීමක්. ශෘංගාරය නැමති සාන්ද්ර හැගීම අමුවෙන් ඉදිරිපත් නොකර එය සාහිත්ය නැමති සැන්ඩියෙන් තනුක කර ජනතාව අතරට ලබාදීම රචකයාගේ වගකීමක්. මේ ගීතය එයට හොද උදාහරණයක්.
කුමරියක පා සළඹ සැලුනා
වසා සිටි නෙතු පියන් ඇරුනා..
කුමර බඹසර අසපුවේ මා..
සම වැදී උන් දැහැන් බිඳුනා..
කුමරියක පා සළඹ සැලුනා..
මේ පුරුෂයා ස්ත්රී ලෝලීත්වය ප්රතික්ෂේප කල අයෙක්. ඔහු තාපසට ගිය අයෙක් කියලත් ගීතයට අනුව සිතාගන්න පුලුවන්. ඇය නාට්යාංගනාවකගේ රංගනයෙන් උමතු ඌ ආකාරය මේ ගීතයෙක් නියවෙනවා. පා සලඹ සැලීම මගින් ඇය නර්තනයක නිරතවී සිටීම කියවෙනවා. මේ නර්තනය දකින ඔහුගේ වසාසිටි නෙත් ඇරෙනවා. මෙයින් අදහස් වෙන්නේ බාහිර නෙත් පමනක් නොවෙයි. මොහු රාගය බැහැරකිරීමට ගත් උත්සාහය ගිලිහීයාම මෙයින් අදහස් කරනවා. මොහු කුමර බඹසර රකින්නෙක්. එනම් ස්ත්රියක් රාගිකව ස්පර්ශවත් නොකරන කෙනෙක්. රාගික චේතනාවකින් ස්ත්රී වචන මාත්රයක්වත් නොඅසන කෙනෙක්. ඔහුගේ ඒ බඹසර දැහැන මේ දර්ශනයෙන් බිදීගිය බව කියවෙනවා.
උකුල ළැම හස මලවි කරලිය
මුවා කල ඇගෙ දුහුල් සළු තිර
විවර කෙරුවා මනස් සලෙළුන්
උමතු වු දෙනුවන් රැහැන් ඇද
මා අබියස මැවුනු තුසිතය
සුරන් නැළවූ සුයාමය..
උකුල, ලැම හංසයින් නොහොත් පියයුරු ඔහු දකින්නේ මලවිගෙ කරලියක් හෙවත් අනංගයගෙ වේදිකාවක් විදියට. මේ අනංගයාගේ වේදිකාවේ තිරය, එනම් කාන්තාව ඇද සිටින දුහුල් සලුව ඔහුගේ මනස් සලෙලුන් නොහොත් මනසේ ඉන්න සල්ලාලයින් ඉවත් කරනවා. ඉවත් කරන්නෙ උමතු උන ඇස් නැමති රැහැනින්. ඔහු කියනවා ඔහු අබියස තුසිත දෙව්ලොව මැවුන බව. එමෙන්ම එය දෙවියන් පවා නලවන මිහිරි වෙලාවක් බව
නිසල ජීවන තපෝ වන මැද
හැඟුම් ගජසෙන් යදම් බිඳ වැද
තලා සිත කම්පනය කරවයි
ලපලු තුරුවැල් කැකුළු මල් පෙති
මා හඬවයි බිඳුනු තුසිතය
සුරන් නැලවූ සුයාමය..
මොහු ගතකලේ නිසල ජීවිතයක්. මොහු සිටියේ තපෝ වනයක් මැද. එනම් රාගය තවන තපසක් රකිමින්. නමුත් මේ දර්ශනය දැකීමෙන් රාගික හැගීම් නැමති ඇත්තු සේනාව යකඩ දම්වැල් කඩා බිදගෙන ගිය බව පවසනවා. දැන් ඔහු ඔහුගේ තපස බිදීම නිසා දුක් වෙනවා. ඔහු පවසනව මේ හැගීම් නැමති ඇත් සේනාව හිත තලා පොඩිකරල හිතේ පැලවූ හොද දේවල් නැමති තුරු වැල් ලපටි මල් තලා දමන බව. ඔහුගේ මේ පස්චාත්තාපය තුල අර තුසිත දෙව්ලොව බිදී යන බවක් මේ ගීතයෙන් ප්රකාශ කරනවා.
මේ ගීතයෙන් පැහැදිලි වෙනව ඉතා අලංකාරව ශෘංගාරය මිනිසුන් වල්මත් නොකර ඉදිරිපත් කල හැකි බව.. වර්තමාන රැප් විකෘතිය මගින් කුනුහර්ප අමුවේ නිදහක් කරන වෙලාවක් නිස්කලංක මනසකින් මෙවන් ගීතවලට සවන්දෙන්න ආරාධනා කරනවා.
ජයවේවා 🙏
📜🖋️ මලිත් මධුශංක

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!