කුඹුක් ගහ ගැන හරියට දන්නවාද ? (පරිසරය හා ස්වභාධර්මය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
සරලවම කිවුවොත්:
🌳 කුඹුක් ගසේ තිබෙන්නා වූ මිල කළ නොහැකි හැකියාව වන්නේ ජලය පිරිසිදු කිරීමයි. මෙහිදී ජලය මෘදු කිරීම(ජලයේ කිවුල ගතිය අඩු කිරීම) හා පිරිසිදුකරණයද සිදුවන අතර ඒ මඟින් මනුෂ්ය වර්ගයාට සිදු කරන සේවය අති මහත්ය.
🌳විශේෂයෙන්ම වියලි කලාපයෙ දැන් දකින්නට ලැබෙන වකුගඩු රෝග ඇතිවීමට එක ප්රධාන හේතුවක් වී ඇත්තේ, කිවුල් ජලය හෙවත් කඨින ජලය භාවිත කිරීම බව වෛද්යවරු පවසති. ජලයේ බහුලව අඩංගු වන කැල්සියම් අඩංගු ලවණ සාන්ද්රණයෙහි අධික බව මේ තත්වයට හේතු වී ඇත.
🌳කුඹුක් ගහ කියන්නෙ මේ ගැටළු විසඳා ගැනීමට ස්වභාවධර්මයා විසින් ලබා දී තිබෙන එක් දායාදයක්.
🌳කුඹුක් වැව් ලිං පොකුණු ගංගා ඇළආශ්රිතව වගා කිරීමෙන් පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට හැකිවනු ඇත.
🌳මතක තියා ගන්න අපේ මුතුන් මිත්තො විශේෂයෙන් සෑම වැවක් හා අනෙක් සෑම ජල මූලාශ්ර ආශ්රිතවත් කුඹුක් ගස් සිටෙව්ව කියල.
හිතට ගන්න:
🌳පරිසරයට හානි කරන අයට පරිසරයෙන්ම දඬුවම් ලැබීම ස්වභාවිකය.
🌳එම නිසා ස්වභාවධර්මයාට විරුද්ධව කටයුතු නොකිරීම මානව වර්ගයාගේ ප්රධාන යුතුකම හා වගකීම වන්නේය.
🌳සැබෑ පරිසර හිතකාමියෙකු ලෙස විනාශ වෙමින් පවතින පරිසරය අනාගත පරපුර උදෙසා රැක දීම කළ යුතුය.
🌳ඒ සදහා එක් පියවරක් ලෙස සෑම වැවක් ආශ්රිතව මෙන්ම ළිං හා අනෙකුත් ජල මූලාශ්ර ආශ්රිතව හැකිතරම් කුඹුක් පැල සිටුවීම, පිරිසිදු පානිය ජලය ලබා ගැනීමටත් එමඟින් නිරෝගී සෞඛ්ය සම්පන්න භාවයත් ලබා ගැනීමටත් හේතු වනු ඇත.
කුඹුක් ගස ගැන කිවුවොත්:
🌳අඩි 40-50 ක් උසට වැවෙන මහත කඳක් සහිත ඉතා විශාල ගසකි.
🌳මෙහි අතු හරස් අතට විහිදී යයි.
🌳පොත්ත ඉතා ඝනය, සිනිඳුය, ළා රෝස පාටය. මෙම පොත්තේ පහසුවෙන් පතුරු ගැලවී යයි. ළපටි රිකිලිවල සියුම් බූවක් ඇත.
🌳පත්ර සම්මුඛය, ආනතය, අඟල් 3-6 අතර දිගැතිය. පත්රයේ දෙකෙළවරම වටකුරුය. පත්ර දාරය කරපත්රිකය. පත්ර නටුව ඉතා කෙටිය.
🌳කක්ෂීය ශුකිවල හෝ කුඩා අග්රස්ථ සංයුක්ත ඒකාක්ෂවල පුෂ්ප හට ගනී.
සාමාන්යයෙන් පුෂ්ප දක්නට ලැබෙන්නේ අප්රේල් හා මැයි මාසවලදීය. මේ පුෂ්පවලින් තද පැණි සුවඳක් හමයි. පුෂ්ප කොළ පාටට හුරු සුදු පාටයි. පුෂ්පයක රේණු 8-10 අතර ඇත.
🌳ඵලය තුඩක් සහිත නොපැලෙන අෂ්ටිලයකි. එහි මධ්යාවරණය මාංසලය. පිටට නෙරා සිටින දුඹුරු පාට පියාපත් 5 ක් ඵලයෙහි ඇත.
🌳ලංකාවේ පහතරට ගං ඉවුරු අසල කුඹුක් ගස් බහුලව වැවේ. වියළි ප්රදේශවලද වැව් ආශ්රිතව දක්නට ලැබේ.
🌳කුඹුක් පොත්තේ අගනා ඖෂධීය ගුණයක් ඇත. කුඹුක් ලීය තදය, ශක්තිමත්ය. එහි අරටුව රතු පාටට හුරු දුඹුරු පාටය.
🌳ටර්මිනලියා අර්ජුනා (Terminalia Arjuna) යන විද්යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන කුඹුක් ශාකය ශ්රී ලංකාවේ වියලි කලාපයේ සශ්රීකව වැඩෙන ඉතාමත් වටිනා ශාකයක් වේ.කුඹුක් ශාකය කොම්බ්රෙටාසේ (Combretaceae) කුලයට අයත්ය.
ඖෂධීය වටිනාකම:
🌳කුඹුක් කසටය, සිසිල්ය, සෙම් පිත් නසයි, හෘදයට හිතකරයි, වණ ශුද්ධ කරයි.
කැඩුණ බිදුණ ඇට සන්ධි කරයි, ශක්තිය වඩයි.
🌳හෘදයාබාධ, ලේ මදිකම, විෂ, මේදය වැඩිකම, රුධිර දෝෂ, වණ හා මුත්ර අඩස්සිය යනාදිය සුවපත් කරයි.
🌳 පිපාසය සමනය කරයි.
🌳එහෙත් වාතය කුපිත කරයි.
🌳ආයුර්වේදයේදීත් දේශීය වෙදකමේදීත් කෂාය, පත්තු, මැල්ලුම් හා ආලේප රැසකට කුඹුක් පොතු හා මුල් භාවිතා වෙයි.
පැරැන්නන් විසින් කුඹුක් ගසෙන් ගත් ප්රයෝජන:
🌳කුඹුක් පොත්තෙන් ලබා ගන්න අළු ගර්භනී මව්වරුන්ට සාම්ප්රදායික ඖෂධයක් වශයෙන් ලබා දීම.( වර්ථමානයේදී ගර්භනී මව්වරුන් ට කැල්සියම් පෙති ලබාදීමෙන් බලාපොරොත්තු වන කලලයේ වර්ධනය මෙමඟින් ඉටුකරගෙන ඇත)
🌳කුඹුක් පොතු කුඩු කර ලේ ගලන තුවාල වලට තැබීමෙන් සුව කර තිබෙන අතර, සමේ ඇතිවන රෝග සඳහාද ඖෂධයක් වශයෙන් භාවිතා කර ඇත.
🌳කුඹුක් පොතු හීනියට කුඩු කර දත් මැදීමෙන් දත් දිරා යාම වළක්වා දත් ශක්තිමත් කර ගැනීම සිදු කර ඇත.
🌳මුඛයේ ඇතිවන ආසාදනයන් සඳහා කුඹුක් පොතු තැම්බු වතුරෙන් කට සෝදා ගැනීම කර ඇත.
ඓතිහාසිකව ගත්තොත්:
🌳අලව්ව, පරමාවුල්ල අම්බලම අසල පිහිටි ඓතිහාසික ගැට කුඹුක්‌ ගස දුර්ලභ ගණයෙහි ශාකයක්‌ ලෙස මධ්යම පරිසර අධිකාරියෙන් නම්කර තිබේ.
🌳මෙම ශාකය ක්රි. ව. 1200-1300 සමයේ III විජයබාහු රජු විසින් ඉදිකරවන ලද වැවේ බැම්මෙහි මෙම කුඹුක්‌ ගස පිහිටි බව සැලකේ.
🌳අටවිසි බුදුවරුන් අතරින් යසවන්න රජු හා යශෝධරා දේවිය මවුපියන් වු අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ
මාසයක් පමණ කෙටිකලක් දුෂ්කර ක්රියා කොට කුඹුක් ගස සෙවණේදී බුදු බවට පත්වූ බව සාසන ඉතිහාසයෙහි වේ.
May be an image of nature, tree and body of water
– උපුටා ගැනිමකි –
මූලාශ්‍රය: Science With Thilina D

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!