Kummakivi කියලා හැඳින්වෙන්නේ ෆින්ලන්තයේ Ruokolahti කියන ප්රදේශයේ පිහිටලා තියෙන විශාල සමතුලිත පර්වතයක්. මීටර් 7 ක් දිග මේ ගල් පර්වතය ඉතා කුඩා පාදමක් සහිත උත්තල පාෂාණමය මතුපිටක තමයි පිහිටලා තියෙන්නේ. ඒත් මේ ගල මිනිස් බලයෙන් සෙළවිය නොහැකි තරම් ස්ථීරව උත්තල පාෂාණය සමග බද්ධ වෙලා තියෙනවා.
ෆිනිෂ් භාෂාවෙන් Kummakivi කියන්නේ “අමුතු ගල” නැතිනම් “strange stone” කියන එකට. මේ අමුතු ගල 1962 අවුරුද්දේ ඉඳලා රජයේ ආරක්ෂාව යටතේ තමා තියෙන්නේ. 1980 දශකයේ ඉඳලා මේ ගල් පර්වතය උඩ පයින් ගහක් වැවෙනවා.
– අනිල් කරුණාරත්න –

