දේශපාලකයෝ විශ්‍රාම ගියාට පස්සෙ මොකද කරන්නේ? තමන්ගේ සැදෑ සමය සුව පහසු මන්දිරයක සතුටින් ගෙවා දමන එක තමයි අපි දන්න දේශපාලකයෝ නම් කරන්නේ. ශ්‍රී ලංකාව,ඉන්දියාව වගේ රටවල් වල එහෙම උනත් ස්වීඩනය වගේ දියුණු රටවල් වල එහෙම වෙන්නේ නැහැ. ස්වීඩනයේ ප්‍රබල දේශපාලනය තනතුරක් මෙහෙයවල විශ්‍රාම ගියාට පස්සේ කුණු ලොරියක කුණු එකතු කරන ඈන්- සොෆී හර්මන්සන් ගැන තමයි අපි අද ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ.
- 1964 වසරේ ඔක්තෝම්බර් දෙවනදා උපත ලබපු ඈන්- සොෆී හර්මන්සන්, ස්වීඩනයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ කැපී පෙනෙන දේශපාලනය චරිතයක් උනා. ඇය 2016 වසරේ සිට 2018 වසර දක්වාම ස්වීඩනයේ ගෝතන්බර්ග් නගරයේ නගරාධිපතිනිය වශයෙන් සේවය කලා. වයස අවුරුදු 19 ක් වැනි කුඩා කාලයකදී රැකියාවක් වෙත යොමු වුන ඇය මුලින්ම රැකියාව සිදු කලේ වොල්වෝ මෝටර් රත කර්මාන්ත ශාලාවේයී. ඉන් පසුව දේශපාලනය වෙත පිවිසුණු ඇය සමාජ ප්‍රජාන්ත්‍රවාදී පක්ෂයේ තරුණ බලමුළුව සමග එකතු උනා.ස්වීඩන වෘත්තීය සමිති සම්මේලනයේ නිලධාරිනියක ලෙස 1996 වසරේ සිට 2002 වසර දක්වාම කටයුතු කල ඇය, ඉන්පසුව 2003 වසරේ සිට 2008 වසර දක්වා ගෝතන්බර්ග් නගරසභාවේ දේශපාලන ලේඛම් ධූරය හෙඹවූවා. අනතුරුව 2012 වසරේ සිට 2016 වසර දක්වා සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ දේශපාලන කණ්ඩායම වෙනුවෙන් යූරෝපීය පාර්ලිමේන්තුවේ, පාර්ලිමේන්තු කොමසාරිස් ධූරය දැරීමටද ඇය සමත් උනා.
- ඈන්- සොෆී හර්මන්සන්, ගෝතන්බර්ග් නගරසභාව වෙනුවෙන් ජන්දයට ඉදිරිපත් උනේ 2016 වසරේදීයී. 2016 වසරේ නගරාධිපතිනිය වශයෙන් පත් වූ ඇය 2016 වසර දක්වාම තමන්ගේ සේවය සාර්තකව ඉටු කිරීමට සමත් උනා.ස්වීඩන් ජාතිකයෙක් විසින් නිර්මාණය කරන ලද වාර්තා චිත්‍රපටියක් වූ “ බුර්කා සෝන්ග්ස්” නම් චිත්‍රපටය පිළිබදව 2018 වසරේදී විවාදයක් ඇති වූ අතර එහි ප්‍රතිපලයක් ලෙස මෙම චිත්‍රපටිය තහනම් කිරීමට බළදාරීන් තීරණය කර තිබුනා. මෙම විවාදය අලලා හර්මන්සන් විසින් අන්තර්ජාලය තුල බ්ලොග් ලිපි කිහිපයක් පල කරනු ලැබූ අතර ඇය එහිදී ප්‍රකාශ කලේ අන්තවාදින් ආරක්ෂා කරන කිහිප දෙනෙක් “බුර්කා සෝන්ග්ස්” ච්ත්‍රපටිය පිලිබදව විමර්ශනය කරන ලද කණ්ඩායම තුල සිටි බවයි.මෙම බ්ලොග් ලිපි මගින් තමන් අපකීර්තිපයට පත් වූ බව ප්‍රකාශ කරමින් අනෙක් පාර්ශවය හර්මන්සන්ට නඩු පැවරූ අතර 2020 වසර වෙන තුරුම නඩුව විභාග කරනු ලැබුවා.
- 2020 පෙබරවාරී මාසයේදී උසාවිය තීරණය කලේ එම බ්ලොග් ලිපි මගින් කිසිවෙක් අපකීර්තියට පත් වී නොමැති බවයි. එසේම එය ඈන්- සොෆී හර්මන්සන් මහත්මියගේ අදහස් දැක්වීමේ නිදහස බව ප්‍රකාශ කරමින් සියලු චෝදනා වලින් ඇයව නිදහස් කිරීමටත් උසාවිය තීරණය කරනු ලැබුවා.තමන්ගේ ධූර කාලය අවසන් කිරීමෙන් පසුව ඇය නැවතත් ජන්දය සදහා ඉදිරිපත් උනා. නමුත් එහිදී පරාජය වීමත් සමග දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වීමට ඇය තීරණය කලා. ඉන්පසුව ඇය ලෝකය පුරා ප්‍රසිද්ධ උනේ කහ පැහැති නගරසභා ඇදුමෙන් සැරසී බරවාහන රියදුරු බලපත්‍රය සමග නගරයේ කුණු ඉවත් කරන සේවිකාවක් ලෙසයි. බොහෝ දෙනා පුදුමයට පත් උනේ, මහජන සේවිකාවක් ලෙස උපදේශන හෝ පරිපාලන තනතුරක් දැරීම වෙනුවට ඇය කුණු ඉවත් කිරීමේ රැකියාවක් තෝරා ගැනීම නිසායි. මේ වන විට රෙනෝවා සමාගමේ සේවයට බැදි ඇති ඇය නගරය පුරා වරින් වර කුණු එකතු කරන ආකාරය ස්වීඩනයේ ජීවත් වන ඔනෑම පුද්ගලයෙකුට දැක ගන්නට පුලුවන්.
- ඇය නගරය පුරා කුණු එකතු කරන විට නගරවාසීන් ඇයව හදුනා ගන්නා බව ඇය ප්‍රකාශ කර තිබුණා. එසේම ඔවුන් සමග දේශපාලනික කරුණු සාකච්ජා කිරීමටත් ඇය අමතක කරන්නේ නැහැ. බොහෝ සතුටින් විනෝදයෙන් තමන්ගේ රැකියාවේ නිරත වන ඇය සිය්ලුම දෙනා සමග බොහෝ මිත්‍රශීලීව කටයුතු කරනවා. එසේම ඇය ප්‍රකාශ කරන්නේ තමන්ගේ වර්තමාන රැකියාව පිලිබදව ඇය බොහෝ සෙයින් සතුටට පත් වෙන බවයි. දිගු රැස්වීම්, වගකීම් හෝ නිතර නාද වෙන දුරකතනය නොමැතිව සිදු කරන මේ රැකියාව පිලිබදව ඇය බොහෝ තෘප්තිමත් බව අවස්තා කිහිපයකදී ප්‍රකාශ කීරීමට ඇය අමතක කලේ නැහැ. ස්වීඩනයේ දිනපතා පළවෙන “ ඩේලී එක්ස්ප්‍රෙසන්” පුවත් පතට ඇය ප්‍රකාශ කරන්නේ දේශපාලන දිවියෙන් විශ්‍රාම ගිය පසු නියම රැකියා සිදු කරන දෙශපාලකයන්ට තමන්ගේ ගෞරවය හිමි වන බවයි.
- වරක් මාධ්‍ය සාකච්ජාවකට සම්බන්ධ වෙමින් ඇය මෙසේ ප්‍රකාශ කලා.“ මිනිස්සු මගෙන් අහනවා මම මේ මොකද්ද කරන්නේ කියලා. ඒත් මට නම් මේ රැකියාව ගොඩක් හොද විසදුමක්. මට මගේ ගෙදර කුළිය ගෙවන්න ඕන. උපදේශිකාවක් වෙන්න මගේ කිසිම කැමැත්තක් නැහැ. මෙහෙම ඉන්න එකෙන් මට ඉන්න තරහකාරයෝ හරි නැති වෙලා යනවා. දේශපාලනය කරනවට වඩා මේක මට වෙනස්ම අත්දැකීමක්.”කුණු එකතු කිරීමට අමතරව ඇයගේ රැකියාවේ ප්‍රධාන අංගයක් වන්නේ කොම්පෝස්ට් පොහොර එකතු කිරීමයි. නිවාස ඉදිරිපිට තබා තිබෙන කොම්පෝස්ට් පොහොර තමන්ගේ දෑතින්ම ට්‍රක් රතයට දමා ගන්නා ඇය තමන් හදුනා ගන්නා පුද්ගලයන් සමග සුළු මොහොතක් පිලිසදරක යෙදීමත් අනිවාර්‍යෙන්ම සිදු කරනවා. ඇය පවසන්නේ ට්‍රක් රතයක සේවය කිරීම නිසා ශරීරය වෙහෙස වීමට සිදු උනත් ඒ නිසා ලැබෙන මානසික නිදහස ඉතා ඉහල බවයි.
- සති අන්තය නිදහසේ ගත කිරීමට ලැබීමත් ඇයට මෙම රැකියාවෙන් ලැබෙන විශාල වරප්‍රසාදයක් බව ඇය සදහන් කර තිබුනා.වසර කිහිපයක්ම නගරාධිපතිනියක වශයෙන් සේවය කිරීමෙන් පසුව, විශාල වැටුපක් ලබා ගත හැකි තනතුරකට පත් වීම වෙනුවට මෙවැනි රැකියාවක් තෝරා ගැනීම නිසා ඇය ස්වීඩනය පුරා විශාල ජනප්‍රියතාවයක් හිමි කර ගැනීමට සමත් උනා. මුල් මාසය තුලදී බොහෝ දෙනා අදහස් පල කලේ ඇය දේශපාලනික වාසි දිනා ගැනීමට සහ මිනිසුන්ගේ අවධානය ලබා ගැනීම සදහා මෙවැනි රැකියාවක් තෝරා ගත් බවයි. නමුත් මාස කිහිපයක් පුරාම එම රැකියාවේ නියුතු වීමත් සමග ඇයව අගය කිරීමට බොහෝ දෙනෙක් පෙළඹී සිටිනවා.හර්මන්සන් මහත්මිය වැඩි දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටීන්නේ නැවතත් කිසිදු දිනයක දේශපාලනයට සම්බන්ධ වීමට තමන්ට කිසිදු අදහසක් නොමැති බවයි.
- එසේම දිනය පුරා වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් පසු තමන්ට දිනයේ ඉතීරි කාලය දේශපාලනය වෙනුවෙන් වෙන් කිරීමේ කිසිදු කැමැත්තක් නැති බවත් ඇය ප්‍රකාශ කර තිබුණා.ඇය සාකච්ජාව අවසන් කල ආකාරය ස්වීඩනය පුරා බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක් වී තිබුණා. ඇය එය අවසන් කලේ මෙසේ පැවසීමෙන් අනතුරුවයි.“ දවස අවසානයේ මගේ ඇග හරියට රිදෙනවා. ඒත් දවස පුරා වෙහෙස වෙලා වැඩ කරල මම රෑට හොදට නිදාගන්නවා. මට ඒක තමයි වැදගත්ම දේ. “
- දේශපාලකයන් තමන්ගේ හෘද සාක්ෂියට එකගව කටයුතු කරන්නේ බොහෝ අඩුවෙන් නිසා ඔවුන්ට රාත්‍රී නින්ද පවා අහිමි වන බව ඇය පවසන්නේ ඒ ලෙසටයි. කෙසේ වෙතත් බොහෝ දෙනාගේ සිත් දිනාගනිමින් තමන්ගේ සේවයේ නියුතු වන ඇය තමන්ට හැකි තරම් කාලයක් මෙසේ සේවයේ නියුතු වීමට උත්සාහ කරන බවද ප්‍රකාශ කර තිබෙනවා.දූෂිත දේශපාලකයන් තමන්ගේ ධූර කාලයේදී මෙන්ම ඉන් පසුවත් බලය ආරක්ෂා කර ගැනීමට වෙර දරන කාල වකවානුවක ඈන්- සොෆී හර්මන්සන් මහත්මිය උත්සාහ කරන්නේ තමන්ගේ හෘද සාක්ෂියට අනුව ජීවත් වීමටයි. ලෝකය පුරා ඇය බොහෝ ජනප්‍රිය වී සිටින්නේත් ඇයගේ මෙම අගය කල යුතු ක්‍රියා කලාපය නිසායි
උපුටා ගැනීම: The Lanka Post