පෙරේද රාත්රියෙ වෙනත් වාට්ටුවකින් පැමිණි විශේෂඥ ශල්ය වෛද්යවරියක් සමඟ මම මගේ වාට්ටුවේ රෝගියෙක් බලන්න ඔහුගෙ කාමරයට ගියා. ඩෙන්මාකයේ රාත්රී සේවයේ යෙදෙන සියළුම වෛද්යවරු රෝහලේ නවතින්න ඕනි.
අපේ රෝගියා මාටින්.. ඔහු අවුරුදු 33 ක ඉතාම කඩවසම් තරුණයෙක්.
ඔහු සමඟ කතා බහ කරල , ඔහුව පරීක්ෂා කරල කාමරයෙ විදුලි පහන නිවල එලියට යද්දි ඔහු අපිට කතා කලා නැවතත්..
අපි ආපහු ඇතුලට ගියාම ඔහු ඇඳ ලඟ කබඩ් ලාච්චුවෙන් මෙහි පහල ෆොටෝ එකේ තියෙන kanele snyle නැමති කුරුදු යොදා හදපු ස්පන්චි වැනි කෑම වර්ගයක පැකට් එකක් ගත්ත.. එය ඉතාම ලාබ කෑමක්.. හරියට ලංකාවෙ නම් විස්කිරිංඤා පැකට් එකක් වගේ වටිනාකමක..
ඔහු ඒක අරගෙන මගේ දිහාට දික් කරල කිව්ව “මේ අහන්න.. මම ගෙදරින් එද්දි මේක ගෙනාව. . ඒත් වාට්ටුවෙන් ආව ගමන්ම කෑම දුන්න නිසා මේක දැන් මට ඕනි නැහැ.. මේක ඔයාල ගන්න “
මොකක් කරන්නද මොනව කියන්නද කියල මම මොහොතකට විපක්ෂිත උනා..
ඒත් ක්ෂණිකව මගෙත් එක්ක හිටිය ශල්ය විශේෂඥවරිය මිෂෙල් ” මාටින් ඇත්තටම ඔයාට මේක ඕනි නැද්ද .. එහෙනම් අපි මේක ගන්නම්.. ස්තූතියි.. සැපට නිදන්න” .. කියල , පැකට් එක අරගෙන කිසිම දෙයක් සිදු නොවුන ගානට මගෙත් එක්ක කතා කරමින් ගිහින්.. අපි කවුරුත් කෑම කන කාමරයෙ මේසයක් උඩ කාට හරි කන්න ඒක තියල මටත් සමුදීල ගියා ඇගේ වාට්ටුවට..
ඒ මුළු සිදුවීම පුරාම කිසිම ආගන්තුක බවක් ආටෝපයක් මම දැක්කෙ නැහැ..
මේ මිනිස්සු කොයි තරම් සරලද.. අපිට වඩා ඔවුන් කෙතරම් නිර්ව්යාජද මට හිතුන..
ඒ වගේමයි ඩෙන්මාකයෙ මිනිසුන් හෝ දරුවන් යමක් තවකෙකුට දෙන්නෙ කිසිවක් බලාපොරොත්තුවෙන් නෙවි. අඩුම තරමෙ හිතවත් කමවත් බලාපොරොත්තුවෙන් නොවෙයි..
මම අහල තියෙන විදියට බොහෝ දෙනෙක් තමන්ගෙ මාසික වැටුපෙන් කොටසක් දුප්පත් රටවල විශේෂයෙන් දරුවන්ගෙ සුභසාධන කටයුතු වලට දෙනව.. එම මුදල වැටුපට අය කරන බද්දෙන් නිදහස් .. සමහරුන්ට තමන්ම වියදම් කරන දරුවෙක් හෝ දෙන්නෙක් දුප්පත් රටක ඉන්නව..
ඒ දේට ලමා කාලයෙම හැඩගැහුන දරුවෙකුගෙ උදාහරණයක් මම නිතිපතාම දකිනව..
මගේ දුව අශ්වයන් පැදීම පුහුණු වෙන club එකේ ඇය පදින අශ්වයා “ප්රින්ස” ඇයට කලින් තව දරුවෙක් පැදලයි ඇයට බාරදෙන්නෙ.. දුව තමයි අශ්වයාව පුහුණුව අවසන් වෙලා ඉස්තාලයට අරගෙන ගිහින් සෑදලය සහ කටකලියාව ඉවත් කරන්නෙ.. අපි ඉස්තාලය ඇතුලට යද්දි හැමදාම එහි දොරකඩ බිම , පිරිසිදු පොලිතින් බෑගයක හරි ලස්සනට එකම ප්රමානයට කැපූ කැරට් සහ ඇපල් මළු 2 ක් තියෙනව.. ඒ කලින් ප්රින්ස ව භාවිතා කල දරුව ඇයට තියල ගිය තෑගි.. අපි ගෙනියන කෑමත් එක්කම අපි ඒ කෑමත් ප්රින්සට කවනව.. මගේ කටහඬට පවා ඔලුව හරවන ඒ අශ්වදෙනගෙ ඇස්වල ආදරය මම හැමදාම දකිනව..අපි දැක්කත් ඌට සතුටුයි.. දුවට හරිම කීකරුයි.
ඒත් අර දරුව කෑම දුන්න බවවත් ප්රින්ස දන්නෙ නැහැ..ඇය කොයිතරම් පරිස්සමට ලස්සනට කාලයක් මිඩංගු කරල ඒ කෑම හදන්නෙ තමන් දුන්න බවවත් නොදන්න සතෙකුට… ඒ අව්යාජ ආදරය , හිත්යශී කම ගැන මගේ හිතේ හැමදාම ගෞරවයක් ඒ දරුව ගැන ඇතිවෙනව..
ඉස්සර අපිට ත් මේ පුරුදු මේ විදියටම තියෙන්න ඇති.. ඒකයි කියමනක් තියෙන්නෙ දකුණු අත දෙන දෙය වම් අත දැනගන්න ඕනි නැහැ කියල…
ඒත් අද අපි හුඟ දෙනෙක් එතන නැහැ.
කිසිවක් නොපතා දෙන දෙයක තියෙන ආදරය මනුස්සකම බෞද්ධකම අපි හැමෝටම වැටහෙනව නම් …
උපුටා ගැනීම: Nandani Wijayabandara