ලාබයි ! ලාබයි ! සාරි ලාබයි ! (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඒ 1981 අවුරැද්දෙ අවසන් භාගය.
මගේ පුතුට යන්තම් මාස 4ක්විතර.
දරැවා බලා ගන්නට සිටි කාන්තාව සතියකට ගමේ ගිහින්.
( ඇගේ මාසික වැටුප රැ 100 යි. මුදලෙ වටිනාකම දැන ගන්නයි කිව්වෙ)
මගේ ස්වාමියාගේ දෙමාපියන්
අප සමග ජීවත් වුනත්,
ඔවුන් දරැවකු බලා ගැනීමට තරම් යහපත් සෞඛ්ය තත්වයක පසු වූයේ නැහැ .
එබැවින් එම සතිය තුල
මුළු දිනයම නිවාඩු දානවා වෙනුවට
අප දෙදෙනා දින 1/2 නිවාඩු ලබා ගනිමින් කිරි කැටියා බලා ගත්තා.
මම උදය වරැවේ පාසලට යනවා.
ඒ අතර ඔහු දරැවා බලා ගන්නවා.
මං පෙ.ව.11.00 ට ගෙදර පැමිණි පසු
ඔහු රැකියාවට පිටත් වෙනවා.
මං දරැවා බලාගන්නවා.
මේ කියන දිනයේත්
මා ගෙදර පැමිණි පසු
ඔහු රැකියාවට පිටත් වුනා.
දරැවා සුව නින්දක.
වෙලාව දහවල් දොලහට පමණ.
⁣එකවර දොරට තට්ටුකරන හඩක්.
දොර ඇරිය විට වයස අවුරැදු 25 ක පමණ අහිංසක පෙනුමැති හීන්දෑරි තරැණයෙක්.
මගේ මාමණ්ඩියත් ඉදිරියට ආවා.
මේ තරැණයා මෙහෙම කියනවා
” මං ශීුලාල්ගෙ යාළුවෙක්.ඉන්නෙ කටුකුරුන්දෙ.
වැඩ කරන්නෙ ස.තො .සෙ.
ස.තො.ස .ට සාරියි,හාරා කලිසම් රෙදියි තොගයක් ඇවිල්ලා තියෙනවා.
ශීුලාල් කිව්වා
(මගේ සැමියා ශීුලාල් )
මෙහෙන් සල්ලි අරගෙන
සාරි දෙකකුයි,
කලිසම් රෙදි දෙකකුයි
අරන් දෙන්න කියලා.
නංගි මා එක්ක ආවොත් ස.තො.ස. ලගට මට අරන් දෙන්න පුළුවන්.
( මේ කියන අවධියේ දැන් වගේ රෙදි මිලදී ගන්න නෑ.හරිම හිගයි )
මේ තරැණයා කියපු නම හා විස්තර සහිත මිතුරෙක් මගේ ස්වාමියාට සිටි බව මං දන්නවා
හැබැයි දැකලා නැහැ.
දැන් වගේ සැමියාගෙන් විමසන්නට,
ඒ අවධියේ දුරකතන පහසුකම් නැහැ.
කොහොමවුනත්
හිතට හරිම සතුටුයි .
මට සාරි දෙකක්ම
ලැබෙන්නයි යන්නෙ !
මොකටද හිත හිතා ඉන්නෙ
ඉතාම තරැණ වයසෙ හිටපු
මට විතරක් නෙවි,
ජීවිත අත්දැකීම් වලින් පිරිපුන්
මගේ ආදරණීය මාමණ්ඩියටවත්
මෙහි ඇති අන්තරාදායක බව වැටහුනේ නෑ.
එසැනින් මං
අම්මටයි තාත්තටයි කියනවා,
” අම්මා පුතාව ටිකක් බලා ගන්න.
මං ගිහින් රෙදි ටික අරන්
ඉක්මනින් එන්නම්.”
ඒ දිනවල මාසෙ වියදමට අවශ්ය මුදල්
ලියුම් කවරයක බහා
අල්මාරියේ තැබීම
මගේ ස්වාමියාගෙ සිරිතක්,
අපි දෙදෙනාම වියදම් කරන්නෙ ඒ මුදල්.
අල්මාරිය ලගට යන මං අල්මාරියෙන් ගන්නවා රැ 450 ක මුදලක්.
( මේ කියන අවධියේ මගේ මාසික වැටුප රැ 600ක් පමණයි !)
මගේ මාමණ්ඩිය ඔහුගේ විශුාම වැටුපෙන් තවත් රැ 100 ක් මට දෙනවා. (ඔහුගේ විශුාම වැටුප රැ.250යි ! )
ඒ ඔහුටත් හාරා කලිසම් රෙද්දක් ගෙන එන ලෙස ඉල්ලමින් !
අනේ මට මතක් වෙන කොට තාමත් දුකයි.
අතට ගන්නවා මං
රෙදි ගෙන ඒම සදහා ඒ අවධියේ තිබුණු ඉස්තරම් බෑගයකුත් !!
ස.තො.ස. පිහිටා තිබුනෙ
අපේ ගෙදරට හූවක දුරින්.
දැන් තරැණයයි මායි එක පෙලට කඩේ යනවා !
ඒ අතරෙ මං හිතෙන් හීන දකිනවා !
අළුත් සාරිය ඇදන් ඉස්කෝලෙත් යන හැටි !!
ස.තො.ස. ආසන්න වෙනවිට කොලූ කියනවා,
” ඔය බෑග් එකයි සල්ලියි මට දීලා නංගි මෙතනම ඉන්න. මං රෙදි ටික අරන් එන්නම්.”
අ⁣නේ, මේ අහිංසක මං ගුරැතුමී බෑග් එකයි, රැ. 550 යි ,ඔහුට දීලා
පාර අයිනට වෙලා ඉන්නවා !!
ඉන්නවා,ඉන්නවා,ඉන්නවා,……
ඉන්න බැරි තැන
ස.තො.ස.ට එබිලා බලනවා !
අනේ
රෙදිත් නෑ !
කොළුවත් නෑ !
මගේ ඉස්තරම් බෑග් එකත් නෑ.!
අඩ අඩා ගෙදර එනවා.
හවස ම⁣ගේ ස්වාමියා ගෙදර ආවම කියනවා විස්තරේ,
ඇස් දෙකේ කදුළු පුරෝගෙන.
බරවුනු නහය උඩට අදිමින්.
ඔහුගේ උත්තරය නිවා සනසනවා මගේ සියුමැලි හිත !!!
” කමක් නැහැ.
ඔයාට මුකුත් කරදරයක් වුනේ නැහැනෙ.
මට ඒ ඇති “
ඔහු එහෙම කිව්වත් එවකට ඉතා විශාල මුදලක්වූ එය නැතිවීම නිසා අපට මාස කිහිපයක්ම ඉතා අරපිරිමැස්මෙන් ජීවත්වීමට සිදු වූ බව නොකියාම බැහැ.
ඔන්න ඔය තත්වෙන් තමයි මං ගුරැතුමීගෙ මොළය ඒ දවස්වල වැඩ කළේ !
උපුටා ගැනීම: Samanthika Jayasuriya

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!