ලංකා ඉතිහාසය හා සමකාලීන ලෝක ඉතිහාසය (ලෝක ඉතිහාසය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
විජයාවතරණය ක්රි.පූ. 543 දී වූ බව ගනන් බලා ඇත. ඊට ආසන්න කාලයකදී ග්රීසියේ ඉතිහාසයේ පියා ලෙස සැලකෙන හෙරඩෝටස් සහ සොක්රටීස් ද චීනයේ කොන්ෆියුෂියස් සහ ලාඕට්සු ද විසීය. 300 නම් චිත්රපටයට පාදක වූ තර්මෝපයිලේ සටන ද වූයේ මීට ආසන්න කාලයේදී යි.
අනුරාධපුර රාජධානිය පණ්ඩුකාභය [ක්රි.පූ. 437-367] විසින් පිහිටුවයි. දේවානම්පියතිස්ස රජුගේ කාලයේ [ක්රි.පූ. 250-210] බුදු දහම ලංකාවට පැමිණේ. පලමු චෛත්යය වූ ථූපාරාමය දේවානම්පියතිස්ස රජු විසින් ගොඩනගයි. මීට ආසන්න කාලවල් වලදී මහා ඇලෙක්සැන්ඩර් [ක්රි.පූ. 356-323] ද ග්රීසියේ ඇරිස්ටෝටල් හා ප්ලේටෝ ද ඉන්දියාවේ අශෝක අධිරාජ්යයා ද කාතීජයේ හැනිබල් [ක්රි.පූ. 247-182] ද සිටි අතර සේද මාවතේ ඇරඹුම ද සනිටුහන් විය.
තම ඇසුරට පත් පිරිමින් වස දී ඝාතනය කලා යැයි සැලකෙන අනූලා රැජිණ [ක්රි.පූ. 47-42] සිටි කාලයට ආසන්නව ඊජිප්තුවේ පාලනය ක්ලියෝපැට්රා විසින් පවත්වාගෙන යන ලදි. රෝමයෙන් ගෙන්වූ රතු පබළු වලින් දැලක් සාදා එයින් රුවන්වැලි සෑය වැසූ බව සදහන් වන්නේ භාතික අභය රජුගේ කාලයේදී ය. ඔහුගේ රාජ්ය කාලය අවසන් වන විට ලෝකයේ තවත් තැනක ජේසුස්වහන්සේ වයස අවු. 12 ක පමණ දරුවෙකි.
මින්නේරි දෙවියන් ලෙසින් හඳුන්වන මහසෙන් රජතුමා (ක්රි.ව. 274 – 301) මීටර් 120ක උසකින් යුතුව ජේතවනාරාමය තනවයි. ඒ වන විට ඊට වඩා උසකින් යුත් ගොඩනැගිල්ලකට තිබුනේ ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩය පමණි.
ධාතුසේන රජු තමන් සෑදූ කලා වැවේ බැම්මේ තබා මැටි ගසා මරා දැමේ. කාශ්යප [ක්රි.ව. 473-491] රජ වේ. ඒත් සමඟම බටහිර රෝම අධිරාජ්ය බිඳ වැටේ. මෙරොවින්ජියන් අධිරාජ්යය බිහි වේ.
පලමු විජයභාහු රජුගේ [ක්රි.ව. 1055-1110] කාලයේ චෝල හමුදව පොලොන්නරුවේ සිට පැමිණ රුහුණ කොල්ලකයි. රජුගේ මුල් කාලයේදී ක්රිස්තියානි ලෝකය බටහිර කතෝලික හා ග්රීක ඕර්තඩොක්ස් ලෙස බෙදේ. ඔහුගේ පාලනය අගභාගයේ දී ලෝකයේ තවත් තැනක පලමු කුරුස යුද්ධය සිදුවේ. එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්යාලය ආරම්භ වේ.
පලමු පරාක්රමභාහු රජු [ක්රි.ව. 1157-1186] බුරුමය ආක්රමණය කරයි. චෝලයන් අතින් විනාශ වූ අනුරාධපුරය නැවත ප්රථිසංස්කරණය වේ. දකුණු ඉන්දියාවේ පාණ්ඩ්ය රාජ්යයන්ට ආධාර පිණිස පරාක්රමභාහු රජු හමුදා පිටත් කර යවයි. මෙකල ලෝකයේ තවත් තැනක සැලඩීන් අධිරාජ්යයා සිටි අතර පැරකුම්බා රජුගේ පාලන ආරම්භය අවධියේදී දෙවන කුරුස යුද්ධය අවසන් වී වසර කිහිපයක් ගත වී තිබූ අතර ඔහුගේ පාලන කාලය අවසන් වී වසර කිහිපයකින් තෙවන කුරුස යුද්ධය ආරම්භ විය. එමෙන්ම සෙල්ජික් තුර්කිවරු බයිසැන්ටියානු හමුදා පරාජය කරයි. [ක්රි.ව. 1071]
ත්රිපිටකය ග්රන්ථාරූඩ වූ කාලයේ දී තවත් තැනක තෝමස් ඇක්වයිනාස් පියතුමා Summa Theologica ලියයි. ක්රි.ව. 1284 දී මොංගොල් අධිරාජ්යයේ කුබ්ලයි ඛාන් ලංකාවෙන් කප්පම් ඉල්ලයි. හතරවන පරාක්රමභාහු [ක්රි.ව 1302-1326] රජුගේ කාලයේ දළදා සිරිත රචනා වූ අතර පසුව පන්සිය පනස් ජාතකය පාලියෙන් සිංහලට පරිවර්තනය වේ. මෙකල ලෝකයේ තවත් තැනක යුරෝපය විනාශ කල කළු මරණය ඇරඹුණු අතර ඇස්ටෙක්වරු තම සුවිශාල නගරය වූ ටෙනොචිට්ලන් නගරය ගොඩනගයි.
ක්රි.ව. 1409 දී චෙංග් හෝ නැමැත්තා ලංකාවට පැමිණ චීන අධිරාජ යුංග් ලෝ වෙනුවෙන් ඉල්ලූ කප්පං නොලැබුණු නිසා සිංහල රජු අලකේෂ්වර හා පිරිවර සිරකරුවන් ලෙස චීනයට රැගෙන යයි. ක්රි.ව. 1414 දී මොවුන් නැවත මව්බිමට පැමිණේ. මීට වසර කිහිපයකට පසු මොනාලිසා සිතුවම ඇඳි ඩා වින්චිට අනුග්රහය දැක්වූ සහ ඉතාලියේ කලා කෘති වලට මහත් සේවයක් සැපයූ මෙඩිචි පවුලේ නැගීම සනිටුහන් වේ.
කීර්ති ශ්රී රාජසිංහ රජතුමා විසින් වැලිවිට සරණංකර හිමිට සංඝරාජ ධූරය ලබා දුන් අවධියේ දී වර්තමාන ‘චූන් පාන්’ සංගීතය (Fur Elise) නිර්මාණය කල බීතෝවන් නම් මහා සංගීතඥයා ජර්මනියේ ජීවත් විය.
ඩාවින්චි විසින් මොනාලිසා සිතුවම ඇඳ අවසන් වී [ක්රි.ව. 1521] වසර දෙකකට පසු හයවන විජයබාහු රජතුමාගේ පුතුන් තිදෙනා ඔවුන්ගේ පියාව ඝාතනය කර කෝට්ටේ රාජධානිය අත්පත් කරගනියි. විජයබා කොල්ලය යනු මෙය යි.
ලංකාවෙන් පෘතුගීසීන් එළවීමට සමත් වූ දෙවන රාජසිංහ රජතුමා මියයාමට හරියටම මාස පහකට පෙර ලෝකයේ තවත් කොනක සිටි අයිසෙක් නිව්ටන් ගුරුත්වාකර්ෂණය හා චලිතය සම්බන්ධ ප්රකට නියම තුන පර්යේෂණ පත්රිකාවක් වශයෙන් ඉදිරිපත් කරයි. [ක්රි.ව. 1687 ජූලි 5]
ලංකා ඉතිහාසය හා ඒ හා සමකාලීන ලෝක ඉතිහාසය අධ්යනය හරි අපූරුයි. ඔබත් උත්සහ කර බලන්න.

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!