ශ්රී ලංකාව ජෛව විවිධත්වය සම්බන්ධයෙන් ලොව ප්රමුඛපෙලේ රටවල් අතරට අයත් රටකි.
එය ලෝක ව්යාප්ත ජෛව විවිධත්ව ස්ථාන පිළිබදව කල පර්යේෂණ ඇසුරින් නම් කරන ලද ස්ථාන 25 අතරටද ලංකාව අයත් වීමෙන් තහවුරුවේ. මේ සදහා ප්රමුඛ බලපෑමක් බූන්දල ජාතික වනෝද්යානයෙන් සිදුවේ. කලපු පරිසර පද්ධතියත්, වැලි කඳුත්, මහා සාගරයට විවෘත වී තිබිමත්, වන ගහනයන් පැවතීමත් බූන්දල වනෝද්යානයේ පාරිසරික හා ජෛව අගය වැඩිදියුණු කරයි.
1969 දෙසම්බර් මස 12 වන දින ගැසට් අංක 14887 යටතේ වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අභය භූමියක් ලෙස ප්රකාශයට පත් කරන ලදි. තවද මෙහි ආරක්ෂාව වඩාත් හොදින් තහවුරු කරනු වස් 1992 දෙසැම්බර් 31 දින බූන්දල ජාතික වනෝද්යානයක් බවට ප්රකාශයට පත් කළේය. එසේම 1996 දී ශ්රී ලංකාවෙන් ප්රථම වරට අන්තර් ජාතික වටිනාකමක් හිමිකරගත් තෙත් බිමක් වු බූන්දල ජාතික වනෝද්යානය ජාත්යන්තර ලේඛනයක් යටතට ගොනු කරනු ලැබු රැම්සා ලේඛනයේ වටිනාම තෙත් බිම් අතරට මෙම තෙත්බිම ද එක් කරනු ලැබීය.
මොකද්ද මේ රැම්සා ලේඛනය කියන්නේ
රැම්සාර් සම්මුතිය (අන්තර්ජාතිකව වැදගත් වන තෙත් බිම් පිළිබඳව සම්මුතිය) යනු, තෙත්බිම් සංරක්ෂණය කිරීම සහ ඒවා තිරසාර ලෙස භාවිතයට ගැනීම වෙනුවෙන්, ජාත්යන්තරව සකසා ගන්නා ලද සම්මුතියකි. තෙත්බිම් බලයෙන් අල්ලාගැනීම, වර්ථමානයේදී හා අනාගතයේදී තෙත්බ්ම් විනාශයට පත් වීම වැළැක්වීම හා, තෙත් බිම් හී මූලික පාරිසරික විද්යාත්මක ක්රියාකාරීත්වයන් සහ ඒවායේ ආර්ථික, සංස්කෘතික, විද්යාත්මක සහ වින්දනීය වටිනාකම් හඳුනාගැනීම සඳහා, මෙම ගිවිසුම නිර්මාණය කොට ගෙන තිබෙයි. 1971 වසරේදී ගිවිසුම අත්සන් කල ස්ථානය වූ, ඉරානයේ රැම්සාර් (ramsar) නගරයේ නමින්, මෙම සම්මුතිය නම් කර ඇත.
රැම්සාර් සම්මුතිය Ramsar Convention
අන්තර්ජාතිකව වැදගත් වන තෙත් බිම් පිළිබඳව සම්මුතිය, විශේෂයෙන් ජලජ පක්ෂීන්ගේ ස්වභාවික වාසස්ථාන සංරක්ෂණය ( Convention on Wetlands of International Importance, especially as Waterfowl Habitat )
1971 පෙබරවාරි 2 වන දින ඉරානයේ රම්සාර් හී, එරට පරිසර දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලැබූ සමුළුවකට සහභාගී වූ ජාතීන් විසින්, මෙම සම්මුතිය මුල්ම වරට වැඩිදියුණු කොට ක්රියාත්මක කල යුතු දෙයක් ලෙස සම්මත කර ගන්නා ලදී. 1975 දෙසැම්බර් 21 වන දින සිට මෙම සම්මත කර ගත් ගිවිසුම, බලාත්මක කිරීම ආරම්භ වුණි.
රැම්සාර් සම්මුතිය සතුව නිත්ය කාරක සභාවක්, විද්යාත්මක හා තාක්ෂණික සමාලෝචන කමිටුවක් සහ මහලේකම් කාර්යාලයක් පවතියි. මෙහි මූලස්ථානය ස්විට්සර්ලන්තයේ, Gland හී පිහිටුවා තිබෙයි.
මේ වන විට (2013 නොවැම්බර් 2) අන්තර්ජාතිකව වැදගත් වන ලොව පුරා වූ තෙත් බිම් කලාප 2,168 පමණ ප්රමාණයක් (හෙක්ට්යාර් 206,632,105 පමණ වපසරියක), රැම්සාර් තෙත් බිම් ලෙස නම් කොට තිබෙයි.
වැඩිම රම්සාර් තෙත් බිම් ප්රමාණයක් සහිත රට එක්සත් රාජධානිය (තෙත් බිම් 169ක්) වන අතර; විශාලතම රැම්සාර් තෙත් බිම කැනඩාව සතු වෙයි. (වර්ග කිලෝ මීටර 130000 ක් පමණ විශාල).[2]
ශ්රී ලංකාවේ බූන්දල හා මාදු ගඟ අවට තෙත් බිම් ප්රදේශය, මෙම ගිවිසුමට යටත් මෙරට පවතින රැම්සාර් තෙත් බිම් කලාප වෙයි.
1971 වසරේදී ජාතීන් 21ක් දෙනෙකුගේ එකඟතාවකින් ආරම්භ කරන ලද මෙම සම්මුතියට, 1999 වර්ෂය වන විට සාමාජිකයියෝ 119 දෙනෙකුත්, මේ වන විට, සාමාජිකයෝ 168 දෙනෙකුත් සම්බන්ධව සිටිති.[3] සෑම වර්ෂ තුනකට වතාවක් මෙම සම්මුතියට අදාලව සමුළුවාර (Conference of the Contracting Parties (CCP)) පැවැත්වෙන අතර, ඉන් ප්රථම සමුළුව 1980 වසරේදී ඉතාලියේ, Cagliari හීදී පවත්වනු ලැබිණි. 1982 වසරේ පැරිස් සමුළුවාරයේදී හා 1987 Regina සමුළුවාරයේදී, රම්සාර් සම්මුතියෙහි මුල් එකඟතාවලට සංශා්ධන කිහිපයක් එක් කෙරුණි.
ජාත්යන්තර සංවිධාන සහකරුවන් (International Organization Partners (IOPs)) ලෙස හඳුන්වනු ලබන ප්රධාන ජාත්යන්තර සංවිධාන පහක් සමග, රැම්සාර් සම්මුතිය සමීප ලෙස කටයුතු කරයි. ඒවා නම් Birdlife International, පරිසර සංරක්ෂණය සඳහා වූ අන්තර්ජාතික එකමුතුව (International Union for Conservation of Nature (IUCN)), ජාත්යන්තර ජල කළමණාකරන ආයතනය (International Water Management Institute (IWMI)), Wetlands International සහ WWF International (World Wide Fund for Nature) යන සංවිධාන වෙයි.
විශේෂඥ තාක්ෂණික උපදෙස් ලබාදීම, ක්ෂේත්ර අධ්යයනයන් සඳහා දායක වීම හා මූල්යමය ආධාර ලබාදීම වැනි දෑ මගින්, මෙම ජාත්යන්තර සංවිධාන සහකරුවන්, රම්සාර් සම්මුතියට සිය දායකත්වය ලබා දෙයි. මීට අමතරව ඔවුහූ, රම්සාර් සම්මුති සමුළුවාරයන්හීදී නිරික්ෂණ සාමාජිකයින් ලෙසත්, විද්යාත්මක හා තාක්ෂණික සමාලෝචන කමිටුවේදී පූර්ණ සාමාජිකයින් ලෙසත් ක්රියා කරයි.
අද වෙනකොට අපේ රටේ රැල්ලට ගොඩාක් කැලෑ එලි කරනවා අපේ රටේ මේ අමිල සම්පත් මතුපරපුර වෙනුවෙන් අපි රැකගනිමු ඒක අපේ යුතුකමක් කරගමු
උපුටා ගැනීම: – යොහාන් චන්ද්‍රසේකරන්
චායාරූප : මනිෂ් ගලප්පත්ති