ලංකාවට ආව භූතයෝ (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අපේ ගෙදර අපි සහෝදර සහෝදරියන්ගෙන් පළමුව විවාහ උනේ මමයි.ඔන්න ඉතින් මට පුතෙක් හම්බ උනා.දැන් පුතාට බාරකාරයෝ ගොඩයි.
මාමලා පුංචිලා,නැන්දලා,අත්තම්ම ලා මේ අය සේරම එයාගේ බාරකාරයෝ වෙලා.
පුතාගේ වීරයා මාමා, පුංචි තමයි කෑම බාරව ඉන්නේ.,මගේ තාත්තා තමයි ක්රිකට් ගහන්න උගන්වන්නේ.
කතන්දරද,ඉතිහාස කතාද ,රට ගැනද භූතයන් යක්කු ගැනද මේ සේරම මගේ අම්මා තමයි පුතාට කියලා දෙන්නේ.මට එයාගේ රාජකාරි නැති තරමට.
මගේ අම්මා ගොඩක් පොත් කියවනවා. ඊටත් වඩා අපේ මහ ගේදර හොල්මන් මන්දීරයක්.
ඒ කතාවලට පුතා හරි කැමතියි භූත කතාවක් කිව්වොත් නොකන දේවලුත් කවා ගන්න පුළුවනි.
අපේ අම්මට පුතා කියන්නේ සුදු අම්මා කියලා.ඉතින් අම්මා පුතා බලන්න එන එන සැරේට ,අනේ සුදු අම්මේ හොල්මන් කතාවක් කියන්නකෝ,එහෙම කියලා රෑ නින්දට යනකන්ම කතා අහනවා.
පිට රට ගෙවල් වල, එංගලන්තයේ මාළිගාවල හොල්මන් ,සුද්දගේ කාලයේ ලංකාවේ තේ වතු බංගලා වල තිබුණ හොල්මන් කතා මේවා හොඳට ළගට වෙලා ඉදගෙන අහන් ඉන්නවා.
ඊටත් වඩා අපේ ගෙදර හොල්මන් ,භූතයන් ගැන තමයි රස කරමින් අහන්නේ.
මේවා අහන ගමන් හිනා යන ප්රෂ්ණත් අහනවා.
,,ඉතින් සුදු අම්මේ,ඔය පිටරට භූතයෝ ලංකාවට එනවද,එයාලා ප්ලේන් එකේද එන්නේ,
භූතයෝ අපිට පේන්න එනවද,එයාලා බත්ද කන්නේ?
මේවා තමයි පුතාගේ ගැටළු.
මේ කාලයේ පුතා එක වසරේ ඉගෙන ගන්නවා.
දවසක් රාත්රියේ මම කුස්සියෙ ඉන්න අතරේ පුතා හරිම කලබලයෙන් එහෙට මෙහෙට යනවා. මමත් ටිකක් බලලා හිමියන් සීරුවේ සාලෙට ඇවිත් බැලුවා.
අත්දෙක පිටුපසට වෙන්න බැදගෙන ඒ කොනේ ඉදලා අනිත් කොනට යනවා. හරි ලොකු කල්පනාවක
මම ඒ දිහා අවදානය දීගෙනම වැඩ ටික කර ගත්තා
.මෙන්න ඉස්කෝලේ ගෙනියන බෑග් එක අරගෙන එයාගේ ඇදුම් දාගන්නවා.
මම ඇවිත් ඇහුවා මොකද පුතේ ,කොහේ යන්නද කියලා,මහත්තයාත් ඇවිත් අහනවා මොකද උනේ අපිව දාල යන්න යනවද කියලා,
දැන් පුතා අපිට කියනවා අම්මියෝ ඉක්මනටම ඔයාලත් ඇදුම් පැළදුම් ලෑස්ති කරගෙන වාහනයට දාගන්න බල්ලව නම් කියලා යන්න බෑ එයාවත් ගෙනියමු කියලා.
අපි දෙන්න තුෂ්නිම්භූත වෙලා ඉන්නවා.මේ මොකද කියලා.
අපි දෙන්නම පුතා ලගට ගිහින් බිම ඉදගත්තා මම ඇහුවා ඇයි පුතේ මොකද්ද උනේ කියලා.
,,අම්මියෝ දැන්නම් කතා කර කර ඉන්න වෙලාවක් නැ. දැනටමත් එයාලා කටුනායක එයාර්පෝට් එකෙන් බැහැලා මග එනවා ඇති අපි ඉක්මනටම කොහේ හරි යමු. හැබැයි සුදු අම්මලාගේ ගෙදර නම් යන්න බෑ.කියලා කිව්වා.
මම ඇහුවා දැන් කව්ද ඔය එන්නේ.
පුතා දැන් හරි බයෙන් කියනවා.
, මේ දැන් ප්රවෘත්ති වලට කිව්වනේ ලංකාවට චීනයෙන් විශේෂ භූත පිරිසක් එනවා කියලා.
අපිදෙන්නා මූණට මූණ බලාගත්තා.මහත්තයා කිව්වා හරි පුතේ අපි ආයේම ප්රවෘත්ති බලලාම යන දිහාවක යමු කියලා.
ඔන්න දැන් නැවත ප්රවෘත්ති යනවා. ප්රධාන ප්රවෘත්ති සිරස්තල වලට කියපි චීනයේ සිට විශේෂ දූත පිරිසක් ලංකාවට එනවා කියලා.
අනේ ඉතින් පුංචි එකාට ඇහිලා තියෙන්නේ දූත පිරිස භූත පිරිස කියන විදිහට.
ඉතින් අපි එයාට කියලා දුන්නා භූත නෙමේ පුතේ දූත පිරිසක් චීන රටේ ඉදලා එන චීන මිනිස්සූ කණ්ඩායමක් එයාලත් අපි වගේම මිනිස්සු .ඒ රටේන් විශේෂ පණිවිඩ අරගෙන එන්නේ කියලා.
අන්තීමටම අපි ඇහුවා .,ඉතින් ඇයි පුතේ සුදු අම්මලාගේ ගෙදර යන්න බෑ කිව්වේ කියලා
.,,එයාලා එන්නේ එයාලගේ යාළුවෝ බලන්න කියලා මට හිතුනා, , ඉතින් සුදු අම්මලාගේ ගෙදරත් භූතයෝ ඉන්නවනේ.
උපුටා ගැනීම: Dilrukshi Fernando

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!