ලංකාවට කෙලවීමේ මුල ජනරජය වීම (ලෝක දේශපාලනය හා ශ්‍රී ලංකාව)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
සුද්දා අපෙන් නිදහස ලබාගෙන ජනරජයක් වන්නට තවත් කල් ඉවසන්නට සිදුවිය. කෙසේ වෙතත් ජනරජය පිහිටු වීමෙන් පසු සිදුවූයේ මහත් කඩාවැටීමකි. ජනරජයක් වීමේ ප්රීතිය එදා උන් වැඩිහිටි උදවිය අත්විඳින්නට ඇත. තාමත් 70 දශකයෙන් පසු ලංකාව විනාශ කලා යැයි නිල්,කොළ රතු එකිනෙකාට චෝදනා කරගන්නා නිසා සැබෑ වැරදිකරුවෙක් හොයාගන්නට අපහසුය.
නිකන් ඉන්න එකේ ඒ වගේ වැදගත් දෙයක් පරීක්ෂණයක් මාර්ගයෙන් නිසි වැරදිකරුවන් සොයාගැනීමට මටත් අදහසක් ආවේය.
මහත් වූ පරිශ්රමයක් දරා අවසානයේ මගේ පරීක්ෂණය අවසන් විය. ඉන්පසු නිගමනයට එලබීය. නිල්, කොළ රතු උත්තමයන්ට මින් පසු චෝදනා කර පලක් නැත. ඔවුන් වැරද්දක් කොට නැති අතර වැරද්ද ඇත්තේ ඔවුන් පවා නොමඟ ගොස් ඇති නිසාය. එය සාමාන්ය දෙයකි.
වැරදිකරු හදුනාගැනීම අපහසු නමුත් අනුබල දුන් කීපදෙනෙක් ඇත. ඒ අතර ප්රසිද්ධ ගායකයෙකු වන පුන්සිරි සොයිසාත් , සංගීතඥයකු වන ස්ටැන්ලි පීරීසුත් මහතාත් වේ.
මොවුන් කල වරද නම් ජනරජයක් වීම නිමිත්තෙන් ගීතයක් නිර්මාණය කිරීමය එමගින් පාලකයින්ට වැරදි දේ කිරීමට උගන්වා ඇති අතර එම වැරදි ගීතයේ පරිදිම අදත් භාවිතා වෙනවාය. එනම් ගීතයේ දෙවැනි කොටස ලෙස ගායනා කරනු ලබන,
වනපෙත් හෙලිවේ
රන්කෙත් සරුවේ
කම්හල් ඉදිවේ මේ දෙරණේ…
ජනරජ දහනේ , ජය දද හෙවනේ ,
අද අපි බොන්නේ ජයපානේ…….
වනපෙත් හෙලි කරමින් ෆැක්ටරි සදහා අවසර ලබාදීමට මෙමගින් බලපෑම් කරයි. අවසානයේ පරිසර ලොක්කා ජාමේ බේරාගැනීමට සහරාවේ ඔක්සිජන් හැදෙන්න කැලෑ නැතැයි කියන තරමට දියුණු විය , දෙරණේ ඉදිවේ කියන්නේ දෙරණට කොන්ත්රාත් වැඩ ටික අරගෙන ජනතාවගේ මුදල් හොරාකෑම අනුමත කරමිනි. ඒවගේම අර රන් කෙත් සරුවේ කිව්වෙ රටින් ගේන පෝර කුඹුරට පුරුදු කරන නියාවෙනි.
තවද මෙම ගීතයෙන් වාසි රජයක් තියෙනකන් ඒ කොඩිය යට හැමදාම පාටි දමමින් ජයපානේ බොන්න දේශපාලකයින් පොළඹවන අතර , වනපෙත් එලිකිරීමෙන් දැවද කම්හල් වලින් කොමිස්ද පොහොර වලින් තවත් දේද දෙරණ බැලීමෙන් විශාල ශබ්දයක් සහිතව ප්රචාරණයද ලැබෙන බව පවසා ඔවුන් මුලා කොට ඇති බව මනාව පැහැදිලිය.
මේ ගීතය ප්රචාරය වීමට ගත් පසු ගීතයට අනුව ක්රියාකිරීමේ ප්රවනතාවක් වෝඩ් පෙදෙසේ ප්රභූවරයා පවා පෙන්වා ඇත. යනලෙස ඉදිරිය බලා යන කොයස හිතට ගත් ඔහු ඇමතිවරුනෙගෙ ඉල්ලා අස්වීමේ ලිපි ගෙන කැලණියේ සුනිල් මහතා හට සාමාදාන විනිශ්චයකාර තනතුඅක් දීමට පවා උපාය ශීලි විය. තවද නිදහසේ වැඩ කරගෙන යාමට විරුද්ධ වෙන උන් හා , බාධාකරන උන් කලමණාකරනය කර ගන්නා හැටිත් ඒ ගීතයේ ආරම්භයේම තිබේ.
ගංගා දියවැල් ගලා …, යනලෙස ඉදිරිය බලා…
බාධක හැම බිදහෙලා,
යමු යමු පෙරමුණ බලා ….
එමගින් කවුරු බධා කලත් කරදර කලත් හිරිහැර කරත් නිකම්ම තමන්ගෙ ගමන යන්නෙ නැතිව එන බාධක ඔක්කොම බිඳ හෙලාගෙන යායුතු බවත් පවසා ගීතය තුලින්ම කෲර සිතුවිලි උපදවා ඇත.
ඒක කොච්චර අපේ අය සීරියස් ගත්තද කියනවනම් විරුද්ධ වෙච්චි කැරලි කාරයො අල්ලල ,ටයර් සෑ හදල , පරාල ඇණ ගහල , පන්තර කන්තෝරු ගිණිතියල, ලසන්ත වගේ මාධ්යවේදියෝ පරලොව යවල , ටීවී චැනල් පවා ගිනි තියන තරම් දිරිමත් විය.
එසේම ගංගා දියවැල් ගලා යනලෙස ඉදිරිය බලා කිව්වෙ ගංගාවක් වගේ හෝදගෙනම අකුලගෙන පල කියන එකය. ඒ අනුව එය සීරියස් ගත්ත නිසා අදටත් ඒ උතුමන්ලගෙ වැඩ වල සාක්කියක් වත් සොයාගැනීමට නොහැකිය. පාතාල සාමාජිකයින් පවා ගංගාවල ආයුධ හංගන්නේ ඒ නිසාය.
දියවැල් ගැන අමුතුවෙන් කියන්න අවශ්යය නොවේ. දියවැලකට මූදු යන අය අහුවුනොත් ගොඩට ඒමේ විශ්වාසයක් නැත. ඒකේ ව්යංග්යර්ථය තේරුම් ගත්ත උදවිය කිසියම් සිදුවීමක් වූ විගසම කාරක සභා හා කොමිසම් දියාරු ලෙස ඒවා පවත්වාගෙන යයි. ඇතැම් කොමිසම් සභාවල සාමාජිකයන් පවා ජීවතුන් අතර නැතත් වාර්ථාව තාමත් එලිදැක්වී නොමැත. තවද රජයේ ඔෆිස් එක්කට වැඩක් කරගන්න ගියාම දියවැලකට අහුවුනා වගේ හැගීමක් ජනතාවට දී වටේ යවන්නේ එබැවිනි.
අර අන්තිම කොටසෙ යමු යමු පෙරමුණ බලා කියන කොටසින්, පෙරමුණ කියල නිර්වචනය කරල තියෙන්නෙ බලයේ ඉන්න අයගෙ පක්ශ කාර්යාලයය. ඒ නිසා මොන කේස් දාගත්තත් පෙරමුණට ගියාම වැරදි කරපු හැමෝටම චාන්ස් තියෙන විත්තිය මුලින්ම සමාජ ගත කරමින් අපේ දේශපාලන නායකයන් නොමග යවා ඇත්තේද මේ ගීතයෙනි. ඡන්ද කාලේ ලංවෙද්දී ඒ නිසා හැමදාම කීපදෙනෙක් ඩීල්දාස තියරියෙන් එහාට මෙහාට පැනීම සාමාන්ය දෙයක් ලෙස ආදරණීය ජනතාවට මෙම ගීතයෙන් කියාපායි.
යමු යමු කිමෙන් දූශණ වැඩ සියළු දෙනා එකතු වෙලා කිරීමත්, එතකොට නිල් අය කරපු වැරදි කොල අය හොයන්නෙ නැතිවීමත් කොල අයගෙ වැරදි නිල් හොයන්නෙ නැතිවීමත් අදහස් කෙරේ. එමගින් එයාලා යාලුවෝ මල්ලි කියන පාඨය මනාව පැහැදිලි වේ..
ඒ නිසා මගේ නිගමනය අනුවනම් මේ සිංදුව මෙච්චර කාලෙකට අපේ රටට වෙච්ච විනාසෙට වගකිවයුතුය.. මම කොච්චර හෙව්වත් මේක රචනා කරපු කෙනා හොයාගන්න බැරි වූ අතර සංගීතඥයත් දැන් නැත. ඒ නිසා අනාගත දේශපාලන නායකයින් නොමග යෑම නවතා හරි මාර්ගයට ගැනීමට ඒකමතිකව පුන්සිරි සොයියා වැරදිකාරයා කර සිංදුව තහනම් කරන්න යෝජනා කරමි.
පරීක්ෂණයෙදි හෙලි උන තවත් කාරණයක් ඇත, එනම් ගුවන් විදුලියට පුන්සිරි සොයිසා එක්කන් ඇවිත් තියෙන්නෙ නිහාල් නෙල්සන් මහත්මයා විසිනි. ඔහුටද එම වගකීමෙන් මිදෙන්න නොහැකිය. එබැවින් නිහාල් නෙල්සන් මහත්මයා හම්බවෙන හැම විටම දඬුවමක් ලෙස,
ඔබට තේරුනාද ඔබ කල පව් දුර දිග නොසිතා.. කියල කීමටද යෝජනා කරමි.
තවද හොද යටත් වැසියො ලෙස මින්මතු පාට තුනට අදාල දේශපාලුවෝ වෙත චෝදනා කිරීම නොකල යුතුය.
එන්නාංං.
උපුටා ගැනීම: kasunpethiyagoda

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!