ලංකාවේ බන්ධනාගාරවල දැනට සිටින කෲර ඝාතකයින්…! (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඇනා ලියනගේ හෙවත් ගල් මරා
සිඟන්නන්ගේ මාරයා යන අන්වර්ත නාමයෙන් හඳුන්වන මේ පුද්ගලයා 2010 කාලවකවානුවේදි මහ මඟ සිඟමනේ යෙදෙමින් සිටින් සිඟන්නන් 12 දෙනෙකුගේ ඝාතන සම්බන්ධයෙන් පොලිස් අත් අඩංගුවට පත් විය. 2010 කාල වකවානුවේ මෙවැනි ඝාතන රැල්ලක් කොළඹ නගරය වටා ක්රියාත්මක විය. මොහු මුලින්ම අත් අඩංගුවට පත් වෙන්නේ ගල්කිස්ස ප්රදේශයේදි පාරේ නිදාගෙන සිටි පුද්ගලයෙකු හිසට ගලක් අත හැරිමට සුදානම් වෙද්දි එම පුද්ගලයා නින්දෙන් ඇහැරිම නිසා මෙම පුද්ගලයා කවුද යන්න ඔහු හදුනා ගැනීමයි. ඉන් පසු මේ සිදූවිම පොලිසියට දැනුම් දිමෙන් පසු ඇනා ලියනගේ අත් අඩංගුවට පත් විය. ඒ වන විට කොළඹ නගරය පුරා නොවිසුදුණු යාචක ඝාතන 12 සඳහා වගකිව යුතු කිසිවෙකු අත් අඩංගුවට පත් වී තිබුනේ නැහැ. ඒ නිසාම මේ සියලුම ඝාතන ඇනා ලියනගේ නැමැති මානසික රෝගියාගේ ගිණුමට බැර වුනා. ගල් අත හැර මිනිස්සු මරන්නට ඇත්තේ මොහු යැයි විවිධ පාර්ශවයන් විවිධ උපකල්පන ඉදිරිපත් කලා.ඔහුට බන්ධනාගාරය තුලදි ගල්මරා යන අන්වර්ත නාමයකුත් ලැබුනා. ඔහුට මිනිමැරීමට තැත් කිරීමේ චෝදනාවට එරෙහිව ගල්කිස්ස ප්රදේශයේ සිදු වූ සිදුවීමට පානදුර මහාධිකරණය මඟින් ඇනා ලියනගේට කිසිම දඬුවම් නියම කිරීමක් සිදු නොකල අතර ඔහුව අංගොඩ මානසික රෝහලට යවා දිගූකාලින මානසික ප්රතිකාර ලබා දෙන ලෙස නියෝග කිරීමක් සිදු කලා. ඒ අනුව වසර 11 ක් පුරාවට නිකරුනේ රිමාන්ඩ් භාරයේ සිටි ඇනා ලියනගේට එරෙහිව පවරා තිබු මිනිමැරුම් නඩු එකින් එක ඔහු නිදහස් වන්නට පටන් ගත්තේ ඇසින් දුටු හා ප්රමාණවත් සාක්ෂි නොමැති කම නිසාය. දැනට ඔහුට ඉතිරිව ඇත්තේ මහර මහේස්ත්රාත් අධිකරණයේ පවතින එක් නඩුවක් පමණි. එයින්ද ඔහු නිදහස් වේ යැයි විශ්වාස කරයි.
නවරත්න බන්ඩා
” වතුර විදූරුවේ මාරයා ” ලෙස මේ
සිදූවිම ගැන මා විසින් මෙයට පෙර ලියා තිබේ.2001-2002 වසරේදි ලංකාවේ දිවයින පුරා සිදු වු කාන්තා ඝාතන 12 ක් සම්බන්ධයෙන් අත් අඩංගුවට පත් වු අයෙකි. සේල්ස් රේප් කෙනෙකු ලෙස නිවෙස් කරා යන මොහුගේ ඉලක්ක බවට පත් වුයේ දිවා කාලයේ නිවෙස්වල හුදකලා වී සිටින් කාන්තාවන් ය. අපරාධ සිදු වු සැම ස්තානයකම වතුර වීදුරුවක් දකින්නට ලැබුනේ මොහු එම කාන්තාවන්ගේ බීමට වතුරු වීදුරුවක් රැගෙන එන ලෙස පවසා නිවෙස්වලට ඇතුලු වී එම කාන්තාවන්ගේ ගෙල සිර කර මරා දමා නිවෙස්වල තිබු රත්තරන් වැනි වටිනා දේ මංකොල්ල කෑම නිසායි. කෘර ඝාතකයෙක් වුවත් හැම අපරාධයක්ම ඉතාම සූක්ෂමව සිදු කිරීම නිසා අධිකරණය ඉදිරියේ ඔප්පු වුනේ නඩු 3 ක් පමණි. නඩු 8 ක්ම නිදහස් වුයේ ප්රමාණවත් සාක්ෂි නොමැති කම නිසාය. ගම්පහ මහාධිකරණය මඟින් අවස්තා 2 කදිත් කෑගල්ල මහාධිකරණය මඟින් එක් අවස්තාවකදි මොහුට මරණීය දණ්ඩනය නියම කොට තිබේ. ඒ අනුව මොහු එල්ලුම් ගහේ තුන්වරක් එල්ලීමට නියමිතය. බදුල්ල මහාධිකරණය මඟින් නිදහස් කර ලද නඩුවක් නැවතත් අම්පාර මහාධිකරණයේ මොහුට විරුද්ධව ගොනු කොට තිබේ. එයද ඇසෙමින් පවති. අවස්තා කිහිපයකදි බන්ධනාගාරයෙන් පලා යෑමට මොහු දරන ලද ප්රයත්න කිහිපයක් අසාර්ථක වුයේ ජාතියේ වාසනාවටය. කුඩා කල තම කුඩම්මාගේ ලැබුන සැලකිලි අනුව කාන්තාවන් කෙරෙහි ඇති වු වෛරයක් නිසා අපරාධචාර්යවට පෙලඹුනු බව ඔහු පිලිගෙන තිබේ.
මහනුවර සරත්
1990 දශකයේදි පවුල් ආරාවුලක් හේතුවෙන් තම බිරිඳගේ දෙමාපියන් සහෝදරියන් හා නෑදෑයින් 8 දෙනෙකු ඔවුන්ගේ නිවෙස්වලට ගොස් වෙඩි තබා මරා දැමීමේ චෝදනාවන් එල්ල වී තිබේ. පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස සේවය කල සරත්ගේ බිරිඳ ගර්භණි තත්වයෙන් පසු වෙද්දි මේ නෑදෑයින් සියලු දෙනා එක් වී ඇයට අඩන්තේට්ටම් කිරීම නිසා කෝපයට පත් වු සරත් සිය රාජකාරි ගිනි අවිය පොහොර උරයක සඟවා ගෙන ඇවිත් මෙම ඝාතන 8 සිදු කරන්නට ඇතැයි සැලකේ. සරත්ගේ නිවසට මේ නැදෑයින් පිරිස එක් වි ගල් ගෑසු බවටත් එයින් එක් ගලක් සිය බිරිඳගේ බඩේ වැදිමෙන් ඇය අපහසුතාවට පත් වීම මීට හේතුවයි.මෙම වෙඩි තැබීමෙන් එක් තරුණියක් සදාකාලිකව අබ්බගාත තත්ත්වයට පත් වී තිබුනේ එක් වෙඩි පහරක් ඇගේ ගර්භාෂය පසාරු කරගෙන යාම නිසාය. මේ සිදූවීම් වල ඇසින් දුටු එකම සාක්ෂිකාරියද ඇයයි. රෝද පුටුවක හිඳිමින් සරත්ට එරෙහිව ඇය මහාධිකරණයේ සිදු වූ සිදූවීම් එකින් එක සාක්ෂි ලබා දුන්නා.සරත් මිනිසුන් පමණක් නොවේ නිවෙස්වල සිටි අහිංසක සතුන් පවා ගිනි අවියෙන් වෙඩි තබා මරා දමා තිබුනේ කෘර අන්දමින්ය. අවසානයේදි සරත්ට මහනුවර මහාධිකරණය මඟින් මේ ඝාතන 8 සඳහා මරන දඬුවම් 8 ක් ලබා දුන්නද අභියාචනාධිකරණය මඟින් එම සියලුම දඬුවම් 8 එක මරණ දඬුවමකට පරිවර්තනය කලේ මිනිසෙකු ප්රායෝගිකව එල්ලා මරා දැමිය හැක්කේ එක් අවස්තාවකදි පමණක් වන නිසාය.
ජීවීතාන්ත සිර දඬුවම් 36 ක් හිමි වු ඔහු..
මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඇතුළු පුද්ගලයින් 36 දෙනෙකුට දේශපාලන රැස්වීමකදි ස්වයංඝාතකයෙකු ලවා මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයක් එල්ල කොට ඝාතනය කිරීමට සැලැස්වීමට ආධාර අනුබල දීමේ හා කුමන්ත්රණය කිරීමේ චෝදනාවට මේ පුද්ගලයාට ජීවීතාන්තය දක්වා සිර දඬුවම් 36 ක් අනුරාධපුර මහාධිකරණයෙන් නියම කොට තිබේ. මෙහිදී එක් නඩුවක අධි චෝදනා 36 කට ඔහු වරදරු කොට ඔහු විසින් සිදු කරන ලද අපරාධයේ බරපතලකම අනුව මෙසේ දඬුවම් නියම කොට තිබේ. මොහු මේ ඝාතන සඳහා සෘජුව හවුල් නොවු බැවින් මොහු කෘර ඝාතකයෙකුට අයත් වේ දැයි කෙනෙකුට සිතෙන්නට පුලුවන්ය. තවද මොහු ත්රස්තවාදී ක්රියා සම්බන්ධ වූ අයෙකුය. ලංකාවේ බන්ධනාගාරයක මෙවැනි බරපතල සිර දඬුවමක් නියම වූ වෙනත් අයෙකු නැති තරම් ය. එ හේතුව නිසාම විශේෂ ආරක්ෂාවක් ඇති සිර මැදිරියක දැඩි ආරක්ෂාවක් යටතේ මොහු රදවා තිබේ. ත්රස්තවාදය වැලැක්වීම පනතේ යටතේ සිදු කරන ලද මනුෂ්ය ඝාතන වෙනුවෙන් ලංකාවේ නීතිය යටතේ මරණීය දන්ඩනය නියම කල නොහැක ඒ වෙනුවට ජීවීතාන්තය දක්වා සිර දඬුවමක් පමණක් නියම කල හැකිවේ.

උපුටා ගැනීම:  සංකල්ප හේරත්

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!