ලංකාවෙ කොරෝනා (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඊයේ දිනයේ වාර්තා වුණු සමස්ථ කොරෝනා අසාධිතයන් සංඛ්යාව 1400 කට වැඩියි. ලංකාවෙන් දිනක වාර්තා වුණු වැඩිම ගාන. මේ අස්සේ ප්රාථමික සෞඛ්ය සේවා, වසංගත සහ කොවිඩ් රෝග පාලන රාජ්ය ඇමැතිනි සුදර්ශනී ප්රනාන්දු පුල්ලේ කියනවා ලංකාවේ රෝහල්වල ICU ඇඳන් ප්රමාණයේ උපරිම ධාරිතාවයට ආසන්න වෙලා තියෙන්නේ කියලා.
කොරෝනා පළමු රැල්ල ආරම්භ වුණු වෙලාවේ ජනාධිපතිවරයා විශේෂ සර්ව පාක්ෂික සමුළුවක් කැඳෙව්වා. ඕකට ආපු රනිල් වික්රමසිංහ කිව්වා මේ වෙලාවේ කරන්න ඕනේ Ventilator ගේන ගමන් ICU ඇඳන් සංඛ්යාව ඉහළ නංවා ගන්න එක කියලා. එදා ඒ සමුළුවට සහභාගි වුණු හැමෝම රනිල්ගේ යෝජනාවට එකඟත්වය පළකළා.
එහෙම කරලා මොකද කළේ මේසන් බාස් කෙනෙක්ගේ පැණියක් ප්රමෝට් කරලා ගංඟාවලට මුට්ටි අත්හැරියා. ජාතික ලැයිස්තුවෙන් පිනට පාර්ලිමේන්තු ගිය විශේෂඥ වෛද්ය ජොස්තර නෝනා කිව්වා කොරෝනාවලට බෙහෙතක් හොයා ගත්තා ඒක රහසක් කියලා. කුඩේකුයි ඉමේජන්සි ලෑම්ප් එකකුයි ගත්ත ඒ නෝනා දැන් ඉන්නවද? මළාද? දන්නේ නැහැ.
මේ සර්ව පාක්ෂික රැස්වීමෙන් පස්සේ දැන් අවුරුද්දක් ගෙවිලා ගිහින්. මේ කාලෙටම වැඩි කරගෙන තියෙන්නේ ICU ඇඳන් 18 යි කියලා කවුද කියනවා මම දැක්කා.
යහපාලන ආණ්ඩුව කාලේ පාර්ලිමේන්තුවේ ලිෆ්ට් එක හිරවුණා. සතියක් යන්න කලින් රුපියල් කෝටි ගාණක් වියදම් කරලා අලුත් ලිෆ්ට් එකක් හයි කළා. එහෙවු රටේ වසංගත කාලයකදි ICU ඇඳන් වැඩි කරගෙන තියෙන්නේ 2 යි.
සීනි හොරකමේ පාඩුව රුපියල් කෝටි 1900 යි. පොල්තෙල්වලිනුත් ඒ වගේම ගැහිල්ලක් ගැහුවා. මේ සල්ලි තිබ්බා නම් එක ගෙදරකට එක ගානේ ICU ඇඳන් දෙන්න තිබ්බා.
ගෑවිච්ච ගෑවිච්ච එකාට බෝවෙන වසංගතයක් තියෙද්දි ජනාධිපතිතුමා ලස්සන ස්ක්රිප්ට් එහෙම ලියාගෙන නිලධාරීන් සිය ගාණක් එක්ක ගමක් ගමක් ගානේ ගිහින් “ගම සමග පිළිසඳරක්” සංදර්ශනය තියෙනවා. ගමේ මිනිහව චූන් කරන්න.
රටේ පවට පහළ වුණු කාලකන්නි පෞද්ගලික ටීවී චැනල් තුනම, සෞඛ්ය නීති බල්ලට දාන ගමන් පොත්ත සුදු ඇච්චෝ බැච්චෝ එකතු කරගෙන කලාගමේ අවුරුදු උත්සව තියනෙවා. එකෙක්ටවත් මාස්ක් නැහැ. මීටරේ දුර නෑ. එහෙම කරලා රටට කෙළවුණාට පස්සේ කෝච්චියේ යන ගමන් වතුර එකක් බොන්න මාස්ක් එක ගළවපු මිනිස්සු ළඟට ගිහින් කැමරාව මානලා කෝ මාස්ක් කියලා අහනවා. නොදකින් කාලකන්නි බඩගෝස්තරවාදී මාධ්ය හැත්ත.
නුවරඑළියේ හන්දියේ වසංත සැණකෙළිය නිල වශයෙන් ආරම්භ කරපු නගරාධිපති මිනිස්සුන්ට එන්න කියලා ආරාධනා කරනවා.
රටේ මහ උන් හිටගෙන මළපහ කරනවා දැකපු පොඩි උන් ඉතින් දුව දුව මළපහ කරනවා. ඇයි ඉතින් රටේ නායකයත් සිය ගාණක් එක්ක ගමක් ගමක් ගානේ යන කොට අපි ගියාම මොකද? පොඩි උන් හිතන්නේ එහෙමයි.
රෝගීන් බහුලව හමුවන ප්රදේශ හුදෙකලා කිරීමට ඉඩ ඇති හෙයින් දින කීපයකට සරිලන කෑම බීම රැස් කරගන්න කියලා හමුදාපති කියනවා. මිනිස්සු එදා වේල කන්නෙත් බොහෝම අමාරුවෙන්. දැන් ඉතින් දින කීපයකට කෑම බීම රැස් කරගනින්කෝ.
හැමෝම කියන්නේ අරයා මෙයා කරපු විදිහ… කවුරැවත් මම කරපු විදිහ කියන්නේ නැහැ. මම තමයි හොඳටම කෙරැවේ.
ශවේන්ද්ර, ඊළඟට හුදෙකලා කරන ගම බලලා මට කියන්ඩ.. හික්… හික්… හික්..

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!