මීට වසර කිහිපයකට කලින් පෞද්ගලික විශ්ව විද්‍යාල (private universities ) ලංකාවේ අයට ඉතාමත් නුහුරු දෙයක් වුනා.කොටින්ම කිව්වොත් ලංකාවේ අය පෞද්ගලික
අධ්‍යාපනයක් ගැන හිතලාවත් තිබුණෙ නැති කාලයක් තිබුණා.ඒත් ලෝකයෙ දියුණුවත් සමග සහ ගෝලීයකරණයත් සමග මෙරට රාජ්‍ය විශ්ව විද්‍යාල වලට අමතරව රජයට අයත් නොවන පෞද්ගලික මට්ටමේ විශ්ව විද්‍යාල බිහි වීම ආරම්භ කලා.එම ආයතනයන් බොහෝවිට ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයන්ට අනුබද්ධිත ආයතන වශයෙන් පිහිටුවීමෙන් අධ්‍යාපනයෙ ගුණාත්මක බව මෙන්ම විදේශීය රැකියා සදහා අධ්‍යාපන මට්ටමේ පිලිගැනීම සම්බන්ධයෙන් පැහැදීමක් ඇතිවුනා. ඒ වගේම තමයි මෙරට සිසුන්ට අන් තැනකින් හැදෑරිය නොහැකි මට්ටමෙ නව විෂයයන්, නව උපාධි වැඩසටහන් හදුන්වාදීමත් සමග සිසුන්ගෙ අධ්‍යාපනය පිලිබදව රුචිකත්වයද ඇතිවුන බවට කිව යුතුමයි.
එතකොට බොහොමයක් සිසුන් පෞද්ගලික විශ්ව විද්‍යාල අධ්‍යාපනය හැදෑරීම තෝරගන්නෙ ඇයි ?

- තමන්ගෙ සිතැගි පරිදි උපාධි පාඨමාලාවක් තෝරා ගැනීමේ හැකියාව.
- උසස් පෙළ අවම සමත් එනම්, S3 යටතේ වුනත් අදාල පාඨමාලාවක් ඔස්සෙ උසස් අධ්‍යාපනය හැදෑරීමේ හැකියාව.
- උසස් පෙළ පෙළ පළමු වරට සමත් සිසුන් බොහොමයක් නැවත වරක් විභහගයට පෙනී සිටින්නේ නම් මීළඟ වතාවේ දී විශ්ව විද්‍යාලය ප්‍රවේශය හිමිකර ගන්නා බවට විශ්වාසයක් තිබිය යුතුය.එසේත් නැතිනම් වසර ගණන් වැය කිරීම කාලය නාස්ති වීමක් බව මගෙ මතයයි.එහිදී එක්වරක් උසස් පෙළට පෙනී සිට සමත්නම් පෞද්ගලික විශ්ව විද්‍යාලයක් ඔස්සේ උසස් අධ්‍යාපනය හැදෑරීමෙන් තම කාලය ඉතිරි කර ගත හැකි වනවා සේම අවම වයස කින් වයසකින් රැකියා සඳහා පුහුණුව ලබාගත හැකි වීම.
- ලංකාවේ වෙනත් ස්ථානයකින් හැදෑරිය නොහැකි උපාධි වැඩසටහනක් හැදෑරිය හැකිවීම.
- ලංකාවේ පිළිගත් බොහොමයක් පෞද්ගලික විශ්වවිද්‍යාලයයන් කොන්දේසි සහිතව ඉතාමත් උසස් තත්ත්වයේ අධ්‍යාපනයක් ලබා දීම. ලංකාවේ විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම්වල දී ඇතැම් පුද්ගලික විශ්ව විශ්වවිද්‍යාලයයන් රාජ්‍ය විශ්ව විද්‍යාලයන් පවා අභිබවා මුල්තැන් අතරට පැමිණ ඇත.
- බොහොමයක් පෞද්ගලික විශ්ව විද්‍යාලයන් තොරතුරු තාක්ෂණ,ව්‍යාපාර සහ ඉංජිනේරු යන ක්ෂේත්‍රයන් මූලික කරගත් ඒවා අතර රැකියා අවස්ථා සඳහා එම විශ්ව විශ්වවිද්‍යාල මගින් ඉහළ පිළිගැනීමක් ලැබීම.
ඔබ රාජ්‍ය විශ්ව විද්‍යාලයක් තෝරාගැනීමේදී උපාධි වල පිලිගැනීම, විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් ,පහසුකම් සහ සේවාවන් පිළිබඳව විශේෂයෙන් සොයා බැලීමක් සිදු කළ යුතු වන්නේ නැත. එහෙත් ඔබ ඔබගේ මුදල් ගෙවා අධ්‍යාපනය සඳහා පෞද්ගලික විශ්ව විද්‍යාලයක් තෝරාගන්නෙ නම් අනිවාර්යයෙන්ම ඉහත කී පිළිගැනීම ශ්‍රේණිගත කිරීම් සහ පහසුකම් යන සියල්ල පිළිබඳව ඉතාමත් හොඳින් සලකා බැලිය යුතුය.
මෙහිදී ඔබ පෞද්ගලික විශ්ව විද්‍යාලයන් උසස් අධ්‍යාපනය සඳහා තෝරා ගන්නේ නම් ශ්‍රී ලංකාවේ පවතින ශ්‍රේණිගත කිරීම් වල ඉහලින්ම ඇති ගුණාත්මක මෙන්ම විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ශ්‍රී ලංකා විශ්ව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලත් ආයතනයන් පහත දක්වා ඇත.

(1) Sri Lanka Institute of Information technology (SLIIT)
(2) Sri Lanka Institute of Development Administration
(3) National Institute of Fisheries and Nautical Engineering
(4) National Institute of Social Development
(5) National Institute of Business Management (NIBM)
(6) South Asian Institute of Technology and Medicine (Pvt) Ltd. (SAITM)
(7) National School of Business Management Limited (NSBM)
(8) Colombo International Nautical and Engineering College (CINEC)
(9) Sri Lanka International Buddhist Academy
(10) The Institute of Chartered Accountants of Sri Lanka (CA)
(11) SANASA Campus Limited
(12) Horizon Campus
(13) KAATSU Highly Advanced Medical Technology Training Centre(Pvt) Ltd
(14) Nagananda International Institute for Buddhist Studies (pvt) Ltd
(15) Aquinas College of Higher Studies
(16) Institute of Technological Studies
(17) SLT Campus (Pvt) Ltd
(18) Saegis Campus (Pvt) Ltd
(19) British Computer Society (BCS)
(20) Sri Lanka Institute of Architects (SLIA)

ඔබට පෞද්ගලික විශ්ව විද්‍යාල ඇතුලු අධ්‍යාපනික ආයතනයෙන් පිළිබඳව වැඩිදුරටත් විස්තර සහ තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් දැන ගැනීමට අවශ්‍ය නම් පහත වෙබ් අඩවියට පිවිසෙන්න.
Recognized Degree Awarding Institutes & Degree Programs
එම ලැයිස්තුවට අමතරව තොරතුරු තාක්ෂණ උපාධි ඇතුළු වෙනත් උපාධි රැසක්ම ලබාදෙන ශ්‍රී ලංකාවේ පිළිගත් අධ්‍යාපන ආයතනයන් දිස්ත්‍රික් මට්ටමින් ඇත. ඒවා නම්,
(1) Informatics Institute of Technology (IIT)
(2) International College of Business & Technology (ICBT)
(3) Asia Pacific Institute Of Information Technology (APIIT)
ඔබට එක් එක් විශ්වවිද්‍යාලයයන් ගැන සහ අදාල උපාධි පාඨමාලාව පිළිබඳව , ගෙවීම් ,ඉගැන්වීම් මාධ්‍ය ,පිලිගැනීම , පාඨමාලා ඇතුලත්වීම් ,රැකියා අවස්ථා ඇතුළු වැඩිදුරටත් තොරතුරු ලබා ගැනීම සඳහා ආයතනයන් සඳහා වෙන් වූ වෙබ් අඩවි වලට පිවිසීමට ඔබට හැක.