ලාඕසය ඉන්න හිතෙන රටක් වුණ හැටි…. (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අපි ලාඕසයට ආපු මුල දවස්වල ව්යාපෘතිය හරිම කාර්ය බහුලයි. ඉතින් ව්යාපෘතියේ අපට නවාතැන් ගන්න ඉඩ නොතිබුණ නිසා කිලෝමීටර විසි පහක විතර දුරකින් තිබුණ සයියාබුලි නගරයේ ලැගුම් හලක තමයි අපට නවතින්න උණේ.
ලාඕසයේ කෑම ලාඕ , තායි කාරයින්ට ඇරුණම කන්න පුළුවන් බල්ලන්ට පමණයි. පිළී රහ ගිණිකොණදිග ආසියාවේ ජීවනාලිය වගේ. කුණු රසයි කුණු ගඳයි මදිවට මදුරුතලා දෙහිකොළ තව කැළෑකොල දාලා හදන කෑම කෑවොත් අපායේ කෑම ගැන අදහසක් ගන්න පුළුවන්. ව්යාපෘතියේ විදේශිකයින්ට සැකසුණ අවන්හලක් තිබුණත් නගරයේ ඉඳල සේවයට යන අපට ඒ අවන්හලෙන් කන්න වෙලාවකුත් නෑ. ඉතින් දවස් දෙකතුනක් බිත්තරයි බතුයි කකා ඉන්නම බැරිතැන කෑම හොයමින් මම සයියාබුලි නගරය පුරාම ගියා. ඔහොම යනකොට එක බාබකිව් තට්ටුවක හිටිය කාන්තාවක් ඉංග්රීසියෙන් කතා කළා !
මෙහේ කෙනෙක්ගෙන් ඉංග්රීසි වචනයක් ඇහෙනවා කියන්නෙ නෑයෙක් හමු වුණා වගේ තමා ඉතිං 😇 බාබකිව් කියන්නෙ මෙහෙ කෑම වලින් අපට හරියන කෑම අතලොස්සෙන් එකක්. ඉතිං බාබකිව් කෑල්ලක් කකා කතාව පටන් අරගෙන ටික වෙලාවකින් අපේ කණ්ඩායමට අපට ඕන විදියට කෑම උයල දෙන්න තිප්නාකා එකඟ වුණා. මම අපේ උයන්න දන්න කොල්ලෙක් ගෙන්නලා එදාම ව්යංජනයක් හදන හැටි ගැන මූලික පාථමාලාව එයාට දුන්නා. ඉතින් තුනපහ නැතුව චීන පහේ වලින් හදාපු තිප්නාකාගේ ව්යංජන අපට ඇත්තටම යාදුන්නා.
දවසක්දා ඉරිදාවක මම කාමරේ හිටි අතරේ එක්වරම කෑම අරන් ආව තිප්නාකා එක්ක හිටපු හා පැටියෙක් වගේ කෙලිපැටියෙක් මගේ ඇඳට පැන්නා ! ශ්රී ලංකාව ගැන අසාවත් නැති ලාඕස ගැහැණුන් මෙන්ම පිරිමින්ද මූණ පුරා රැවුල වවාගත් ඇඟපුරා රෝම පිරීගත් සෝ කෝල් ඉන්දියානු ගෝරිල්ලන් ඔවුන්ට අප්රසන්න බව නිහතමානීව පැවසුවද පියෙකු නැති යස්මින්ට මේ ගෝරිල්ලා කිසිම අපුලක් දැනවූයේ නැහැ.
එදා ඉඳල අද වෙනතුරු යස්මින් මට ආදරෙයි. ඉතාම දරිද්රතාවයෙන් පෙළෙන ලාඕස වැසියන්ට සෞඛ්යය පමණක් නෙවෙයි අධ්යාපනයවත් නොමිලේ රජයෙන් දෙන්නේ නෑ. පඩි නැතුව වසර ගණනක් සේවය කළ පාසල් ගුරුවරු මගේ ළඟ ගෝලයො හැටියට වැඩ කරනවා. ඒක ඛේදවාචකයක්. ඉතින් යස්මින්ට හොඳ අධ්යාපනයක් දෙන්නේ කොහොමද ? මම කල්පනා කළා. ටික වෙලාවකින් මට හොඳ අදහසක් ආවා !
කන්න කියලා ඩොලර් තුන්සීයක් ලැබුණට කන්න යන්නේ සීයයි නොවැ. මම වහාම මගේ බිරිඳට කතා කළා. සුරම්මි , තිප්නාකාගේ කෙළි පැටික්කිට හොඳ පාසලකට යන්න කෑමට තියාගෙන මගේ වියදම් සල්ලි දෙන්නද ?
නෑ ඔයා ඔක්කොම දෙන්න කෑමට සල්ලි මම එවන්නම් ! මගේ බිරිඳ එහෙමයි.
ඉතින් කාලයත් එක්කම අපිට ව්යාපෘතියේ නවාතැන් හිස් වෙනකොට නවාතැන් ලැබිලා කෑම ගැටළුත් විසඳුනා. සයියාබුලියේ නිවසත් මටම භාරදීලා තිප්නාකා වං වියං වලට ගියා යස්මින්ව උසස් පාසලකට දාන්න ! යස්මින්ට වඩා එදාවේලවත් හරියට කන්න නැති ලාඕ දරුවෝ ඕනෑ තරම්. ඒත් මම යස්මින්ට ආදරෙයි. ඒ නිසා ඒ දරුවන් පරයා යස්මින් හැම වෙලේම ඉදිරියෙන්. යස්මිනුත් මගේ දුව සූකිරිත් අතර මොන වෙනසක්ද ? ❤ 
උපුටා ගැනීම:  Thilina Anupriya Ariyarathna

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!