මම දැන් ඉන්නේ මගේ ජිවිතේ අන්තයට වැටුණු අවස්ථාවක. මගේ මව පියා මිය ගිහින්. මගේ නෑදෑයෝ යහළුවෝ සියලු සම්බන්දතාවයන් නැති වෙලා. මගේ ව්‍යාපාරය බින්දුවටම කඩා වැටිලා. විශ්ව විද්‍යාලයට තේරුණේ නැහැ. මගේ අසමත් වීම් එක්ක ම සියලු බලාපොරොත්තු සුන් වෙලා.
සමහරවිට මේ ඔයාට ඇහුනේ ඔයාගේම හිත ඔයාට කියන දේ වෙන්නත් ඇති. මේ මොහොත වන විට ඔයා ඉන්නේ මොන තත්වයක වුනත් මං දැන් මේ කියන කතාවෙන් ඔයාගේ ජීවිතේම වෙනස් කරන්න පුළුවන්.
මං මේ කියන දේ ඔයා දැනගත්තට පස්සේ ඔයාට ඕන හැමදේම ඒ තුලින් ලැබෙනවා කිවුවොත්, ඔව් ඔයා ටිකක් පුදුම වෙයි. සතුට ධනය නිරෝගිකම. ඔයාට අවශ්‍ය ඕනෑ ම දෙයක්. ඕනෑ ම ප්‍රමාණයකින්.
ඔයාට ඕන මොන වගේ ගෙදරක් ද වාහනයක් ද? ඔයා කැමති ලක්ෂපතියෙක් වෙන්න ද? ඔයාට ඕන ව්‍යාපාරයක් පටන් ගන්නද? සාර්ථක වෙන්න ද? නැත්නම් මේ වෙලාවේ ඔයාට ඕන ඔයාගේ ශරීරයේ තියන රෝග සුව කරගන්න ද? ඇත්තටම ඔයාට මොකක් ද ඕන?
හැබැයි මේ සියල්ල සිදු වන්නෙ ඔයා මේ රහස යොදා ගන්න දැන ගැනීම තුලින්. ඔයා දැන් හිතනවා ඇති මෙ මොකක් ද කියලා.
ලෝකයේ සියලුම දෙනා තුල ඇති අසිමිත බලය, හැම කෙනෙකුට ම තියෙන එකම නිතිය, ඒ තමයි ආකර්ෂණය. Law of attraction.
Law of attraction ගැන මේ වෙනකම් විස්තර කරලා තිබුන දේවල් වලින් හොඳම විදියට අපිට ලැබුණේ The secret කියන documantry එකෙනුයි.
සරලව ම කිවුවොත් Law of attraction කියන්නේ ඔයා හිතන පතන දේ නැත්නම් සිතුවිලි, ඔයා ජිවත් වෙන සිතුවිලි අනුව ඔයාට ආකර්ෂණය වෙන දේවල් වෙනස් වෙනවා කියන එකයි.. ඔයාගේ ජිවිතයට එන්නේ ඔයා ආකර්ශනය කරන දේවල් විතරයි. ඔයාගේ හිතින් හිතලා මනසින් මවා ගන්න චිත්රයේ බලය අනුව ඒ දේ ඔයාට ආකර්ශනය වෙනවා. ඔයාගේ සිතුවිලි, යම්කිසි දෙයක් විදිහට එළියට එනවා. මිනිසුන්ගේ සිතුවිලි තුල ඒ තරම් බලයක් තිබෙනවා.
ඔයා නිතරම ඔයාගේ සිතුවිලි වලින් දකින්නේ ඔයාගේ රැකියාවේ උසස් වීමක් නම් ව්‍යාපාරයේ දියුණුවක් නම් ඔයාගේ අලුත්ම නිවස, වහනය නම්, නැත්නම් ඔයාගේ අනාගත සහකාරිය හෝ සහකරුවා ගැන නම් ඒ සිතුවිලි වල ජිවත් වීම තුලින් ඔයාව අවශ්‍ය තැනට අරගෙන යනවා.
ඒ වගේමයි අනිත් පැත්තටත්, නිතරම ලෙඩ ගැන හිතන කියවන අය බලන්න. එයාල සදාකාලික ලෙඩින්. නැත්නම් ලෙඩ ගැන බයෙන් ඒවා ගැන හිතන අයටත් එහෙමයි. වර්ත්මනයේ ඇති වන සිතුවිලි තමයි අනාගතයේදී ආකර්ෂණය වෙන්නේ. ඔයා දැන් ඉන්නෙත් හිතින් පසු තැවෙන ගමන් නම් නැ බෑ මටමයි වෙන්නේ වගේ නම් මේ negitive සිතුවිලි ඔයාව ගෙනියන්නේ ඒ පැත්තට.
ඇත්තට ම අපිට අවශ්‍ය සියලුම දේ අපෙ වටේම තියෙනවා.
ඔයා බලාපොරොත්තුව් අ හේවල් වගේම ඔයාට ඈත් වෙන්න ඕන දේවලුත්.. ඒ හැමදේම ඔයාට අකර්ශනය වෙනවා.
උදාහරණයක් විදිහට හිතමු , අනතුරක් වෙනවට, ණය වෙන්න සිද්ධ වෙනවට ඔයා කැමති නැ කියලා. ඔයා දුක් වෙන මැසිවිලි නගන දේවල්. එත් ඇත්තම දේ නම් ඒ සියල්ල ම ඔයා ආකර්ෂණය කරලා තියනවා. තරහ දුක බලාපොරොත්තු කඩවීම් මේ කියන negetive දේවල් ගැන හිතන එකෙන් ඒවා ඔයාට ආකර්ශනය වෙනවා.
සරලවම දුප්පත් මිනිසුන් තවත් දුප්පත් වෙන්නත් පොහොසතුන් තව තවත් දියුණු වෙන්නත් හේතුව මෙයයි. දුප්පතුන් අපිට නෑ බෑ කියන සිතුවිලි එක්කම ජිවත් වෙද්දී පොහොසතුන් සිතන්නේ ඒ අයගේ අනාගත සැලසුම් ගැන. ඉස්සර ඉදන් ම බලය තියෙන මිනිස්සු අතර ම බලය තියෙනවා. ඒ අය යටතේ බොහෝ පිරිසක් එකම විදියට වැඩ කරනවා.
මේක නිකන් කාන්දමක් වගේ. ඔයා හිතන දේ ආකර්ෂණය වෙනවා. මිනිස්සු විදියට අපි කරන්න ඕන අපිට අවශ්‍ය දේ පමණක් සිතීම. අපිට අවශ්‍ය දේ නිවැරදිව හා පැහැදිලිව අපේ හිත තුල තියෙන්න ඕන.
මේ වෙද්දී මං මේ කියන දේ මොකක් ද කියලා යම් කිසි දුරකට ඔයාට පැහැදිලි වෙලා ඇති. ඔයාගේ සියලු සිතුවිලි ඔයා වෙත ආකර්ශනය වෙනවා. හොද හෝ නරක සියල්ල ඔයා වෙත ඇදී එන්නේ ඔයාගේ සිතුවිලි තුලින්.
Law of attraction නොදන්නවා වුනත් මිනිසුන් තමන්ගේ සිතුවිලි ඔස්සේ විශ්වාසයෙන් ඉදිරියට යන අවස්ථා ද නැත්තේම නෑ. නමුත් ඒ දැන හෝ නොදැන සිදු වෙන්නෙ ආකර්ෂණයක්මයි.
ඒ වගේම තමන් ගැනවත් විශ්වාසයක් නැතුව අතන මෙතන අදාලත්වයක් නැති දේ ගැන කතා කරන අයත්.. Social media වල අනිත් හැමදේම අඩුපාඩු හොයා හොයා comments කරන අයත්, ඒ වගේ negative දේවල් එක්ක කාලය ගත කරන පුද්ගලයන්ගෙ ආකර්ෂණය සිදු වන්නෙත් ඒ සිතුවිලි අනුවයි.
එහෙනම් වෙනස් කල යුත්තේ ඔයාගෙ සිතුවිලි!
හිතින් වැලපෙමින් අර ප්‍රශ්න මේ ප්‍රශ්න ගැන සිතන එක මුලින් ම නතර කරන්න.
ප්‍රශ්න ගැන හිතන්නේ නැතුව ප්‍රශ්න විසදුනම ඔයා ඉන්න තැන ගැන හිතන්න. කවදා හරි ඔයාට අවශ්‍ය දේ ගැන හිතන්න.
මේ කියන්නේ සිතුවිලි ඔක්කොම එක පාර අරගෙන ඔලුව පිස්සු වට්ටගන්න කියලා එහෙම නෙවෙයි. ඔයාට අවශ්‍ය සිතුවිලි තුල ජිවත් වෙන්න. ඔයාගේ සිහින, අවශ්‍යතා ගැන නිතර හිතන්න ඒවා ගැන ලියන්න. ඔයාට නිතර පෙන තැනක ඒවා තියාගන්න.
කවදාවත් ඔයාගේ සිතුවිලි ගැන බයක් තරහක් ඇති කර ගන්න එපා. ඒ හැමදේම ටිකෙන් ටික ඔයා ලගට එනවා. ඔයාගේ අවශ්‍යතාවට යන්න සුදුසු මාර්ග ඔයාට ලැබෙනව.
මුලින්ම ඔයාගේ හොද සිතුවිලි ගැන නිතර ම හිතන්න. ඔයාගේ ජීවිතය තීරණය වෙන්නේ ඔයා නිර්මාණය කරන විදියටයි. දෙවියන්ගෙන් ලැබෙන දේ හෝ ලැබෙන්න තියෙන දේ යන සියලු දේ නිර්මාණය කරන්නේ ඔයාම තමයි.
දැන් ඔයා හිතයි. මේක හොඳ අදහසක්. එත් මට මේක කරන්න පුළුවන් ද? අරය මෙක කරන්න මට ඉඩ දෙයි ද? එක කරන්න මට සල්ලි ඇති වෙ ද? මට ඒ තරම් ශක්තියක් නැ. මන් පොහොසත් නැ. මට නැ මට බැ. එතකොට හැමෝම මට නැ බැ කියන එක නිර්මාණය කරගන්නවා. Negetive දේවල් වලට හිත යන එක නතර කරන්න. එක ටිකක් කල් යනකම් අමාරු වෙයි. මොකද සමාජයේ ඔයා ගොඩක් දකින්නේ negetive දේවල්. එත් ඒ සිතුවිලි වලින් මිදෙන්න උත්සහ කරන්න.
දවසේ හැම වෙලාවේම හොද හුස්මක් අරන් “මට මේ ලැබුණු හැමදේටම ස්තුතියි” කියලා හිතන්න.
හැමවෙලාවෙම ඔයාට සතුටින් ඉන්න පුළුවන් දේ කරන්න. ඔයා අභ්‍යන්තරයෙන් සතුටින් ඉන්න තරමට ඔයාගේ ගමන ඔයාට යන්න පුළුවන්. ඔයාට සතුටු හිතෙන ඕනෑම දෙයක් ඔයාට තවත් ආකර්ෂණය වෙනවා. හැම වෙලාවේම ඔයා කැමති විදියට ඔයාගේ හොද දකින්න. ඒ හොද දේවල් අපි අදහන ආගම් වලින් නිතරම කියල දෙනවා. ජිවිතයේ සාර්ථක වුණු මිනිස්සු ගැන නිතරම හොයල බලන්න.
මෙතන ඉදාලා ඔයා ලෝකයට අලුතින් ඉපදුනු කෙනෙක් විදියට හිතන්න පටන් ගන්න. ඔයා අති විශිෂ්ට නිර්මාණකරුවෙක්. ඉදිරියට යන්න ඔයාට අවශ්‍ය දේ හිතන්න. ඔයාට ඕන අත්දැකීම ආකර්ෂණය කරගන්න. ඔයාට ඕන දේවල් තීරණය කරන්න. වැඩි කාලයක් අරන් තොරතුරු රැස් කරන්න. ඒ තොරතුරු ඔයාට අවශ්‍ය දේ මොකක් ද යන්න තීරණය කරන්න උදව් වේවි. ඔයාගේ නියම කාර්යය වෙන්න ඕන ඔයාට අවශ්‍ය දේ තීරණය කරන එකයි. දැන් ඒ ගැන අවදානය දෙන්න. ඒ ගැන අවදානය දීලා එය ආකර්ශනය කරන්න. ඒ තමයි ඔයාගේ නිර්මානාත්මක ක්‍රියාවලිය.
ඔයා ඕනෑම වයසක ඕනෑම තරාතිරමක ඕනෑම මට්ටමක සිටින කෙනෙක් විදියට මේ දේ සිතන්න පටන් ගත්ත මොහොතේ පටන් මේ ලෝකයටත් වඩා විශාල ඔයාගේ බලය විවෘත වෙනවා. ඒ සියලු දේ වෙන්නට ඉඩ හරින්න. එයින් ඔයාට හැම දෙයක්ම ලැබේවි.
මේ වෙද්දී ඔයා මේ කියන දේ බොහෝ දුරට තේරුම් අරන් ඇති. මේ දේ එක්ක හිතන්න පටන් ගන්න, තමන්ගේ “ඇලඩින්ගෙ පුදුම පහන” තමන් ම වෙන්න…
-පැතුමි තත්සරණි
මූලාශ්‍රය: Oii Youtube ආගමනය | Law Of Attraction